Sunday, October 5, 2025

Jane Goodall, 1934–2025: A scientific pioneer whose moral appeals could not confront capitalism

The death this week of Jane Goodall, at the age of 91, closes a chapter in the history of modern science and environmental advocacy. #Goodall was justly celebrated for her pioneering studies of chimpanzees in Gombe, Tanzania, which transformed the field of primatology and altered the way millions of people saw the relationship between humans and the natural world. Yet her stature as a global moral voice for conservation was ultimately constrained by the narrow framework of individual responsibility and moral persuasion. In an epoch where climate change, deforestation and mass extinction are driven by the systemic imperatives of capitalist profit, this outlook proves inadequate.

Jane Goodall (1934-2025)

Goodall began her research in 1960 with little formal training but a profound fascination for the lives of chimpanzees. Rejecting the sterile detachment of earlier zoology, she gave names to the individuals she studied, documented tool-making and hunting, and revealed the complex social bonds and conflicts within their communities. These discoveries shattered long-held dogmas about the “uniqueness” of humans and earned her international recognition.


Over time she moved beyond fieldwork into global advocacy. The Jane Goodall Institute and the Roots & Shoots program sought to educate and inspire millions, particularly young people, to take responsibility for the environment, to plant trees, to conserve habitats and to resist indifference to the plight of endangered species. She spoke tirelessly, often with extraordinary personal warmth and sincerity, about the need for change.


In recent months, following the Trump administration’s dismantling of public funding programs, millions of dollars were cut from the Jane Goodall Institute. This compelled Goodall to turn to corporate sponsors, raising serious questions of conflict of interest. She justified these alternative funding sources on the grounds that they were “environmentally sustainable” in their operations — a rationale that further underscored the limitations of her perspective, which sought accommodation with corporate interests rather than a political struggle against them.


Goodall’s advocacy, however admirable in intent, never rose to the level demanded by the crisis she so clearly described. Her central message was always directed at individual responsibility: to recycle, to consume less, to plant, to demand that leaders “do the right thing.” She even went to the extent of identifying a phenomenon of  “over-population” as a global crisis. At times, she directed her appeals to political leaders and even corporate executives, convinced that appeals to conscience—“speaking to the heart,” “telling stories”—and to reason could temper the capitalist destruction of the planet. For her, this was what sustained “hope.”


Here lies the fundamental weakness. Appeals to the morality of the ruling class presuppose that ecological devastation is the result of poor choices or ignorance, rather than the inexorable outcome of the profit system. The multinational agribusinesses, fossil-fuel corporations, and financial oligarchies that plunder rainforests and poison ecosystems are not misguided individuals but expressions of a social order driven by the accumulation of private wealth.


Technology—together with the labor force—constitutes the core of the productive forces and is the fundamental motor of social progress. Yet technique itself is not autonomous; it is shaped and limited by the prevailing social regime. Science, once it attains a certain stage of development, becomes a direct productive force. But science does not develop in a vacuum. It evolves within human society, which is divided into classes. The ruling, possessing class controls technique, and through it, commands nature itself.


This points to the real barrier confronting all conservationist projects: under capitalism, science and technology are subordinated to private property and profit. Goodall’s faith in persuasion could not address this reality.


The liberation of science from the fetters of private ownership is a precondition for humanity’s harmonious relation with nature. The significance of this for the ecological crisis is clear. No amount of individual virtue can overcome the structural imperatives of capital accumulation. Conservation requires the conscious, collective, and democratic reorganization of global production by the international working class. Rainforests, biodiversity, the atmosphere itself — these cannot be defended on the basis of private profit. They require socialist planning on a world scale.


Jane Goodall’s life and work reflected a deep love of the natural world and an unflagging effort to awaken humanity’s conscience. For this she deserves respect and remembrance. Yet the tragedy of her political perspective was that it sought salvation in the morality of the very order that has brought the planet to the brink of catastrophe.


In honoring her memory, the working class and youth who today fight to save the environment must draw the necessary lesson: moral appeals and individual responsibility are no substitute for the struggle to overthrow capitalism. The defense of the natural world requires the conscious intervention of the international proletariat, armed with a socialist program, to reorganize production for human need, not private profit.

Image courtesy of The Sydney Morning Herald.

Monday, September 22, 2025

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ඉදිරි දර්ශනයන් හා කර්තව්‍යයන් - හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ප්‍රකාශය - 1986 ඔක්තෝම්බර් 10

පහත පල කරන්නේ, “විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ඉදිරි දර්ශනයන් හා කර්තව්‍යයන්” නමින් කම්කරු මාවත පත්‍රයෙහි 1986 නොවැම්බර් 15 දින පල කෙරුනු 1986 ඔක්තෝම්බර් 10 දිනැති හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ප්‍රකාශය යි. 


1985 -1986 වසරවල දී සමාප්තියකට ගෙන එනු ලැබූ බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂය තුළ ක්‍රියාත්මක වුණු ජාතික අවස්ථාවාදී හා සංශෝදනවාදී  දියකර හැරීමේ ප්‍රයත්නයන්ට එරෙහිව හජජාක කරන ලද දෘඩතර අරගලයෙන් පසු එහි ශාඛාවන්ගේ ඉදිරි වැඩපිලිවෙල සකස් කර ගැනීමේ දී, ලංකා ශාඛාව යටත් කර තැබුනා වූ හීලිවාදයට එරෙහිව පක්ෂයේ පන්ති ස්වාධීනතාවය ආරක්ෂා කර ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යාය මත පක්ෂය නැවත පීලි ගන්වා ගැනීමට ජාත්‍යන්තර කමිටුව ගන්නා ලද මුල්ම පියවරක් ලෙස මෙම ප්‍රකාශය සැලකිය යුතුය. 


දෙමල ජාතික ප්‍රශ්නය පිලිබඳ පක්ෂයේ ආස්ථානය හා වැඩ පිලිවෙල හා, ගොවි ජන ප්‍රශ්නය මෙම ප්‍රකාශයේ කේන්ද්‍රීය කාරනා ලෙස සාකච්චා කෙරේ. 


දෙමල ජාතියේ ස්වයංනීර්න අයිතිය වෙන් වී වෙනම රාජ්‍යයක් බිහිකිරීම මගින් සාක්ෂාත් කර ගැනීම මෙම ප්‍රකාශයෙන් එකල පිලිගැනුනි. එහෙත්, ස්වයංනීර්නය යන්නේ අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අනතර්ගතය හා එය සාක්ෂාත් කිරීමේ විධි යනු දෙකකි. මේ වෙනෙස පටලවා ගැනීම මාරාන්තික දේශපාලනික ව්‍යාකූලත්වය කි. ස්වයංනීර්න අයිතියේ අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ය නම්–මාක්ස්වාදීන් අදටත්, සෑම කල්හිමත්  පිලිගත් පරිදි–ජාතික පරපීඩනයෙන් නිදහස් වීමට ජාතියකට ඇති අයිතිය යි. ධනපති ක්‍රමය තුල ජාතීන්ගේ පැවැත්ම වෛශික සත්‍යක් ලෙස පලිගන්නා මාක්ස්වාදීන් ස්වයංනීර්නය ඉතිහාසය පුරා පිලිගත්තේ වාර්ගික හෝ ජාතික භේදයන් පරයා කම්කරු මහජනතාව දේශපාලනිකව එකතු කිරීම සඳහා ගත යුතු ආස්ථානයක් වශයෙනි. ඒ අනුව එය මාක්ස්වාදීන්ට නිශේධනාත්මක අයිතියකි. එය සාක්ෂාත් කිරීමේ එක් ආකාරයක් වශයන් වෙනම රාජ්‍ය කැබලි අටවා ගැනීම යන්න බෝල්කන් අර්බුදයේ පටන් ජාත්‍යන්තර කමිටුව නිවැරදි ලෙසම ප්‍රතික්ෂේප කලේය. හජජාක ට අනුව එය සාක්ෂාත් කල හැක්කේ කම්කරු පාලනයක් යටතේ සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිලිවෙ⁣ලේ කොටසක් ලෙස පමනි. ඒ නයින්, අධිරාජ්‍යවාදයේ අත්ගෙඩි ලෙස ක්‍රියාත්මක වුනු සෑම ආකාරයේම ජාතික බෙදුම්වාදී ව්‍යාපාරයන්ට කිසිදු සහනයක් පිරිනැමීම හජජාක ප්‍රතික්ශේප කලේය.


