Monday, November 9, 2015

ගුණරත්නම් නිදහස් කරනු, පිටුවහල් නොකරනු!

කුමාර් ගුණරත්නම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන කුමාර් ගුනරත්නම් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම කම්කරු ශිෂ්‍ය තරුන මහ ජනතාව තරයේ හෙළාදැකිය යුතුය. ඊනියා යහ පාලන ආණ්ඩුව මේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයෙකුට නිදහසේ දේශපාලනය කිරීමට ඇති අයිතියයි. ප්‍රෝඩාකාරී නීතිමය වහන්තරාවක් මතින් අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමේ යෙදී සිටින ආණ්ඩුව දේශපාලන ප්‍රතිමල්ලවයන් දඩයම් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට දමා තිබේ.

ගුණරත්නම්ගේ අත්අඩංගුවට පිටුපසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානයකොට පැවැත්වූ උසස් තාක්ෂණ සිසුන්ගේ උද්ඝෝෂණය හේතු සාධකයක් වූ බවට සාක්ෂි තිබේ.

ලක්බිම පුවත්පත වාර්තාකර තිබූ පරිදි ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතියෙකු වන රංජන් රාමනායක මෙසේ පවසා තිබිණි:
“කුමාර් ගුණරත්නම් මාස කිහිපයකට පාරක් ලංකාවට ඇවිත් රටේ කලබල ඇති කරනවා. එයා එක්කෝ ඉන්න රටේ ඉන්න ඕන. නැතිනම් ලංකාවේ ඉන්න අවසර ගන්න ඕන. මේක දිගටම කරන්න දෙන්න නරකයි. අත්අඩංගුවට අරගෙන පිටුවහල් කරන්න ඕන.”

රටක පුරවැසිභාවය ලබාදීම යන්න ආණ්ඩුවේ දේශපාලන විධායක තීන්දුවකි. ගුනරත්නම්ට අනුව ඔහු ලාංකීය පුරවසිභාබය අත්හැර නැත. කෙසේ නමුත් පුරවැසිභාවය ඔහුට අහිමි කිරීම හෝ එය ලබා නොදීම එකහෙලාම ආණ්ඩුවේ තීරණයකි. රාමනායකලාට ආවශ්‍ය අඩු තරමින් තමන්ට දේශපාලනිකව විරුද්ධව සිටින එවුන් රටින් පිටුවහල් කිරීමයි.

ආණ්ඩුව වැඩකරන මහා ජනතාවට බරපතල අනතුරු සංඥාවක් දී තිබේ. උස්ම ගන්ට පිරිසිදු වාතය ඉල්ලා මීතොටමුල්ල උද්ඝෝෂකයන්ට ආණ්ඩුව පහර දුනේය. බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරිය ප්‍රදේශවාසීන්ට කඳුළු ගෑස් හා බටන් ප්‍රහාර එල්ල කළේය. අනතුරුව තම අධ්‍යාපන අවශ්‍යතාවයන් ඉල්ලා සිටිමින් සාමකාමී ලෙස උද්ඝෝෂණය කල සිසුන් සිසුවියන්ට ම්ලේච්ච අන්දමින් රජය පොලිස් ප්‍රහාරයක් එල්ල කළේය. මේ මගින් ආණ්ඩුව දිගින් දිගටම පෙන්වා ඇත්තේ ඉදිරියේදී එන ඕනෑම උද්ඝෝෂණයකට ආණ්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ දරුණු මර්ධන යාන්ත්‍රනය ක්‍රියාවට දමනු ඇති බවයි. උද්ඝෝසහනවලට පහර දීම, අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම හා තහනම් නියෝග ලබා ගැනීම, ස්ට්‍රයික් සටන් කඩාකප්පල් කිරීම සඳහා මිලිටරිය යොදා ගැනීම යහමින් කෙරෙනු ඇති.

අන්ත නය බරින් හා අයවැය පරතරය ශීග්‍රයෙන් පහත දැමීම සඳහා ලෝක බැංකුවට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශපතකොට ඇති ආණ්ඩුව මෙවර අයවැය ලේඛනයට යෝජනා කර ඇති රාජ්‍ය ආරක්ෂක වියදම් රුපියල් බිලියන 308 කි. මෙය මෙතෙක් මෙරට ආණ්ඩුවක් විසින් වෙන්කළ වැඩිම ආරක්ෂ්යක වියදමයි. ඊට සාපේක්ෂව අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 174කි. ලංකාවේ නය බර දල දේශීය නිස්පාදනයේ අනුපාතයක් ලෙස 2010 දී පැවතී 30% සිට 94% දක්වා ඉහල ගොස් තිබේ. ලංකාවේ විදේශ සංචිතය යන්තම් මාස සතරක කාර්තුවක ආයෝජන සඳහා පමනක් ප්‍රමාණවත් ඩොලර් බිලියන 4.5 කි. මෙයින් වැඩි ප්‍රමාණයක් විදේශ බැංකු වලින් ලබාගත් අධි පොලී නය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇති පරිදි ලබන වසරේ අයවැය පරතරය 6.5 සිට 5.5 දක්වා අඩු කල යුතුව තිබේ.