විකොස ඉදිරි වැඩපිලිවෙල පෙල ගස්වන මෙම ප්‍රකාශය සම්මත කෙරෙන්නේ ලංකාවේ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් මධ්‍යයේ, එක් අතකින් උතුරේ වර්ගවාදී සිවිල් යුද්ධයේ හා දකුනේ ගොඩ නැගෙමින් පැවති  දැවැන්ත කම්කරු අරගල, ගොවි ජන සටන් හා තරුන අසහනය මධ්‍යයේය. මෙම තරුන රැඩිකලීකරනය නොමග යැවූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ෆැසිස්ට් කැරැල්ල පත්තු කෙරුනු 1987-ජුලි ගාන්ධි-ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරුනේ මෙම ප්‍රකාශයෙන් වසරක්වත් ගත වීමටත් මත්තෙන් ය. 1987 මැද සිට 1990 දක්වා යූඇන්පී රාජ්‍ය භීෂනයෙන් හා ජවිපෙ ෆැසිස්ට් ක්‍රියාකාරකම් වලින් දකුන ලේ විලක් කරනු ලැබිනි. ජවිපෙ ගම්බද ගොවි පවුල්වල විරැකියාවෙන් පෙලෙමින් සිටි මැද පන්තික තරුනයන් තම ජනප්‍රියවාදී, ජාතිකවාදී, සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයෙන් අභිප්‍රේරනය කර ගන්නා විට එම තරුනයන්ට, විප්ලවවාදී පක්ෂය, එනම් විකොස, සමීපව පැවතියේ නැත. එම රික්තය පුරවනු ලැබුනේ වටිනා තරුන ජීවිත වල වන්දියෙනි. 


මීට සමගාමීව, පක්ෂය උතුරේ දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) “ජාතික විමුක්ති ව්‍යාපාරයක්” ලෙස සලකා ආරම්භයේ උපායමාර්ගික ප්‍රවේශයක් වශයෙන් දේශපාලන සහාය දීමෙන් උතුරු-නැගෙනහිර ෆැසිස්ට් සංවිධනයක් ලෙස වර්ධනය කෙරුනු ව්‍යාපාරයකට දෙමල කම්කරු, ගොවි, පීඩිත තරුනයන් ග්‍රහනය කර ගැනීමේ අවස්ථාව උදා කෙරුනි.  පක්ෂය යුද්ධයට එරෙහිව කම්කරු පන්තික වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේය. තිස් අවුරුදු ලේ වැකි යුද්ධය ලක්ෂ ගනනක ජීවිත බිලි ගත්තේය. 


මේ ඓතිහාසික සංකීර්න ක්‍රියා දාමයන් අවබෝධ කරගැනීමට අපි හැර්‍ර් ගත යුතුය. ඒ, ඉදිරි අරගල අප කර මතින් ගිලිහී නොයාම පිනිසය. 


එකී ඓතිහාසික සන්ධර්භයේ තබා හජජාක මෙම ප්‍රකාශය අධ්‍යයනය කරන ලෙස අපි ඔබට ඇරයුම් කරමු. 


***


විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ඉදිරි දර්ශනයන් හා කර්තව්‍යයන්

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ප්‍රකාශය - 1986 ඔක්තෝම්බර් 10

https://www.wsws.org/en/special/library/fi-14-1/03.html 


  1. කම්කරු විප්ලවවාදී පක්ෂ (කවිප) බ්‍රෂ්ටයන්ගේ පරාජයත් සමග හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ඉතිහාසයේ නව පරිච්ඡේදයක් විවෘතව ඇත. දශකයකටත් වඩා වැඩි කාලයක දී හීලි-බණ්ඩා-ස්ලෝටර් කල්ලියේ ජාත්‍යෝත්තමවාදී  හා සංශෝධනවාදී මැරවර පාලනය යටතේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදීන් ජීවත් වූයේ තමන්ගේම ලෝක පක්ෂය තුල අර්ධ නීත්‍යානුකූල තත්වයක් හා සමාන කොන්දේසි යටතේ විප්ලවවාදී පිලිවෙතක් ආරක්ෂා කල පීඩිත අඩු කන්ඩායමක් වසයෙනි. නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය මිත්‍යා දෘෂ්ටියක් වසයෙන් සලකන ලද අතර කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන් කල සියලු දෙනා සංවිධානාත්මක ප්‍රහාරවල තර්ජනය යටතේ ජීවත් වූහ. හීලිගේ දකුනු අත්කරුවා වූ එම්.බන්ඩා සිය මාඕවාදී දෘෂ්ටියත් ධනේශ්වර ජාතිකවාදී ක්‍රියාමාර්ගයත් ආවරනය කර ගැනීම සඳහා හුදෙක් වාචිකව ට්‍රොට්ස්කිවාදය මැතිරීය. දේශපාලන වාර්තාව විභාග කිරීමෙන් දැන් ඔප්පු වී ඇත්තේ බන්ඩා, නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ සමාජවාදී සටන්කරුවෙකු නොව අර්ධ-යටත් විජිත ධනේශ්වර පංතියේ හා ඔවුන්ගේ රාජ්‍ය දේශ සීමාවන්ගේ ක්ෂමාලාපකරුවෙකු බවයි. තම කටයුත්තට ගැලපෙන දීර්ඝ යාන්හෑලිවල උදව්වෙන් බංග්ලාදේශයෙහි ඉන්දියානු ආක්‍රමනයට සහාය දැක්වීමට ඔහුට හැකි වූ අතර ඉන්දුනීසියානු එකමුතුකමේ නමෙන් සුහර්තෝගේ අලුහෝසුවන් නැගෙනහිර ටිමෝරයේ සිදු කල බිහිසුනු ජන ඝාතන පවා ආරක්ෂා කිරීමට ඔහුට හැකි විය. 


1983 මාර්තු 13 වන දින කම්කරු විප්ලවවාදී පක්ෂයේ රැස්වීමක වේදිකාවේ ජෙරී හීලි, මයිකල් බන්ඩා සහ ක්ලිෆ් ස්ලෝටර්


අවස්ථාවාදයට එරෙහිව


  1. බන්ඩාගේ ධනේශ්වර ජාතිකවාදී අදහස් මැදපෙරදිග ධනේශ්වර ආන්ඩු සම්බන්ධව හීලිගේ බඩ දඟලවන අවස්ථාවාදයට මනාසේ ගැලපී ගත්තේය. ඉරාක කොමියුනිස්ට් පාක්ෂිකයන් ඝාතනය කිරීම හීලි අනුමත කරද්දී නැගෙනහිර ටිමෝරයේ ගොවි ජනතාව සමූල ඝාතනය කිරීමට බන්ඩා උද්වේගයෙන් යුතුව සහාය දුන්නේය. 1961-64 කාලයේදී සමාජවාදී කම්කරු පක්ෂය හා පැබ්ලෝවාදීන් අතර ප්‍රතිපත්ති විරහිත යලි එකමුතුවටත් 1964 ජුනි මාසයේදී බන්ඩාරනායක මැතිනියගේ හවුල් ආන්ඩුවට ලංකා සමසමාජ පක්ෂය ඇතුල් වීමටත් එරෙහිව කල අරගලයේදී ඔවුන් ආරක්ෂා කල මූලධර්ම මේ දෙදෙනාම පරිපූර්නව ම ප්‍රතික්ෂේප කර තිබුනි. හීලි හා බන්ඩා විප්ලවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) වෛර කලේත් ස්ලෝටර්ගේ සහාය ඇතිව එය කායිකවම විනාශකර දැමීමේ අටියෙන් වැඩ කලේත් ඒ හේතුව නිසයි. විකොස ඔවුන් විසින් පාවා දෙන ලද අතීතය නිරන්තරයෙන්ම ඔවුන්ට මතක් කර දෙන්නාක් පමනක් නොව ලොව පුරා ධනේශ්වර ජාතිකවාදීන් සමග ඔවුන් තහවරු කර ගැනීමට යත්න දැරූ ප්‍රතිපත්ති විරහිත සංධන මාලාවට එය කායික බාධකයක් ද විය. 