ලෝක ආර්ථික අපගමනය හමුවේ ගෝලීය වශයෙන් සිදුවන බූ දේශපාලන වෙනස්වීම් හරහා අපනයන වෙළඳපොල හැකිලීම මගින් ලංකාවේ ආර්ථික දේශපාලන වේදිකාව තීරණය වේ. ඉහත ආර්ථික කලබගෑනිය යටතේ තවදුරටත් මහජන සහන කප්පාදුව, බදු ඉහල දැමීම හා බඩු මිල ඉහල දැමීම අනිවාර්ය කටයුත්තක් ලෙස ක්‍රියාවට දැමීමට ආණ්ඩුවට සිදුවනු ඇත. රැකියා වියුක්තිය ඉහල යාම හා කුණු කොල්ලයට කම්කරු ශ්‍රමය විකිණීම තර කිරීම, පඩි සංකෝචනය වීම, මහා පරිමාන ආයෝජනවලට ශ්‍රම සූරා කෑමේ අයිතිය සුරකින ප්‍රතිපාදන හරහා සහන සැලසීම , පුද්ගලීකරණය ඒ සමග ගලා එන වැඩ පිලිවෙලවල්ය. ඒ අනුව ජීවන කොන්දේසි වඩවඩාත් ආපස්සට තල්ලු කිරීමත්, මෙතුවක් කල් වැඩකරන ජනතාව ජයග්‍රහණය කල අයිතිවාසිකම් කප්පාදු කිරීමත් සිදු කෙරෙනු ඇත. එහෙත් මේ කිසිවක් කම්කරු පීඩිත මහා ජනතාවගේ කඳුළු හා ලේ මතින් මිස සාක්ෂාත් කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙත මරු පහරවල් එල්ල කෙරෙනු ඇත්තේ මේ තතු යටතේය.

උද්ඝෝෂණයේ යෙදෙන මහජනතාවට, සිසුන්ට පහරදීම හා දේශපාලන විරුද්දවාදීන් දඩයම් කිරීම එහි අවශ්‍යම අංගයයි. සිදුව ඇති සිද්දි දාමය එන්නට පවතින මර්ධන දම්වැලේ මුල් පුරුක් කිහිපය පමණි.
කම්කරු පීඩිත ජනතාව ගුණරත්නම් නිදහස් කර ගැනීම සඳහා පෙරට ආ යුත්තේ ඉහත කී කප්පාදු වැඩ පිළිවෙලට හා ප්‍රජාතන්ත්‍ර විරෝදී මර්ධනය අවසන් කිරීමේ වැඩ පිළිවෙලක කොටසක් ලෙසයි. එය අත්‍යන්තයෙන්ම ජාත්‍යන්තරව වර්ධනය වන තුන්වන ලෝක යුද අන්තරයට එරෙහිව වන සටනක් ද වේ. එසේම කම්කරු මහා ජනතාව, ශිෂ්‍යයින්, තරුණයන් සිහි තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ගුණරත්නම් පෙනීසිටින දේශපාලන ප්‍රවාහය, එනම් පෙසප යනු අධිරාජ්‍ය ගැති මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ගෙන ඒමට වක්‍රව සියලු දේ කල ව්‍යාජ වාම සංවිධානයක් පමණක් බවයි. කම්කරු මහ ජනතාව, ශිෂ්‍යයින්, තරුණයන් ඒ හෝ මේ ධනපති අඩු නපුරට ගැට ගසන අවස්ථාවාදී ප්‍රවනතාවයක් වන පෙසප තැත් කරන්නේ ග්‍රීසියේ මහා ජනතාවගේ කැමැත්ත යුරෝපානු ට්‍රොයිකාවට පාවාදුන් සිරිසා බඳු ප්‍රෝඩාකාරී ව්‍යාපාරයක් ලංකාව තුල ගොඩ නැගීමයි. කම්කරු පන්තියේ ස්වාදීන විප්ලවවාදී අරගලය තුලින් ලෝක සමාජවාදය සඳහා වන ඉදිරිදර්ශනයක් වෙතින් කම්කරු පීඩිත ජනතාව ඈත් කර තැබීම සඳහා කැපවී වැඩ කරන පෙසප මාක්ස්වාදී වචන හරහා වෙස්මාරු කර ගෙන සිටී. එයම කියා ඇති පරිදි එය සුරකින්නේ රෝහණ විජේවීරගේ උරුමයයි.

ඉහත දේශපාලන පාඩම් තිබියදීම කම්කරු පන්තිය තමන්ගේ ආරක්ෂාවට සැරසිය යුතුය. ගුණරත්නම් වහා නිදහස් කරනු! ඔහුව පිටුවහල් නොකරනු!

(image credit to newsfirst.lk)