  1. විකොසට කවිප එල්ල කල පහරදීම් පිලිබඳ, ගැඹුරින්ම තැති ගැන්වෙන සුලු වාර්ථාවක් දැන් ජාත්‍යන්තර කමිටුවට ලැබුනි. මෙම පහරදීම් අතර,සංගමයේ නායකත්වයට මඩ ගැසීම, සිංහල වර්ගවාදීන් සමග එක් වී උගුල් ඇදීම හා ජයවර්ධනගේ මැරයන් විසින් එහි කේඩරය ඝාතනය කරනු ලැබීමට නිහඬව සහාය පිදීමට සූදානම් වීම යන සියල්ල ද ඇතුලත් විය. මෙම දුෂ්ඨ ක්‍රියා සඳහා සිය දේශපාලන අධිකාරය අනිසි ලෙස යොදා ගැනීමේදී ඊට මුහුන දී විකොස නැගී සිටි පරිදි නැගී සිටිය හැකිව තිබුනේ ට්‍රොට්ස්කිවාදයේ ජාත්‍යන්තරවාදී සම්ප්‍රදායයන්හි ගැඹුරින්ම මුල් බැස ගත්තා වූ ද ලෝක විප්ලවයේ අරමුනට නොසැලන සේ කැප වී ගැත්තා වූ ද පක්ෂයකට පමනි. 


නොනවතින විප්ලවය 


  1. දිගු කාලයක් අවසන දී, දැන්, ඉන්දු-උප මහාද්වීපයේ නිර්ධන පංතියේ හා පීඩිත ගොවි ජනතාවගේ කර්තව්‍යයන් සම්බන්ධව ට්‍රොට්ස්කිවාදයේ මූලෝපාය හා උපායන් සාකච්ඡා කිරීමට හජජාකට හැකියාව ලැබී තිබේ. පලමුවෙන්ම අපගේ වැඩ කටයුතු වලට මග පෙන්වන නිශ්චිත මූලික මූලධර්ම කිහිපයක් අපි තහවරු කරමු. හජජාක ශාඛාවෝ නිර්ධන පංතියේ පක්ෂයෝ වෙති. පසුගාමී රටවල ගොවි ජනතාවගේ ක්‍රියාකලාපයේ දැවෙන වැදගත්කම් අවබෝධ කරගන්නා අතරම අපගේ ශාඛා කිසිවිටෙකත් ගොවි ජන ව්‍යාපාරය සමඟ බද්ධ නොවිය යුතු අතර සුවිශේෂ නිර්ධන පංති අනන්‍යතාව මොනම අයුරකින්වත් නැති කර නොගත යුතුය. ජාතික ප්‍රජාතන්ත්‍ර විප්ලවය පරිපූර්නත්වයට ගෙන යා හැක්කේ නිර්ධන පංති ආඥාදායකත්වය මගින් පමනය යන මනා සේ තහවරු කෙරුනු සත්‍යයෙන් අපි පටන් ගනිමු. හජජාක තාවකාලික හා මතුපිට සාර්ථකත්වහන් ගැන උනන්දු නොවෙයි. එහි කේඩරයෝ විවිධාකාර ධනේශ්වර ජාතිකවාදීන්ට සේවාකම් කරන්නෝ නොව සමාජවාදී විප්ලවය මෙහෙයවීමට යත්න දරන්නාහු වෙති. 1927 සිදුවූ පරාජයේ ගඹුරු දේශපාලන පාඩම් වටහා ගැනීම ප්‍රතික්ශේප කිරීම නිසා චීන නිර්ධන පංතිය තුල මුල් බැසගත් මාක්ස්වාදී පක්ෂයක් ගොඩනැගීමේ අරගලය අතහැර දැමූ මාඕවාදයේ ගුන ගයනා ව්‍යාපාරයට සහභාගී වීම අපි පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරමු. ඉන්දුනීසියාවේ සිට කාම්බෝජය දක්වා ද අවසානයේ චීනය ඇතුලතම ද අත්දැකීම්වල ස්වරූපයෙන් පසුගිය 37 වසර ඇතුලත දී මාඕවාදයේ ශේෂ පත්‍රයක් සකස් කර ගැනීමේ ඇති තරම් අවස්ථා ලෝක නිර්ධන පංතියට ලැබී ඇත. 


  1. ආසියානු ජනතාව ජයග්‍රහනය කරා මෙහෙය වීමේ මූලෝපාය වර්ධනය කල හැක්කේ හජජාකට පමනකි. තම ශ්‍රී ලංකා ශාඛාවේ වැඩ කටයුතු ඉමහත් පරිස්සමෙන් සාකච්චා කරන්නේ මෙම අවබෝධයෙන් යුතුවයි. වෛශික තත්වයේ වර්ධනයට අනුරූපව හජජාක ජාතික ප්‍රශ්නය විශ්ලේෂනය කල අතර පහත සඳහන් නිගමනවලට එලඹියේය: 


අ). හජජාක ශ්‍රී ලංකා ශාඛාවේ ආස්ථානය පදනම් වී ඇත්තේ ජාතීන්ගේ ස්වයං-නීර්න අයිතිය පිලිබඳ ලෙනින්ගේ ආස්ථානය මත හා ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මතය. වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා දෙමල ජනතාවගේ ඉල්ලුමට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය වෙහෙස නොතකා සහාය දෙයි. ඓතිහාසික අත්දැකීම නිසක ලෙසම ඔප්පු කර ඇත්තේ සෝල්බරි ව්‍යවස්ථාවේ නිවට ඵලලාභීන් වන ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට ජාතීන් දෙක එකතු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට ලෑමට පවත්නා ඓතිහාසික ඓන්ද්‍රීය නොහැකියාවයි. 1947 පටන් ඔවුන් දෙමල ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රතික්ශේප කිරීම ජන ඝාතක යුද්ධයක් කරා වර්ධනය වී පැමින තිබේ. මෙම කොන්දේසි යටතේ වෙන්වීම දෙමල ජනතාවගේ උවමනාවන්ට ගැලපෙයි. ධනපති පංතියට හා එහි රාජ්‍යයට එරෙහිව සිංහල නිර්ධන පංතියේ පංති අරගලය වර්ධනය කිරීමට උදව් වෙයි. එමෙන්ම සිංහල හා දෙමල කම්කරු පංතිය හා දුගී ගොවි ජනතාව එකමුතු කිරීමට හොඳම කොන්දේසි සකසයි. 


ආ). දෙමල ජනතාවට තමන්ගේම රාජ්‍ය පිහිටුවා ගැනීමට ඇති අයිතිය සඳහා සටනේ දී විකොස සැමවිටම පටන් ගන්නේ නිර්ධන පංති ජාත්‍යන්තරවාදයෙන් ය. එබැවින් දෙමල ධනපති පංතිය වරප්‍රසාද සඳහා දරන තැතට එය කිසිදු සහායක් නොදෙයි. ජාතික අරගලය ඇතුලතදීම විකොස සෑම විටම නිර්ධන පංතියේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අතර දෙමල ධනපති පංතියෙන් හා සුලු ධනපති පංතිවලින් එහි ස්වාධීනත්වය තහවරු කර ගැනීමට සටන් කරයි. තමන්ගේම රාජ්‍යය පිහිටුවා ගැනීමට දෙමල ජනතාවට පවත්නා අයිතිය ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටින අතරම විකොස වැඩපිලිවෙල පෙන්නුම් කරන්නේ දුගී ගොවීන් සමගත් දකුනේ මහ ජනතාව සමගත් සමීප සහයෝගයෙන් යුතුව නැගී සිටින දෙමල කම්කරු පංතියේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ජයග්‍රහනය සිදුවන බවයි. ස්වයංනීර්නය සඳහා ජාතික අරගලයේ නායකත්වය ධනපති පංතියට භාර නොදෙන විකොස අවධාරනය කරන්නේ දෙමල ඊලාම් ස්වාධීනත්වය දිනාගත හැක්කේ සිංහල පීඩනයට එරෙහි ජාතික අරගලය, අධිරාජ්‍යවාදයටත් සිංහල හා දෙමල ධනපති පංති තුල සිටිනා එහි ඒජන්තයන්ටත් එරෙහි සමාජවාදී විප්ලවය සමග ඒකාබද්ධ කිරීම මගින් පමනක් බවයි. ජාතික විමුක්ති බලවේග විසින් ගෙනයනු ලබන සන්නද්ධ අරගලයේ ප්‍රගතිශීලී ස්වභාවය වටහා වන්නා විකොස කම්කරු-ගොවි සෝවියට් සභා පිහිටුවීමට ද, අධිරාජ්‍යවාදී හා ධනපති දේපොල අස්වාමික කිරීමට ද සටන් කිරීම මගින් එම අරගලය පෝෂනය කර, ප්‍රසාරනය කර , ගැඹුරු කිරීමට යත්න දරයි. 


ඉ). මෙම ඉදිරි දර්ශනය පෙරට ගෙන යා හැක්කේ සෑම සියලු තත්වයන්හිදීම දෙමල හා සිංහල කම්කරු පංතියේ පෙරමුනු බල ඇනිය වසයෙන් විකොස සිය කොන්දේසි විරහිත ස්වාධීනත්වය පවත්වාගෙන යෑමෙන් ය. සිංහල පීඩනයට එරෙහිව ධනේශ්වර ජාතික ව්‍යාපාරයත් සමග උපායාත්මක සන්ධානයන්ගේ අවශ්‍යතාව පිලිගන්නා අතරම මේ සෑම එකඟත්වයක්ම තරයේ ම නිශ්චිත විය යුතු අතර “වෙන්ව ගමන් කරනු! එක්ව පහර දෙනු!” යන ලෙනින්වාදී මූලධර්මය මත පදනම් විය යුතුය.


ඊ). ජාතික අරගලයේ ප්‍රගතිශීලී ස්වභාවය කොතෙක් උවත් සිංහල හා දෙමල කම්කරුවන්ට තිබිය හැක්කේ එක් විප්ලවවාදී පක්ෂයක් පමනකි: එම පක්ෂය නම් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය යි. සිවිල් යුද්ධය සිදුවන තත්වයන් යටතේ සංවිධානාත්මක නම්‍යතාවයන්ගේ අවශ්‍යතාව පිලිගන්නා අතරම විකොස දිවයිනේ සියලුම කොටස්වල කම්කරුවන්, එනම් සිංහල කම්කරුවන් වතු කම්කරුවන් හා දෙමල ජාතියේ කම්කරුවන් එකම ධජයක් යටතේ ඒකරාශී කිරීමට යත්න දරයි. දිවයිනෙහි දැන් පවත්නා සුවිශේෂ කොන්දේසි යටතේ උතුරේ ආරක්ෂකවාදය ද දකුනේ පරාජකවාදය ද ඒකාබද්ධ විප්ලවවාදී ක්‍රියාමාර්ගයක අනුබද්ධ කොටස් වන්නේය. 


එ). ජාතික ව්‍යාපාරයේ සාරභූත ධනේශ්වර ස්වභාවය වටහා ගන්නා අතර ම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එහි ප්‍රතිසංස්කරනවාදී හා විප්ලවවාදී අංශ අතර අවශ්‍ය වෙනසක් (එම්.බන්ඩා කී පරිදි ‘ව්‍යාජ’ වෙනසක් නොවේ) තහවරු කරයි,


  1. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුන දෙමල ධනපති පංතියේ මූලික නියෝජිතයන් ලෙස විකොස සලකයි. ඓන්ද්‍රියව සන්නද්ධ අරගලයට සතුරු මොවුහු ජාතික නිදහස සඳහා ප්‍රතිපත්තිගරුක ස්ථිරසාර සටනක් ගෙන යෑමට සමත් නොවෙති. එහි සම්පූර්න ඉතිහාසයම සමන්විත වන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ධනපති පංතියට නිර්ලජ්ජිත ලෙස පන්දම් ඇල්ලීමෙන්, නිවට සම්මුති වලින්, හා අමූලික පාවා දීම් වලින් ය. සිංහල පීඩිතයාගෙන් නිදහස පතනවාට වඩා ඔවුහු දෙමල ජනතාව කෙරෙහි බියෙන් පසුවෙති. දෙමල ජනතාව ඉදිරියේ දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ ද්‍රෝහී ස්වරූපය හෙලි දරව් කිරීම ද ජාතික ධනපතියන්ගේ උවමනාවන්ට ජාතික අරගලය යටත් කිරීමේ ඔවුන්ගේ ප්‍රයත්නය හෙලිදරව් කිරීම ද විකොස වගකීම වෙයි. 


දෙමල විමුක්ති සංවිධාන


  1. දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධනය වැනි විවිධ දෙමල විමුක්ති සංවිධාන විප්ලවවාදී ජාතිකවාදීන් සේ විකොස දකී. දෙමල මව්බිම මිලිටරිමය වශයෙන් විමුක්ති කර ගැනීම සඳහා ඔවුන් ගෙන යන දිරිය සම්පන්න අරගලය තිබිය දීත් ඔවුන්ගේ සුලු ධනේශ්වර දෘෂ්ඨිය ද ක්‍රියාමාර්ගයක් නැතිකම ද ජයග්‍රහනය අත්පත් කර ගැනීමට අවශ්‍ය තරම් පරිමාවකින් කම්කරුවන් ද ගොවි ජනතාව ද බලමුලු ගැන්වීමෙන් ඔවුන් වලකා සිටී. තවද දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ විනාශකාරී හා ඛාදක බලපෑමට එරෙහිව සටන් කිරීමටත් ඉන්දීය ධනපති පංතියේ ද්‍රෝහී යටි උගුල්වලින් දෙමල විමුක්ති ව්‍යාපාරයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමටත් ඔවුහු සමත් නොවෙති. මෙම කන්ඩායම් වල සුලු ධනේශ්වර ස්වභාවයෙන් තත්භව වන ඔවුන්ගේ ක්‍රියාමාර්ගික ව්‍යාකූලත්වය ඉන්දීය ධනපති පංතියේ මෙන් ම මොස්කව් හා බෙයිජිං ස්ටැලින්වාදීන්ගේ උගුල්වලට ද ඔවුන් ගොදුරු කරවන දේශපාලනික වංකගිරියක් කරා ඔවුන් ගෙන යයි. සෑම සියලු තත්වයන් යටතේම සිය දේශපාලන ස්වාධීනත්වය සුරක්ෂිත කර ගන්නා විකොස විප්ලවවාදී ජාතිකවාදීන්ගෙන් ස්වාධීනව කම්කරු පංතිය සංවිධානය කරයි. එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමේ අයිතිය තමන් වෙතම තබා ගනී. 


ඒ). ජාතික ස්වයංනීර්නය සඳහා උතුරේ කෙරෙන අරගලය ද දකුනේ කම්කරුවන්ගේ හා පීඩිත සිංහල ගොවීන්ගේ අරගලය ද අන්තර් සම්බන්ධිත ඓන්ද්‍රීය සමස්ථයක් වසයෙන් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සලකයි. මෙම අරගල දෙක අතර චීන මහා ප්‍රාකාරයක් නැතිවාක් මෙන්ම ඒවායේ වර්ධනයේ පූර්ව නිශ්චිත අනුපිලිවෙලක් ද නැත. උතුරේ විමුක්ති අරගලය විසින් උත්සන්න කරනු ලබන ලංකාවේ ධනවාදයේ වඩ වඩාත්  අසාධ්‍ය වන අර්බුදය සිංහල ජනතාවගේ ද දෙමල වතු කම්කරුවන්ගේ ද නැගිටීමක් ඇති කල හැකි අතර එවැනි නැගිටීමක් පූර්ව විප්ලවවාදී තත්වයක් නිර්මානය කර බලය සම්බන්ධ ප්‍රශ්නය න්‍යාය පත්‍රයෙහි අඩංගු කිරීමේ ඉඩ ඇත. එවැනි තත්වයකදී දිවයින පුරාම නිර්ධන පංති අරගලයේ ඒකාබද්ධ ස්වභාවය පෙරට ගෙනෙමින් ලංකාවේ නිර්ධන පංතිය හා ගොවි ජනතාව දෙමල විමුක්තිය වෙනුවෙන් තීරනාත්මක පහර එල්ල කරනු ඇත. සිදුවීම් වල ඇත්ත ගමන් මග කුමක් වුවත් සමාජවාදී අන්තර්ගතයක් ජාතික ව්‍යාපාරය තුලට ගෙන ඒමට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කරන අරගලය සිංහල මහ ජනතාවට ආවේශය ලබා දී උතුරේද දකුනේ ද පීඩිත ජනතාවන් අතර විප්ලවවාදී බැම්ම තහවරු කරනු ඇත. 



  1. දකුනු පලාතේදී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මුහුන දී සිටින ප්‍රධාන දේශපාලන කර්තව්‍ය ලසසප, ස්ටැලින්වාදී හා සීඩබ්සී නායකයින්ගේ ග්‍රහනයෙන් කම්කරු පංතිය මුදා ගැනීම ලෙසම පවතින බවට ජාත්‍යන්තර කමිටුව එකඟ විය. මෙම සටනේ හරි මැදින් පවතින්නේ දෙමල ජනතාවට එරෙහි කෙරීගෙන යන ජනඝාතක යුද්ධයට මෙම නායකයන් මිලිටරි මර්දනයට කෙලින්ම. සහාය දෙමින් වේවා, “වට මේස” සාකච්ඡාවලට නිවට ලෙස සහභාගී වෙමින් හෝ වෙනත් එවැනි ද්‍රෝහී ක්‍රියාවක රූපයෙන් වේවා දෙන සහායට එරෙහිව කම්කරු පංතිය බලමුලු ගැන්වීමයි. යුද්ධයට එරෙහි මෙම උද්ඝෝශනයත් සමග අත් වැල් බැඳ ගෙන යුද පරිශ්‍රමයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හාම්පුතුන්ගේ අවශ්‍යතා පරිදි ආන්ඩුවත් එහි බැලයනුත් ඉල්ලා සිටින ආර්ථික පරිත්‍යාග ප්‍රතික්ශේප කරන ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කම්කරු පංතියෙන් අධිෂ්ඨානශීලීව ඉල්ලා සිටී. 