Wednesday, November 4, 2015

අන්තරේ සටන් කවි හා විරෝධතා දේශපාලනය

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ/අවිශිබම) කැඳවන ශිෂ්‍ය උද්ඝෝෂණවලදී සජ්ජායනය කරන සාම්ප්‍රදායික සටන් කවි කිහිපයක් තමයි පහත තියෙන්නේ:
1. "කපා කපා - කෑලි කපා
අප වලකනු - සිතනු එපා
ලේ හැලුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා
2. අපි යන්නේ - කොයි පාරේ
ත්‍රීම වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බලේ - ගිය පාරේ
මෑතකදී එක වුන අලුත් කවියක්:
3. අපි යන්නේ - කොයි පාරේ
ජනක සිසිත - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
විරු සොයුරන් ගිය පාරේ
අධ්‍යාපනය විකුණන 'ප්‍රතිපත්ති' හකුලා ගන්න කියල මෙහෙම කියනවා:
4. කැම්පස් වල - උපාධි ටික
විකුණන එක - නතර කරව්
අධ්‍යාපනේ- විකුණන් කන
ප්‍රතිපත්තිය හකුලා ගනිව්
සිරිසේන ආණ්ඩුව ගැන දැන් කලකිරිලා මෙහෙම කියන්නත් වෙලා:
5. රාජපක්ෂ - ආණ්ඩුවයි
මෛත්රීනයයි - රනිල් බබයි
එදා ඉඳන්- මුන් කෙරුවේ
අපි හූරන් - කාපු එකයි
7. යහපාලන- ආණ්ඩුවත්
අධ්‍යාපනේ -විකුනනවා
සයිටම් හොර - උපාධි කඩේ
බඩු තවමත් - විකිනෙනවා
දිනූ 'ජයග්‍රහණ' ගැන වහසිබස් කියන්නේ මෙහෙමයි:
8. සයිටම් හොර - උපාධි කඩේ
අහෝසි කර - නොදැම්මොතින්
උතුරු කොළඹ - සටන වගේ
අපි එනවා - පෙරට නිතින්
සරසිවී වල විශේෂයෙන් ප්‍රථම හා දෙවන වසරවල සිසුන් මේ පද වල අර්ථභාරය කුමක් වුවත් දුන්න පදේ කියවන මට්ටමට බලපෑමකට අන්තරය විසින් යටත් කර තබෙන බව පැහැදිලි කරුණක්. කිසිදු විකල්ප දේශපාලන සාකච්චාවකට සම්බන්දවීම එම සිසුනට තහනම් වන අතරම අඩුතරමින් විකල්ප දේශපාලන අත් පත්‍රිකාවක් කියවීමට තරම් වත් දේශපාලන නිදහසක් එම සිසුන්ට අන්තරය දෙන්නේ නැත. කෙසේ නමුත් අධ්‍යාපන අයිතීන් හා පහසුකම් කප්පාදුවට, අධ්‍යාපන පුද්ගලීකරණයට හා සමස්තයක් වශයෙන් සමාජ අසාධාරනත්වයට එරෙහිවීමට නිසර්ගයෙන්ම කම්කරු හා පීඩිත පන්තියේ තරුණ ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍යව තබෙන බවත් ඒ නිසාම මෙම උද්ඝෝෂණ පෙළපාලිවල නායකත්වය හෝ වැඩ පිළිවෙල කවරක් උවත් ඒවාට සහභාගී වන බවටත් සැකයක් නැත.
ඒ නිසාම ඉහත උපුටා දක්වා ඇති කවි පද වල අර්ථය හා එහි හැඟවුම් විභාග කිරීම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම, තරුණයෙකුටම වැදගත් කටයුත්තක් වනු ඇති.
ඉහත 1 හා 2 කවි වල එන අවිශිබම ‘සිසු විරුවන්’ ලෙස හඳුන්වන පුද්ගලයන් සිවු දෙනෙක් වෙති. එනම් පද්මසිරි ත්‍රීමාවිතාන ( යූඇන්පී ආණ්ඩුවෙන් ඝාතනය වනවිට, එනම් 1988 ඔක්තෝම්බර් වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ අවිශිබම ලේකම් විය), වෙනුර එදිරිසිංහ (1988 මැයි සිට 1989 මැයි දක්වා අවිශිබම කැඳවුම්කරු ) , සිවරුදීන් මොහමඩ් නිෂ්මි හා නිමල් බාලසූරිය (1988 මාර්තු සිට 1988 මැයි 08 දක්වා අවිශිබම කැඳවුම්කරු )යන අයයි. මොවුහු කවරහුද, මොවුන් නොයෝජනය කල දේශපාලනය කුමක්ද, නැත්නම් අද අන්තරය ඇතැම්විට කියන පරිදි ‘පිට’දේශපාලනයක් නැති ශිෂ්‍ය දේශපාලනය පමණක් කල එවුන්ද, මොවුන්ගේ දේශපාලන ඉදිරිදර්ශනය හෝ කුමන වැඩ පිළිවෙලක් මොවුහු නියෝජනය කළෝද යන්න සිසුන් සොයා බැලිය යුතුය. මේ සියලුම දෙනා අවිශිබම ශිෂ්‍ය නායකයන් වූහ. ඔවුහු 1988-1990 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට (ජවිපෙ) සම්බන්ධව සිටි එහි ජාතිකවාදී දේශප්‍රේමී දේශපාලනය වැළඳගත් අයයි. 1976 සිට 2012 දක්වා අන්තරය මෙහෙයවනු ලැබුනේ ජවිපෙ ශිෂ්‍ය සංවිධානයක් වන ඊනියා සමාජවාදී ශිෂ්‍ය සංගමය විසිනි.
ජවිපෙ නම්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා ලොව පුරා කම්කරු පන්තිය බලමුළු ගැන්වීමේ සටනට නායකත්වය දෙන හතරවන ජාත්යයන්තරයේ ජත්‍යන්තර කමිටුවේ ලංකාවේ ශාකාව ලෙස කටයුතුකළ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) (වාර්තමානයේ සමාජවාදී සමානතා පක්ෂය) ගෙන ගිය අරගලය හමුවේ වික්ශෝපයට පත්ව ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදීන් වූ හා විකොස ක්‍රියාකාරීන් වූ ආර්.ඒ.පිටවෙල (1988 නොවැම්බර් 12 ඝාතනයට ලක්විය ), පී.එච්.ගුණපාල (1988 දෙසැම්බර් 23 ඝාතනයට ලක්විය), සහ ග්රේෂන් ගීකියනගේ (1989 ජුනි 23 ඝාතනයට ලක්විය ) යන සහෝදරවරුන් ඝාතනයට ලක් කල සංවිධානයයි. ජවිපෙ විසින් කල සියගණන් දේශපාලන ඝාතන එයට අධි චෝදනා පත්‍රයකි. ඊටත් වඩා ජවිපෙ විසින් රෝපණය කල, වගා කල වර්ගවාදී, ජාතිකවාදී, කම්කරු පන්ති විරෝධී, මාක්ස්වාදයට-ට්‍රොට්ස්කිවාදයට හතුරු විෂ කශායන් ලංකාවේ තරුණ ශිෂ්‍ය රැඩිකල් ජවයට කරන ලද මාරාන්තික දේශපාලන ආතුර කිරීම, පාවාදීම, උගුල් ඇටවීම අතිශය භයානකය.
කෙලින්ම ධනපති සන්ස්තාපිතයේ අවශ්‍යතා නියෝජනය කරන සංශෝධනවාදී ධනපති පක්ෂයක් බවට පල්ලම් බැස ඇති ජවිපෙ ආරම්භය හා එහි පදනම් 1970 දීම විකොස හිටපු ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයා “ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පන්ති ස්වභාවය” නම් කෘතියේ ඉතා නිවැරදි ලෙස සූත්‍ර ගත කළේය:
“ලෝකය පුරාම ඒ ඒ රටවල මධ්‍යම පන්තිය විසින් ගොඩ නගා ගෙන ඇති ව්‍යාපාරයනට සමාන්තරව ලංකාවේ සිංහල සුළු ධනේශ්වර පන්තිය ගොඩනගාගෙන ඇති ව්‍යාපාරය ජවිපෙරමුණයි. එහි අරමුණ කම්කරු පන්තිය බලයට ගෙන යාම නොවේ: සිංගල කම්කරුවන්, සිංහල ගොවීන්, සිංහල පීඩිතයින්, සිංහල ශිෂ්‍යයින් පමණක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස්ද “දේශප්‍රේමීත්වයේ” පදනම මත එක කර “දේශප්‍රේමී රාජ්ය යන්ත්‍රයක් තැනීමයි
ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ ඔවුන් ‘ජනතාව’ යයි හඳුන්වන ලංකාවේ සිංහල සුළු ධනපති පන්තියේ දුක් වේදනා තුලින්මය.
මන්දපොෂණයෙන් හා ජීවන බරින් පෙලෙන ‘ලක් මවගේ දරුවන්’, වියලි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් හා රැකියා නැති තරුණයන් ආදී සිංහල සුළු ධනේශ්වරයේ දුක් වේදනා සත්තකින්ම ජවිපෙ තුල වෙයි.
“මේ සංවිධානය සිංහල සුළු ධනපති තට්ටුවේ ‘විමුක්තිය’ සඳහා සටන් කරන සංවිධානයක් පමණි. ඔවුන්ගේ පත්‍රවල “නිර්ධන පන්තිය’ යනුවෙන් එක දිගටම හඳුන්වා දී ඇත්තේ ඉහත කී සමාජ තට්ටු වන අතර එය මාක්ස්වාදීන් නිර්ධන පන්තිය ලෙස හඳුන්වන්නේ නැත. නිර්ධන පන්තිය යනු කම්කරු පන්තිය පමණි. අනෙක් කිසිම කොටසක් නිර්ධන පන්තිය නොවේ. ගොවියන්, රැකියා නැති තරුණයන් ආදීන් කොතෙක් පීඩාවට ලක්ව සිටියත්, මේ ආර්ථික අර්බුදය විසින් කම්කරු පන්තිය දිශාවට තල්ලු කර දමා ඇතත්, ඔවුන් සුළු ධනේශ්වර පන්තිය මිස නිර්ධන පන්තිය (කම්කරු පන්තිය) නොවේ."
“මේ රටේ සුළු ධනේශ්වර පන්තිය නිර්ධන පන්තිය ලෙස හඳුන්වා, මේ සුළු ධනේශ්වර පන්තියේ දුක් ගැනවිලි හා වේදනාවන් කම්කරු පන්තියේ දුක්ගැනවිලි සමග එකට පාස්සා, කම්කරු පන්තිය ඔවුන් කියන පළල් ‘නිර්ධන පන්තිය’ තුල දිය කර දමා සුළු ධනේශ්වර විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගීම ඔවුන්ගේ අරමුනයි”
හරියටම අවිශිබම හැදුනේද වැඩුනේද එවන් විරෝධතා ව්‍යාපාරයක් ලෙසයි.