ශ්‍රීලනිප සමග හවුල


  1. අධිරාජ්‍යවාදයේ තුච්ඡ ධනේශ්වර ඒජන්තයන්ටත් ඔවුන් රැඳී සිටිනා තරයේම ප්‍රතිගාමී වූ ධනේශ්වර රාජ්‍යයටත් එරෙහිව කම්කරු පංතිය මහා පරිමානයෙන් බලමුලු ගැන්වීමේ ක්‍රියාමාර්ගික පදනමක් වශයෙන් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමාජවාදී පිලිවෙතක් ඉදිරිපත් කරයි. ජාතික ධනේශ්වර ඒජන්තයන් අස්වාමික කිරීම සඳහාත් නිෂ්පාදන මාධ්‍යයන්හි කම්කරු අයිතිය හා පාලනය තහවරු කිරීම සඳහාත් සටනින් තොරව අධිරාජ්‍යවාදයට එරෙහි මොනම අරගලයක්වත් නැත. 


  1. අර්ධ යටත් විජිත ශ්‍රී ලංකාව මුහුන දී සිටින නොවිසිඳි ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ගැන ගැඹුරු අවබෝධයෙන් යුත් විකොස නිර්ධන පංතිය ද ගොවි ජනතාව ද අතර සන්ධානයක් සඳහා සටන් කරයි. දසක ගනනාවක් මුලුල්ලේ ගොවි ජනතාවගේ ඉතා මූලික අවශ්‍යතා පවා සැපිරීමට නොසමත් වූ ධනපති පක්ෂ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයට ආදේශකයක් ලෙස සිංහල ජාත්‍යෝත්තමවාදයේ මැතදෙඩුම් උපයෝගී කර ගෙන සිටිති. විප්ලවවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ශේප කිරීම මගින් හා ශ්‍රීලනිපය සමග හවුලකට පිවිසීම මගින් ලසසපය ගොවි ජනතාව ධනපති පංතියට බිලි දුන්නේය. ලසසපයේ ද්‍රෝහීත්වයට විවෘතවම සතුරුව, ගැමි නය අහෝසි කරන ලෙසත්, බැංකු ජනසතු කිරීම මගින් ඒවා ගොවීන් මත යොදන ග්‍රහනය සුන් කරන ලෙසත්, අතරමැදි ගසා කන්නන් අහෝසි කරන ලෙසත්, ඉඩම් ජනසතු කිරීම සඳහාත. ගොවි නිෂ්පාදිතයන්ට ගොවියාගේ ශ්‍රමයට මනා සේ සැසඳෙන නියමිත නිෂ්පාදන මිලක් සහතික කිරීම සඳහාත්, යහපත් ජීවන තත්වයන් සඳහාත් කෘෂිකාර්මික නිෂ්පාදනයට දිරිය දීම වස් අඩු පොලී නය හා වෙනත් පහසුකම් සඳහාත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය උද්ඝෝශනය කරයි. 


  1. ම්ලේච්ඡතම සූරාකෑමට අමතරව නිර්දය කොන් කිරීමට (පුරවැසි අයිතිය නැති කිරීම වැනි) ගොදුරු කරනු ලැබ සිටින වතු කම්කරුවන්ට එරෙහි පීඩනයේ මූලයන් ඇත්තේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර රාජ්‍යය ආරම්භ කෙරුනු හා සකස් වුනු ආකාරය තුල ම යි. මෙම පීඩනය, 1948 දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ප්‍රධානය කෙරුනු ව්‍යාජ නිදහසට එරෙහිව ට්‍රොට්ස්කිවාදීන් පෑවා වූ ලසසප නායකයන් දිගු කලකට ඉහත දී අමතක කලා වූ - ඓතිහාසික විරුද්ධත්වය මුලුමනින්ම සනාථ කරයි. 1948 ව්‍යවස්ථාවේ අලුත්ම අවජාතක පිටපත වනාහි එක ද ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් වත් ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ ධනපති පංතියට පවත්නා බැරිකම ලිඛිතව ඔප්පු කරන්නකි. සියලුම කොන් කිරීම් අහෝසි කරන ලෙස, වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය ලබා දෙන ලෙස, බුද්ධාගමට හා සිංහල භාෂාවට දී ඇති වරප්‍රසාද අවසන් කරන ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ඉල්ලා සිටී. ව්‍යවස්ථාව අහෝසි කිරීමට වතු කම්කරුවන්ට ඡන්ද බලය ඇතිව සහභාගී වීමට මුලු බලය ඇති අව්‍යාජ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවීම අවශ්‍ය කෙරේ. 


  1. මෙම ක්‍රියා මාර්ගය සාක්ෂාත් කල හැක්කේ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා ඉල්ලුම පෙරටු කර  ගනිමින් ධනපති පංතියේ සියලුම පක්ෂ වලට එරෙහිව කරන අරගලයක පදනම මත පමනකි. මෙම ඉදිරි දර්ශනය ඕනෑම ආකාර මහජන පෙරමුනකට - එනම් ධනපති පක්ෂවල ඕනෑම කොටසක් සමග දේශපාලන හවුල් වලට - ක්ෂමා විරහිතව එරෙහිව සිටී. මෙම කර්තව්‍යට අනුව ලසසප කොප නායකයන් ආන්ඩුව සමගත් ධනපති පක්ෂ සමගත් සියලු බැමි බිඳ හෙලා ඔවුන් අතට බලය ගෙන ඉහත විස්තාරනය කෙරුනු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමනු යැඉ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ඉල්ලා සිටී. මේ පදනම මත ම වතු කම්කරුවන්ගේ දක්ෂිනාංශික නායක තොන්ඩමන් ආන්ඩුවෙන් ඉවත්වනු යැයි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ඉල්ලා සිටී. මෙම ද්‍රෝහීන් හෙලිදරවු කර මහජනතාව විප්ලවවාදී පක්ෂය කරා දිනා ගත හැක්කේ මේ අයුරින් ය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ මෙම ප්‍රතිපත්තිය ට්‍රොට්ස්කිගේ ඉගැන්වීම මත පදනම් වී ඇත: 


කම්කරු - ගොවි ආන්ඩුවේ ක්‍රියාමාර්ගය 


“කම්කරුවන් හා ගොවීන් මත පදනම් වී ඔවුන්ගේ නමෙන් කථා කරන සියලුම පක්ෂ හා සංවිධාන ධනේශ්වර පංතියෙන් වෙන් වී කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා අරගලයේ මාවතට පිවිසෙන ලෙස අපි ඉල්ලා සිටිමු.  මෙම මාවතේදී ධනේශ්වර ප්‍රතිගාමීත්වයට එරෙහිව ඔවුන්ට පූර්න සහාය දීමට අපි පොරොන්දු වෙමු. ඒ සමගම කම්කරු ගොවි ආන්ඩුවේ ක්‍රියාමාර්ගය විය යුත්තේ යැයි අපි සිතන සංක්‍රමනීය ඉල්ලීම් මත අපි වෙහෙස නොතකා උද්ඝෝෂනය ගෙන යන්නෙමු.”


  1. කම්කරු - ගොවි ආන්ඩුව පිහිටුවීම සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ඉල්ලුම නිර්ධන පංතියේ ආඥාදායකත්වයට ප්‍රතිවිරුද්ධව පිහිටා ඉදිරිපත් කෙරෙන්නක් නොවේ. එය ඉදිරිපත් කෙරෙන්නේ තමන්ගේම සෝවියට් පාලනය පිහිටුවා ගැනීම සඳහා කම්කරු ගොවි ජනතාව බලමුලු ගන්වන සංක්‍රමනීය ඉල්ලීමක් ලෙසයි. නිර්දන පංති ආඥාදායකත්වයට බාධකයක් ලෙස විශේෂ ප්‍රජාතන්ත්‍රවාදී අවධියක් ඓතිහාසිකව දිග හැරෙන පංති අරගලය මත පැටවීමට දරන ඕනෑම තැතක් ප්‍රතික්ශේප කරන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එවැනි සියලු ප්‍රයත්න හෙලිදරවු කිරීම සඳහා සටන් කරයි. ඉහත ක්‍රියාමාර්ගය සඳහා උද්ඝෝෂනය සමඟ අත්වැල් බැඳ ගෙන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ධනේශ්වර රාජ්‍ය පොඩිපට්ටම් කර ගොඩ නැගෙන නව රාජ්‍ය බලයේ පදනම ලෙස කම්කරු ගොවි සෝවියට් සභා ඇති කිරීමේ උවමනාව ප්‍රචලිත කරන අතර කොන්දේසි පරිනත වූ විට ඒවා නිර්මානය කිරීම සඳහා සටන් කරයි.


සිංහල හා දෙමල ජනතාවගේ අරගලය


  1. සිංහල හා දෙමල ජනතාවගේ විප්ලවවාදී අරගලය ජාත්‍යන්තර කම්කරු පංතියේ ඉරනම සමඟ, ප්‍රථම කොටම කෝටි සංඛ්‍යාත ඉන්දියානු නිර්ධන පංතියේ ඉරනම සමඟ නොවෙන් කල හැකි සේ බැඳී ඇත. ඉන්දියානු කම්කරු පංතිය සමඟ සමීපතම සහෝදර සම්බන්ධතා ඇති කිරීමට දරන තැතෙහි දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දෙවැනි ලෝක යුද්ධය මධ්‍යයේ සමස්ත ඉන්දු උප මහාද්වීපයේ නිර්ධන පංතිය සඳහා ඒකාබද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ලංකා සම සමාජ පක්ෂය කල පුරෝගාමී වැඩ කටයුතු වල ඉතිහාසය විභාග කල යුතුව ඇත. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නිර්ධන පංතියේ උවමනාවන්ට ගැලපෙන එන මෙම සබඳතා පුනරුත්ථාපනය කිරීම සඳහා මුල් පියවර හැකි නම් ගත යුතුව ඇත. 


  1. කම්කරු විප්ලවවාදී පක්ෂ බ්‍රෂ්ටයන්ගේ උරුමය ජයගෙන ලෝක ව්‍යාපාරය ට්‍රොට්ස්කිවාදී ක්‍රියා මාර්ගයකින් යලි සන්නද්ධ කිරීමට ජාත්‍යන්තර කමිටුව ගෙනයන අරගලයේ දී තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දැන් තම අභ්‍යන්තර සංවිධානය කායිකව ශක්තිමත් කර ගැනීම සඳහා ඊට අනුරූප ඉදිරි පියවර ගත යුතුව ඇත. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය න්‍යායිකව යලි සන්නද්ධ කිරීම එහි පුවත් පත ප්‍රසාරනය කර, නව සාමාජිකයන් බඳවා ගෙන නව ශාඛා ගොඩනැගීමට හොඳම කොන්දේසි නිර්මානය කර තිබේ. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකත්වයේ පෙර නොදන්නා ලැදි කම ද ලෝක විප්ලවයේ අරමුනට ඔවුන්ගේ කැප වීම ද රාජ්‍ය මර්දන ඉදිරියේ ඔවුන්ගේ නිර්භීතකම් ද දන්නා හජජාක තම ශ්‍රී ලංකා ශාඛාව දැවැන්ත ඉදිරි පියවර ගැනීමේ අද්දරකට පැමින සිටින බව විශ්වාස කරයි. ඉන්දු උප මහාද්වීපය පුරාම ට්‍රොට්ස්කිවාදය සඳහා සත්‍යයෙන්ම දීප්තිමත් අනාගතයක් උදා වෙයි. 


(අවධාරනයන් අපෙනි)


Tuesday, May 27, 2025

සිංහල සිනමාවේ හෘද සාක්ෂිය: මාලිනී ෆොන්සේකාගේ නොනවතින සිනමා උරුමය

2025 මැයි 24 වන දින නිළි මාලිනී ෆොන්සේකාගේ අභාවය සිනමා යුගයක අවසානය සනිටුහන් කරයි. ඇගේ මිලියන ගණනක් වයස්ගත සහ තරුණ රසිකයන් විසින් හඳුන්වනු ලැබන ආකාරයෙන් ඇය නිසැකවම "සිංහල සිනමාවේ “රැජින" වූවාය. ඇගේ වෘත්තීය ජීවිතයේ දශක හයකට ආසන්න කාලය කීර්තිමත් පුද්ගලයෙකුගේ සරල චරිතාපදානයක් නොව, ඉතිහාසයේ බර, පුරුෂාධිපත්‍යය, පසුගාමීත්වය සහ පන්ති පීඩනය යටතේ සාමාන්‍ය ජනතාවගේ- විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිත සමඟ - ගැඹුරු සහ අඛණ්ඩ සිනමාත්මක හඳුනා ගැනීමකි. වාණිජවාදය, ජනතාවාදය, ජාතිකවාදය සහ මර්දනය යන රැලි අතර සිනමාව බොහෝ විට අරගල කරන රටක, ෆොන්සේකා සදාචාරාත්මක හා සෞන්දර්යාත්මක තරුවක් ලෙස රැඳී සිටි අතර, සත්‍ය වශයෙන්ම ඇය රගපා ඇති චරිත හැඟීම්, නිහඬ ප්‍රතිරෝධය සහ ඛේදජනක අවබෝධයෙන් පුරවා ඇත.

ෆොන්සේකා ආදරණීය නිළියක් ලෙස සරලව විස්තර කිරීම ඇගේ ප්‍රතිපදානයේ බැරෑරුම්කම මග හැරීමකි. ඇය සමාජ සවිඥානකත්වයක් ඇති කලාකාරිනියක් වූවාය - ඇයගේ රංගනයන් ශ්‍රී ලංකාවේ පශ්චාත්-නිදහස් කම්පන, එහි ඉටු නොවූ ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු සහ සෑම පැත්තකින්ම පීඩනයට ලක්වන පසුගාමී ධනේශ්වර සමාජයක ප්‍රතිවිරෝධතාවල බර දරා සිටියේය.

සිංහල සිනමාවේ අනර්ගතම සිනමා පටයක් වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "නිධානය" (1972) චිත්‍රපටයේ, ධනය හා උමතුවෙන් මිනී මැරීමට පෙලබෙන මිනිසෙකු විසින් ගොදුරු කර ගන්නා අහිංසක, අවාසනාවන්ත කාන්තාවකගේ චරිතය ෆොන්සේකා විසින් නිරූපණය කරයි. ඇගේ චරිතය හුදෙක් ගොදුරක් නොව, බිඳ වැටෙන වැඩවසම් ක්‍රමය පිලිබිබු කරන කැඩපතකි. ෆොන්සේකා නිශ්ශබ්දතාවය සහ සියුම් අභිනයන් හරහා, ඇයට එරෙහිව පෙළගැසී ඇති බලවේග වෙත සෙමින් අවදි වන පුද්ගලයෙකු ප්‍රකාශ කරයි. ඇගේ පරිත්‍යාගය හුදෙක් පෞද්ගලික නොවේ - එය තමන්ගේම අතීතයෙන් කොටු වූ සමාජයක අහිංසකත්වයේ මරණය රූපක වශයෙන් ඉදිරිපත් කරයි.

ලෙනාඩ් වුල්ෆ්ගේ "ද විලේජ් ඉන් ද ජංගල්" කෘතිය පාදක කරගත් බැද්දේගම (1980) චිත්‍රපටයේ, පුංචි මැණිකා ලෙස ෆොන්සේකා යටත් විජිත සූරාකෑමේ සහ ග්‍රාමීය අසරණභාවයේ ලෝකයක ජීවත් වේ. මෙය අතිනාට්‍යක් නොව නිරවද්‍ය, ආර්ථික යථාර්ථවාදයකි. ෆොන්සේකා දරිද්‍රතාවය සහ කාන්තා විඳදරාගැනීම "රග පෑමක්” නොකරයි - ඇය එය ජීවත් කරයි. කාංසාවෙන් හා බලාපොරොත්තු සුන්වීමෙන් වැඩි වැඩියෙන් රැලි ගැසුණු ඇගේ මුහුණ, අයුක්තිය, කුසගින්න සහ රෝගවලින් බිම හෙළන ලද, උදාසීන රාජ්‍යයක කෲරත්වය නිසා නරක අතට හැරුණු සමාජයක වේදනාව සන්නිවේදනය කරයි.