ඒ හෝ මේ ධනපති බංකොලොත් ආණ්ඩු වලින් සෝභන සහන හා මවාපෑම් අතලොස්සක් හැර කිසිදු හරයාත්මක අධ්‍යාපන හෝ වෙනයම් සමාජ සුභසාදන අයිතියක් ලබාගත නොහැක. විශේෂයෙන් ගෝලීය ධනපති ක්‍රමය උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී ඇති තතු යටතේ විදේශ වෙළඳ පොළ හැකිලී ආයෝජන හා නිෂ්පාදන හැකිලී ඇති අතර අතිමහත් ණය කන්දරාවක් කම්කරැ පීඩිත මහා ජනතාව මත පටවා ඇති වර්තමාන ආණ්ඩු වලට සහන කප්පාදු කිරීම්, වක්‍ර බදු වැඩි කිරීම් හා මර්ධනය හැර අන් වැඩ පිළිවෙලක් ඇත්තේ නැත. එහෙත් අවිශිබම එදා මෙන්ම විරෝධතා දේශපාලනය තොරොම්බල් කරමින් ආණ්ඩුවල නව ලිබරල් ‘ප්‍රතිපත්ති’ ආපසු හැරවිය හැකියි මිත්‍යාවන් වපුරයි. අද අවිශිබම ට දේශපාලන නායකත්වය දෙන අධිරාජ්‍ය ගැති ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය(පෙසප) ගොනුවී සිටින්නේ ද පෙර කී සුළු ධනේශ්වර දේශපාලනයේමය.
කීර්ති බාලසූරිය තවදුරටත් මෙසේ පැහැදිලි කරයි:
“විශේෂයෙන් ම වතු කම්කරුවන්ට විරුද්ධවත්, පොදුවේ සමස්ත කම්කරු පන්තියට විරුද්ධවත් සිංහල සුළු ධනේශ්වරයේ ‘සටන් බලවේගයන්’ සංවිධානය කරන ජනතා විමුක්ති පෙරමුණේ ‘මාක්ස්වාදය’ ලෙනින්ගේ මාක්ස්වාදය නම් නොවේ.
“කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම කරා මෙහෙයවන්නේ නැතිව ...විරෝධතා හා ගර්ජනා දැමීම මගින් තම අවශ්‍යතාවයන්ට සරි ලන සේ ධනේශ්වර ක්‍රමයත් ධනේශ්වර රාජ්‍යයත් වෙනස් කර ගත හැකිය යන මායාව ජනථා විමුක්ති පෙරමුණ පුරාම උඩු දිව ගොස් ඇත.”
“ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ මේ පංති විග්‍රහය පසෙකලා විප්ලවවාදී පන්තිය හා පන්ති සටන් වෙනුවට තමන් හා තම විරෝධතා ක්‍රියාවන් ආදේශ කර ගැනීමකි.
මෙය මධ්‍යම පංතිකයන්ගේ සාමාන්‍ය විධි ක්‍රමය වන අතර පන්ති අරගලයේ සමස්ත වර්ධනය වෛෂයිකව ග්‍රහණය කර ගැනීම වෙනුවට, කම්කරු පන්තිය ධනවාදයට විරුද්ධව ගෙන යන සටන කේන්ද්‍රකරගෙන ප්‍රශ්නයන් දෙස බැලීම වෙනුවට, මධ්‍යම පන්තිකයන්ගේ ඔලු තුල ඇති අගතීන් හා මායාවන් තුලින් ප්‍රශ්නයන් දෙස බලන ආත්මීය විඤ්ඤාණවාදී විධික්‍රමය මෙයයි.”
ත්‍රීමා, වෙනුර, නිෂ්මි, බලේ ගියේ එම පාරේය. අදද අවිශිබම නායකත්වයට අවශ්‍යවන්නේ ජීවන කොන්දේසි වඩාත් අසීරු කරවන ධනපති ආණ්ඩුවලට එරෙහි වර්ධනය වන සිසු අසහනය, විරෝධය තුලින් මතුවන ශිෂ්‍ය රැඩිකලීකරණය එකී විරෝධතා දේශපාලනයේ පාර දිගේ යැවීමටය.
“ සංවිධානාත්මකව, පන්ති විඤ්ඤාණයෙන් යුතුව ගෙන යා යුතු පන්ති සටන වෙනුවට ආදේශකයක් ලෙස විරෝධතා ප්‍රකාශනය යෙදවිය හැකි යයි සිතීම තුලින් කම්කරු පන්තියේ ක්‍රියා කලාපයත්, එමගින් ම විප්ලවවාදී පක්ෂයේ ක්‍රියා කලාපයත් යට ගැසීමට හා නොතකා හැරීමට ජනතා විමුක්ති පෙරමුණ යත්න දරයි.”
මේ වැඩපිළිවෙලින් අවිශිබමට කැඩී වෙන්විය නොහැක. කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීම කරා මෙහෙය වන විප්ලවවාදී ජාත්‍යන්තර ව්‍යාපාරය වෙතින් ශිෂ්‍යයන් ඈත්කොට තබන විරෝධතා හරහා ධනපති ආණ්ඩුවල පුද්ගලීකරන වැඩපිළිවෙලවල් තාවකාලිකව ආපස්සට ගැනීම තම ජයග්‍රහණ ලෙස හුවා දක්වන අවිශිබම දශක ගණනාවක් ස්වාධීන විප්ලවවාදී කම්කරු පන්තික ව්‍යාපාරයට හා ශිෂ්‍ය ව්‍යාපාරයට පිළිලයක්ව පවතී. ධනපති ආණ්ඩු තම පුද්ගලීකරණ වැඩ පිළිවෙල තාවකාලිකව ආපස්සට ගත් අවස්තාවක් නම් රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව පසුබිමට තල්ලු කොට එහි න්‍යාය පත්‍රය බලයට පත් සැම ආණ්ඩුවක්ම රහසිගතව හා වක්‍රව ක්‍රියාවට දැමීමයි. රාගම පුද්ගලික වෙද විදුහල වෙනුවට අද මාලඹේ සයිටම් ගෙනවිත් තිබේ. ඉහත 8 වන කවියෙන් සඟවන්නේ මෙම සත්‍යයයි.
ජනක සිසිත සිසුන් ගිය පාරද මෙම මංමුලාවූ විරෝධතා දේශපාලනයේ පාරයි.