බැද්දේගම: මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම 

ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් (1978) චිත්‍රපටයේ ඇයගේ රංගනය ද ඒ හා සමානව කැපී පෙනේ. මෙම චිත්‍රපටයේ, සමාජ බිඳවැටීමේ සහ නාගරික පිටස්තරයින්ගේ කොල්ලකාරී පැමිණීමේ සුළි කුණාටුවට හසු වූ වෙරළබඩ ගම්මානයක තරුණ කාන්තාවකගේ චරිතය නිරූපණය කරන ෆොන්සේකාගේ නිරූපණය ඇගේ වඩාත්ම සංයමයෙන් යුත් නමුත් ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරයි. චිත්‍රපටයේ මතුපිටට යටින් කැකෑරෙන පන්ති ආතතීන් කෙරෙහි තියුණු සංවේදීතාවයකින් ෆොන්සේකාගේ නිරූපණය සලකුණු වේ. ඇගේ භූමිකාව හුදෙක් ග්‍රාමීය අහිංසකත්වයේ සංකේතයක් නොව, ඇගේ ප්‍රජාව මත සිදුවන විනාශය දැනෙන ගැඹුරින් දැනුවත්, චිත්තවේගීය වශයෙන් සංකීර්ණ චරිතයකි. ගමේ ජීවිතය රෝමාන්තිකකරණය සහ ධනවාදී ආක්‍රමණයේ විඛාදන බලපෑම් යන දෙකම විවේචනය කරන චිත්‍රපටයක, ෆොන්සේකා සමාජයක් වෙළඳ භාණ්ඩකරණය කිරීමේ නිහඬ ඛේදවාචකය මූර්තිමත් කරයි. අවම දෙබස් සහ සියුම් ප්‍රකාශන සමඟ, ඇය තම ලෝකය තුළ මුල් බැසගත් නමුත් එහි දිග හැරීම නැවැත්වීමට නොහැකි කාන්තාවකගේ බලාපොරොත්තු සුන්වීම, උපේක්ෂාව සහ නිහඬ ප්‍රතිරෝධය අලංකාර ලෙස සන්නිවේදනය කරයි.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ආකාස කුසුම් (2008) චිත්‍රපටයේ, වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ නටබුන් වලට මුහුණ දෙන සන්ධ්‍යා රාණි නම් වියැකී ගිය චිත්‍රපට තාරකාවකගේ චරිතය ලෙස රඟපාන, ෆොන්සේකා, වරක් ඇයව උත්කර්ෂයට නැං වූ කර්මාන්තයක් විසින් ඉවත දැමූ හා සමාජ රක්ෂනයක් අහිමි කලාකරුවෙකුගේ පරාරෝපණය සහ කලකිරීම මූර්තිමත් කරයි. චිත්‍රපටය ෆොන්සේකාගේම තාරකා තත්ත්වය ගැන ඉඟි කරයි. විතානගේගේ චිත්‍රපටය, චරිත අධ්‍යයනයක් ලෙස පෙනී සිටියද, සංස්කෘතික මතකය කෙටි කෙරෙන හා පුද්ගලයින් වෙළඳ භාණ්ඩ බවට පත් කරන ධනවාදය යටතේ වන පුළුල් සමාජ පරිහානිය ආයාසයකින් තොරව නිරාවරණය කරයි. ෆොන්සේකාගේ සංයමයෙන් නමුත් ගැඹුරින් ප්‍රකාශිත රංගනය, ලාභය මත පදනම් වූ පද්ධතියක කලාකරුවන්ගේ අස්ථිර පැවැත්මේ ක්ෂුද්‍ර ලෝකයක් වන ශ්‍රමය සහ කුසලතා සූරාකෑමට ලක් වූ, පසුව අතහැර දැමූ කාන්තාවකගේ ඛේදවාචකය අවධාරණය කරයි. අඳුරු අතීතකාමය සහ ප්‍රසිදිදිය යන්නේ අස්ථායී ස්වභාවය පිළිබඳ චිත්‍රපටයේ විවේචනය, මානව නිර්මාණශීලිත්වය ඇතුළු සියල්ල වෙළඳපොළට යටත් කර ඇති තත්වයන් යටතේ කලාවේ පුළුල් අර්බුදය සමඟ අනුනාද වේ. ආකාස කුසුම් පන්ති අරගලයට සෘජුවම සම්බන්ධ නොවූවත්, සන්ධ්‍යාගේ හුදකලාව සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ෆොන්සේකාගේ නිරූපණය, පද්ධතිමය  උදාසීනත්වය මධ්‍යයේ සාමාන්‍ය ජනතාවගේ නොපසුබට උත්සාහය ගැන හඩ නගයි.

එයා දන් ලොකු ළමයෙක් (1977), සිරිපාල සහ රන්මැණිකා (1978) සහ යස ඉසුරු (1982) ඇතුළු පුළුල් පරාසයක චිත්‍රපටවල මෙන්ම පිටගම්කාරයෝ (1997) වැනි ටෙලි නාට්‍යවල ෆොන්සේකාගේ රංගනයන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සාමූහික මතකයේ තැන්පත් වී ඇත. මෙම සෑම භූමිකාවකදීම, ඇය ඔවුන්ගේ සමාජ තත්වයන් අනුව හැඩගැසුණු කාන්තාවන්ට ජීවය ලබා දුන් අතර, ඔවුන්ට ගෞරවය, චිත්තවේගීය ගැඹුර සහ තිරය ඉක්මවා ගිය නිහඬ තීව්‍රතාවයක් ලබා දුන්නාය. නාගරික මාතෘත්වයේ අරගල, දරිද්‍රතාවයේ සීමාවන්, කුල හා පීතෘමූලිකත්වයේ සීමාවන් හෝ ග්‍රාම්‍ය ජීවිතයේ ගැටුම්කාරී ආශාවන් ආදී කුමක් නිරූපණය කළත්, අප ප්‍රවීණ නිළිය තමා වටා ඇති සමාජයේ ගැඹුරු යථාර්ථයන් සත්‍ය ලෙස හෙළි කිරීමට සමත් වූවාය.

ඇගේ පරම්පරාවේ අනෙකුත් ප්‍රමුඛ නළු නිළියන් කිහිප දෙනෙකු මෙන්, ෆොන්සේකා ද ඇගේ කාලයේ සැලකිය යුතු ඓතිහාසික නිෂ්පාදනයක් විය. 1970 දශකය වන විට, බොලිවුඩයේ සංගීතමය සහ අතිනාට්‍යමය සිනමාව, සිනමාහල් වෙත රොක් වූ සිනමා තරු මගින් ආකර්ෂණය වූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් කෙරෙහි බලවත් බලපෑමක් ඇති කළේය. තවමත් බරපතල කලාත්මක මාධ්‍යයක් ලෙස නැගී එන සිංහල සිනමාවට ඉන්දියානු චිත්‍රපටවල වාණිජ ආධිපත්‍යය සමඟ පොරබදන්නට සිදු විය.

ෆොන්සේකාගේ තරු බවට පත්වීම හුදෙක් ඇගේ පුද්ගලික චමත්කාරය පිළිබඳ කාරණයක් නොවේ; රිදී තිරය මත ඇගේ බලගතු පැවැත්ම, සෑම චරිතයකටම පාහේ ඇය ගෙන ආ චිත්තවේගීය ගැඹුර සහ අව්‍යාජභාවය සමඟ ඒකාබද්ධව, පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ පරිකල්පනය ග්‍රහණය කර ගැනීමට ඇයට හැකි විය. එසේ කිරීමෙන්, සිංහල සිනමාවේ සංස්කෘතික සසුජාතභාවය සහ කලාත්මක විභවය තහවුරු කිරීමේදී ඇය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළාය.

දශක ගණනාවක් තිස්සේ අසමසම වූ ෆොන්සේකාගේ ජනප්‍රියත්වය ගොඩනැගුනේ හුදෙක් අයස්කාන්ත ආකර්ෂනය මත නොව ඇය උපයාගත් ගැඹුරු ප්‍රේමය මත ය. පීඩිතයන් සඳහා ඇය පලායාමක් යෝජනා කළේ නැත; ඇය වටිනාකම් දීම සහ සටන් කිරීම ඉදිරිපත් කළාය. "රැජින" ලෙස ඇයගේ තත්ත්වය ඇයට ආදරය කළ අයගේ අරගල අවංකව ඉදිරිපත් කිරීමෙන් ඇය උපයා ගත් පදවියකි.