ඉහත 4 වන කවියෙන් අධ්‍යාපනේ විකුණන් කන ප්‍රත්පත්තිය හකුලා ගනිව් යනුවෙන් මේ බලකර සිටින්නේ ධනපති ආණ්ඩුවටයි. මේ ප්‍රත්පත්තිය නම් අන්තරය හා පෙසප කියන නව ලිබරල්වාදී ප්‍රතිපත්තියි යි. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති යනු ඒ හෝ මේ ආණ්ඩුවල අභිමතය අනුව ක්‍රියාවට දැමිය හෝ නෙදැමිය හැකි තෝරාගැනීමක් නොවේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි “අධ්‍යාපනය ද ඇතුලුව මහජනතාවගේ කොන්දේසිවලට හා අයිතීන්ට ධනපති ආන්ඩු එල්ල කරන ප්‍රහාර නව ලිබරල්වාදී ධනපති ප්‍රතිපත්තිවල (විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තියේ) කොටසක්ය යන ප්‍රකට සත්‍ය පෙසප හා අවිශිබම පුනපුනා කියයි. ඔවුන් එනයින් නිශ්චිතව ඇඟවුම් කරන්නේ එම ප්‍රතිපත්ති නතර කර ගත්විට ධනවාදය තුල අධ්‍යාපන අයිතියට එල්ල කෙරන ප්‍රහාර ද නතර කර ගත හැකි බව යි. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති වල මූලය ධනවාදය බවත් ඒවා ධනවාදී අර්බුදයෙන් තීන්දුවී ඇති බවත් මෙම ප්‍රතිපත්ති පරාජය කිරීම ධනවාදය පෙරලා දැමීමේ අරගලය සමග බැදී ඇති බවත් ඔවුහු ප්‍රතික්ෂේප කරති.”
“විරෝධතාවන් මගින් මෙම පිලිවෙත් ආපසු හැරවිය හැකිය යන මතය,... ධනේශ්වර අර්බුදයෙන් පැන නංවන මෙම පිලිවෙත් අහෝසි කොට ජාතික ආර්ථික නියාමනයකට යටත් කල හැකිය යන්න මුලුමනින්ම විඤ්ඤානවාදී ය. මනෝරාජිකය. අවිශිබ විසින් සිසුන් අතර වපුරන්නේ මෙම රුදුරු මිත්‍යාවයි.”
“තමන් 1978 පටන් අරගලයේ යෙදී ඇති බව බව අවිශිබම කියා සිටී. අධ්‍යාපන කප්පාදුව නතර කිරීමට සෑහෙන බව ප්‍රකාශ කරමින් සත් තිස් වසරක් සිසුන්ගේ සටන්කාමීත්වය පටලවා තිබු මෙම දේශපාලනයේ ශුද්ධ ප්‍රතිඵලය එම ප්‍රහාරය ගැඹුරුවීමයි. සක්‍ය දේශපාලන අරගලයකට සිසුන් එලඹීම වලක්වා එම ප‍්‍රහාරවලට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අනෙකුත් අවස්ථාවාදීන් මෙන්ම ජවිපෙ, පෙසප හා අවිශිබමය දේශපාලනිකව වග කිව යුතු ය.”
"සිසුන් අතර ජවිපෙ සමාජ පදනම් තබා ගැනීමේ උපකරනය ලෙස කි‍්‍රයා කලේ අවිශිබමයි. සටන්කාමීත්වය වර්නනා කරමින් දවටා ගත් සිසුන් අන්ත ප‍්‍රතිගාමී වර්ගවාදී උද්ඝෝෂනවලට මෙහෙයවීමට ද ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවලට උසි ගැන්වීමට ද අවිශිබම යොදා ගැනුනි. මෙම දේශපාලනය නිදැල්ලේ ගෙන යෑම සඳහා ජවිපෙ හා අවිශිබම නායකයන් කලේ මැර කි‍්‍රයා මගින් දේශපාලන විරුද්ධවාදීන් මැඩලීමයි. සිය ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපය නිසා එය අන්ත අපකීර්තියට පත්වන තුරු ජවිපෙ ප‍්‍රධානීන් ලෙස කි‍්‍රයාකලවුන් ගෙන් කොටසක්, 2012 අගදී පෙසප පිහිටුවීමත් සමග අවිශිබමය ද එය සමග පෙලගැසුනි. නව පෙල ගැස්මෙන් පසු අතීතයෙන් බිඳුනේ යයි මවා පෙන්වීමට පෙසප හා අවිශිබම නායකයෝ තැත් කලත් මොනම මූලික වෙනසක් වත් සිදුවී නැත."
ඉහත 5 හා 7 වන කවි නම් අවිශිබයේ අවස්ථාවාදී, විඤ්ඤානවාදී, මංමුලා සහගත වැඩපිලිවෙලේත් එහි ඉච්චාභන්ගත්වයේත් හාස්‍යජනක ප්‍රකාශනයයි. ඇමරිකන් අධිරාජ්‍යවාදයට දන නමා ඇති, එහි යුදවාදී ධාවනයට අත් උදවු දෙන මෛත්‍රී- රනිල් ගේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට අවිශිබය වක්‍රව දරදිය ඇද්දේය. රාජපක්ෂට වඩා මෛත්‍රී- රනිල්ගේ හූරා කෑම අඩුයයි තක්සේරු කල අවිශිබය එච්එන්ඩීඒ සිසුන්ගේ ඔලු පැලූ පසු ආණ්ඩු දෙකම එකවගෙයි කීවෝය.
අධ්‍යාපන අයිතිය, අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි සටන හුදෙකලා සටනක් විය නොහැකිය. එය හුදු ශිෂ්‍ය සටන් මගින් ආපස්ස්සට හැරවිය හැක්කක් නොවේ.අධ්‍යාපන, සෞඛ්‍යය, සමාජ සුභසාදන සේවා ආරක්ෂා කර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන බැදී ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු හා ශිෂ්‍ය කමිටු පිහිටුවා ගනිමින් ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යාය මත පදනම්ව කරන අරගලයක් තුල පමණි.
අවිශිබයේ පදේට නටන්නට පෙර සිසුහු මේවා ප්‍රශ්නගත කල යුතුය. විභාග කල යුතු ය.

Monday, October 26, 2015

Sri Lankan president moves to implement death penalty

By Sanjaya Jayasekera
7 October 2015
A reactionary campaign has been launched in Sri Lanka, calling for the return of the death penalty, encouraged by President Maithripala Sirisena. Yesterday, the Sri Lankan parliament discussed a proposal calling for capital punishment for those convicted for child abuse and murder.

There are 1,115 prisoners on death row, according to the commissioner general of prisons, Rohana Pushpakumara, with 600 undertaking appeals. Because of widespread public opposition to the death sentence Sri Lanka has not executed anyone since 1976, despite occasional calls by the media, the clergy and politicians. Under the constitution, the president has to sanction executions.

Deputy social empowerment and welfare minister Ranjan Ramanayake brought forward yesterday’s proposal, citing nine recent child abuse and murder crimes. Ramanayake commenced his campaign after the rape and murder of a five-year-old girl, Seya Sandevumi, at Kotadeniyawa, a rural village about 40 kilometres north of Colombo, on September 14. This crime triggered widespread protests in the country. Influenced by comments by the government minister, many protestors called for executions.

Presenting the proposal to the parliament yesterday, right-wing United National Party (UNP) member Hirunika Premachandra claimed it was needed to protect innocent children. Housing minister Sajith Premadasa agreed to the proposal and other MPs jumped on the bandwagon.

President Sirisena, while posing as a moral crusader, told a meeting in Galle on September 18 that he would implement capital punishment from next year if parliament approved. Though the penalty can be imposed via his executive powers, “I thought that the better option was debate in the parliament,” he said. “As a leader who respects moral principles, I will pay strict attention to the demand of the people to enforce the death penalty.”

Sirisena’s claim to “respect moral principles” is entirely hypocritical. Sirisena and the coalition government recently conspired with Washington at the UN Human Rights Council to cover up war crimes and human right violations, such as extrajudicial killings, sexual violence, abductions and disappearances, committed during the communal war against the separatist Liberation Tigers of Tamil Eelam.

The protests of people against violent crimes also signify underlying discontent over unbearable living and social conditions. In May, when Vithya Sivalohanathan, an 18-year-old schoolgirl was murdered in Jaffna after being sexually harassed, anger spread across the Jaffna Peninsula and beyond. It was an eruption of discontent against the maintenance of repressive and degrading conditions six years after the end of the defeat of the LTTE.

Leaders of the Tamil National Alliance (TNA), which represents the Tamil elite, issued a call for the death penalty to divert anger and unrest. Nervous about the popular disaffection, Sirisena flew to Jaffna and vowed that maximum punishment would be imposed on those found guilty.

When law and order and prison reforms minister Tilak Marapana met chief Buddhist prelates in Kandy, they advised him to strictly implement the law. Marapana told them that his government had given unreserved freedom to the police, supposedly in order to curb crime and corruption. Thus, the death penalty campaign is being utilised to further strengthen police-state methods.
According to Amnesty International’s 2014 report, Sri Lanka is among the countries where the death penalty was imposed after unfair trials. It cited a 22-year-old case where a Trincomalee court in eastern Sri Lanka in 2014 sentenced a man to death for a crime allegedly committed when he was just 12 years old.

The police investigation into the September 14 killing is riddled with contradictions. First, the police arrested a 17-year-old school student and then a father of one child. After being released because their DNA tests were negative, both complained that they were tortured to try to extract confessions.
A third suspect, a youth named Dunesh Priyantha, was arrested on September 23 and the police released an account of his confession to the media. On October 3, police arrested his elder brother, claiming that he confessed to the same crime. They have been subjected to DNA tests, to be released in a week.

The agitation for carrying out the death penalty has nothing to do with curbing crimes. On the contrary, under the mask of good governance and morally cleaning up society, the campaign is seeking to divert public concern from the real economic and social problems and further strengthen the state with new police powers.

Successive Sri Lankan governments have burdened the working class with severe austerity measures and cuts to social welfare services, education and health care. Social polarisation is widening. The richest 20 percent of households receive 53.5 percent of total income, while the poorest 20 percent receive only 4.4 percent.

Studies have also revealed that underprivileged youth, often army deserters, have joined the underworld due to poverty. Around 30,000 soldiers are known to have deserted from the 350,000-strong military. Speaking about their psychological problems Prabath Gunatillka, a psychology lecturer, said: “Soldiers have been witness to scenes on battlefields that many of us cannot imagine; they have killed people and been praised for doing so. They now believe that they are above the law, and this is reflected in their decision to desert and pursue criminal activities.”

Young people are experiencing mounting difficulties in obtaining a proper education, rising unemployment and social insecurity. Increasingly people delay entering into marriage, or find it completely unattainable due to poverty. Unemployment among young people between 15 and 24 is 21.7 percent and among those aged 25-29, it is 8.7 percent.

According to media reports, the mother of the recently arrested Priyantha explained her helplessness and poverty to the police. She has four children. Her husband, imprisoned for robbery, died in prison. She does not write or read. Because of her financial difficulties she was unable to ensure that her children went to school.