ඇගේ කලාව සිනමාව කෙබඳු විය හැකිද යන්න අපට මතක් කර දෙයි: එනම් හෘද සාක්ෂියේ ස්ථානයක්, පීඩිතයන්ගේ වාර්තාවක් සහ කැරැල්ලේ ගිනි පුපුරක් ලෙසයි. ඇය අයත් වන්නේ ස්මිතා පටිල්, ගුලියෙටා මසිනා සහ ලිව් උල්මන් වැනි දුර්ලභ චිත්‍රපට නළු නිළියන්ගේ සම්ප්‍රදායටයි - ඔවුන් තම ශරීර සහ හඬ ඉතිහාසයේ යුධ පිටියක් බවට පත් කළහ.

ඇගේ ජීවිතයේ අවසාන වසරවලදී, ෆොන්සේකා ධනේශ්වර ජාතිකවාදී සංස්ථාපිතය සමඟ සම්බන්ධ වූ අතර, 2010 සිට 2015 දක්වා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ක්‍රියා කළාය. සිංහල ජාතිකවාදී දේශපාලනය සමඟ ඇයගේ පෙළගැස්මට කිසිදු දේශපාලන සහනයක් ලබා දිය නොහැකි වුවද, සමාජ යථාර්ථවාදය සහ පීඩිතයන් නිරූපණය කිරීම තුළ මුල් බැසගත් සිනමාවට ඇයගේ ගැඹුරු දායකත්වයන් කල් පවතින කලාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇත. ශ්‍රී ලාංකික සහ ලෝක සිනමාවේ සැලකිය යුතු කොටසක් ලෙස ඇයගේ කෘති සමූහය විවේචනාත්මකව අගය කිරීමට සහ සංරක්ෂණය කිරීමට සුදුසුය.

මාලිනී ෆොන්සේකා හුදෙක් ශ්‍රේෂ්ඨ නිළියක් ලෙස පමණක් නොව, පීඩිත ජනතාවගේ කලාකාරිනියක් ලෙසද සිහිපත් කරනු ඇත. ඇගේ චරිත, සියලු අව්‍යාජ කලාවන් මෙන්, මතකයේ පමණක් නොව, ඔවුන් නියෝජනය කළ අයගේ අඛණ්ඩ අරගල තුළද ජීවමාන වනු ඇත.

සංජය ජයසේකර 

2025 මැයි 25

මෙය ලේඛකයා ඉංග්‍රීසි බසින් ලියූ ලිපියේ  සිංහල පරිවර්ථනයයි.

Sunday, May 25, 2025

The Conscience of Sinhala Cinema: Malini Fonseka’s enduring Cinematic Legacy

By Sanjaya Jayasekera

The demise of actress Malini Fonseka on May 24, 2025, marks the end of a cinematic epoch. She is undoubtedly the “Queen of Sinhala Cinema,” as she has been often referred to by millions of her fans, aged and young. Nearly six-decade of her career was not a simple arc of celebrity, but a deep and continuous cinematic identification with the lives of ordinary people, especially women, under the weight of history, patriarchy, backwardness and class oppression. In a country where cinema often struggles between the tides of commercialism, populism, nationalism and repression, Fonseka remained a moral and aesthetic lodestar, truthfully imbuing her characters with emotion, quiet resistance, and tragic insight.

To merely describe Fonseka as a beloved actress is to evade the seriousness of her contribution. She was an artist of social consciousness—her performances bore the weight of Sri Lanka’s post-independence traumas, its unfulfilled democratic promises, and the contradictions of a backward capitalist society pressing in from every side.

In Lester James Peries’ Nidhanaya (1972), one of the greatest Sri Lankan films ever made, Fonseka plays the innocent, ill-fated woman preyed upon by a man whose wealth and obsession lead to murder. Her character is not merely a victim but a mirror held up to a crumbling feudal order. Fonseka conveys, through silence and subtle gestures, a person slowly awakening to the forces arrayed against her. Her sacrifice is not just personal—it is metaphorically the death of innocence in a society entrapped by its own past.

In Beddegama (1980), based on Leonard Woolf’s The Village in the Jungle, Fonseka as Punchi Menika inhabits a world of colonial exploitation and rural destitution. This is not melodrama but precise, economical realism. Fonseka does not “perform” poverty and female endurance—she lives it. Her face, increasingly lined by anxiety and despair, communicates the pain of a society ground down by injustice, hunger and disease, made worse by the cruelty of an indifferent state.

Beddegama. Malani Fonseka, Vijaya Kumaranatunga, Joe Abeywickrema
Equally remarkable is her performance in Dharmasena Pathiraja’s Bambaru Avith (1978). In this film, Fonseka delivers one of her most restrained yet potent performances of the role of a young lady in a coastal village caught in the maelstrom of social disintegration and the predatory arrival of urban outsiders. Fonseka’s portrayal is marked by an acute sensitivity to the class tensions simmering beneath the film’s surface. Her role is not simply a symbol of rural innocence but a deeply aware, emotionally complex figure who senses the destruction bearing down on her community. In a film that critiques both the romanticization of village life and the corrosive effects of capitalist intrusion, Fonseka embodies the silent tragedy of a society being commodified. With minimal dialogue and subtle expressions, she gracefully communicates despair, resignation, and the quiet resistance of a woman rooted in her world but unable to halt its unraveling.

Bambaru Avith. Malani, Vijaya.
In Akasa Kusum (2008), directed by Prasanna Vithanage, as Sandhya Rani, a faded film star confronting the ruins of her career and personal life, Fonseka embodies the alienation and disillusionment of an artist discarded by an industry that once idolized her, and without any social insurance. The film alludes to the stardom of Fonseka herself. Vithanage’s film, while ostensibly a character study, inadvertently exposes the broader social decay under capitalism, where cultural memory is short and individuals are reduced to commodities. Fonseka’s restrained yet deeply expressive performance underscores the tragedy of a woman whose labor and talent have been exploited, then abandoned—a microcosm of the artists’ precarious existence in a profit-driven system. The film’s critique of bleak nostalgia and the fleeting nature of fame resonates with the broader crisis of art under conditions where everything, including human creativity, is subordinated to the market. While Akasa Kusum does not explicitly engage with class struggle, Fonseka’s portrayal of Sandhya’s isolation and resilience speaks to the perseverance of ordinary people amid systemic indifference. 

Fonseka’s performances in a wide range of other films—including Eya Dan Loku Lamayek (1977), Siripala Saha Ranmenika (1978) and Yasa Isuru (1982) —as well as in teledramas such as Pitagamkarayo (1997), are etched into the collective memory of Sri Lankan audiences. In each of these roles, she brought to life women shaped by their social conditions, investing them with dignity, emotional depth, and a quiet intensity that transcended the screen. Whether portraying the struggles of urban motherhood, the constraints of poverty, caste and patriarchy, or the conflicted desires of village life, the veteran actress was able to truthfully reveal the deeper realities of the society around her.

Like several other leading actors of her generation, Fonseka was a significant historical product of her time. By the 1970s, Bollywood’s musical and melodramatic cinema exerted a powerful influence over Sri Lankan audiences, who flocked to theaters largely drawn by star appeal. Sinhala cinema, still emerging as a serious artistic medium, had to contend with the commercial dominance of Indian films. Fonseka’s rise to stardom was not merely a matter of charishma; her compelling screen presence, combined with the emotional depth and authenticity she brought to nearly every role, enabled her to capture the imagination of a broad audience. In doing so, she played a crucial role in affirming the cultural legitimacy and artistic potential of Sinhala cinema.

Fonseka’s popularity, unmatched for decades, was not simply built on glamour but on the deep compassion she earned. For the oppressed, she did not offer escapism; she offered recognition and fight. Her status as “queen” is a title she earned from the sincere presentation of the struggles of those who loved her. 

Her art reminds us of what cinema can be: a site of conscience, a record of the oppressed, and a spark of rebellion. She belongs to that rare tradition of film actors—like Smita Patil, Giulietta Masina, and Liv Ullmann—who made of their bodies and voices a battlefield of history.

In the later years of her life, Fonseka became associated with the bourgeois nationalist establishment, serving as a Member of Parliament from 2010 to 2015 under the government of then-President Mahinda Rajapaksa. While no political concessions can be made to her alignment with Sinhala nationalist politics, her profound contributions to cinema—rooted in social realism and the depiction of the oppressed—remain of enduring artistic and historical value. Her body of work deserves to be critically appreciated and preserved as a significant part of both Sri Lankan and world cinema.

Malini Fonseka will be remembered not merely as a great actress, but as an artist of the oppressed masses. Her characters will continue to live, as all genuine art does, not only in memory but in the continuing struggles of those they represented.