While opposing the death penalty, some groups are calling for greater police resources. “Friday Forum” an organisation of upper middle class intellectuals and professionals, said the prospect of judicial execution was a “counter-productive reaction to horrible crimes.” It stated: “The real deterrent is the likelihood that one will be found out, arrested, tried, convicted and punished. The remedy is improving the criminal justice system—better crime prevention, better crime detection, better investigation, improved prosecutions and trial procedures.”

Such propositions only divert attention from the deteriorating social conditions and assist the ruling elite to strengthen the state machinery, which will be directed, above all, at suppressing opposition to these conditions, which are produced by the capitalist profit system itself.

Sri Lankan president moves to implement death penalty

Wednesday, September 30, 2015

ඔබාමාගේ ප්‍රජාතන්තවාදය

එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය තුලදී ලොව ප්‍රධාන ධනපති කඳවුරු අතර ඇමරිකානු, චීන හා රුසියානු ජනපති වරුන් විසින් සිදුකල කතා මගින් හෙළිදරවු කරන්නේ මෙම කඳවුරු අතර විරසකය කොතරම් දුරට ඔඩු දුවා ඇත ද යන්නයි. කතා තුනම විශේෂයෙන්ම වඩාත් ඩිප්ලෝමටික් කිරීමට ඔවුන් උත්සාහ ගත්තත් තම තමන්ගේ ආර්ථික හා මිලිටරි මූලෝපායයන් සඳහා තම දේශපාලන පිළිවෙත් කුමන ආකාරයකින් හැඩ ගස්වා ගැනීමට තමන් උත්සාහ දරන්නේද යන්න පැහැදිලි වුනා.
ඔබාමාගේ කතාව විශේෂයෙන් ලොවටම පොලිස් කාරයාගේ අණට සමාන වුනා. ඔහුගේ කතාව ඩිප්ලෝමටික් වීමට අමතරව මුළුමුනින්ම සමන්විත වූයේ තර්ජනය කිරීම්, මුසාවාද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹඳ වාචාල, කරුණු වරදවා දැක්වීම් හා කරුණු වසන් කිරීම මගින්.

විශේෂයෙන්ම සිරියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව තර්ජනය කිරීම් කල ඔබාමා දකුණු දිග චීන මුහුදු කලාපයේ නාවික ගමනාගමනය සම්බන්දයෙන් චීනයට එරෙහිව තර්ජනය කිරීම් සිදු කළා.
ටයිම් සඟරාව ම සැසිවාරයට පෙර දිනයක සඳහන් කරනු ලැබුවේ 1945 දී පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එය පළමු සැසිවාරය 1946 ජනවාරි තුල සාකච්චා කල කරුණු වලට සමානම කරුණු සාකච්චා කිරීමට මේ 70 සැසිවාරය තුල ජාතීන්ට සිදුව ඇති බවයි. ජාත්‍යන්තර සරණාගත ප්‍රශ්නය, සාමය, සාගින්න සහ න්‍යෂ්ඨික ආයුද ප්‍රශ්න ඒ අතර ප්‍රධානයි. ඇත්තවශයෙන්ම අද ලෝකය 1931 මහා ලෝක ආර්ථික අවපාතයටත් එහා ගිය කොන්දේසි යටතේ නිර්මාණය කෙරුණු තත්වයන් යටතේ ලෝක යුද්දයක් අද්දර පැද්දෙන ලෝකයක් බවට පත් වී හමාරයි. 1931 අවපාතයෙන් පසුව ට්‍රොට්ස්කි එදා පැහැදිලි කල පරිදිම අදිරාජ්‍යවාදී පද්දතිය ලෝක යුද්දයක් වෙතට තල්ලුවී ගියා. ඒ පරිද්දෙන්ම එම අවදානම අද මහත් භයානක අයුරින් ලෝකය වෙත ගෙනවිත් හමාරයි. එවන් යුද්දයක් ලෝකයම විනාශකරන න්‍යෂ්ඨික යුද්දයක්.
මේ ඇවිලෙන ගිනි ජාලාවන් ගැන කිසිදු සඳහනක් ලංකාවේ කිසිම මාධ්‍යකින් හෙළිදරවු නොකරන්නේ නිකම්ම නෙවේ. සිරිසේන ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පස්ස පැත්තට වැඳගෙන ඉන්න තත්වයක මෙම අවදානම හෙළි කරන්නේ කොහොමද? රාජපක්ෂගේ කාලේ වුනත් වර්ධනය වන ධනපති ආර්ථික අවපාතය ගැන ලංකාවේ වැඩකරන මහා ජනතාව අඳුරේ තියන්න හැම මාධ්‍යක්ම ද්‍රෝහී ක්‍රියාකලාපයක් ඉටු කළා.

මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන ඔබාමා කියන්නේ මහජන මුදල් ඩොලර් බිලියන ගණනින් රටින් පිට දේශයන්හි තමන්ට අවනත ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා අධුරාජ්‍යවාදී යුද මාලාවක් කරපු, කරමින් ඉන්න ධනපති මිනීමරු ඒජන්තයෙක්. තමන් හිතන ඕනෑම පුද්ගලයෙක් ලෝකයේ කොතන හිටියත් ඩ්රෝන් ප්‍රහාර මගින් ඝාතනය කරන්න අන දෙන්න නීති හදාගත්ත ජනපතියෙක්. ජර්මනියේ ඉඳල යුරෝපයේ හැම තැනම න්‍යෂ්ටික බෝම්බ සිය ගණන් අටවන්න පටන්ගත්ත, ලෝකයේ අනික් ධනපති නායකයන්ට න්‍යෂ්ටික බෝම්බ හදනවට එරෙහිව තර්ජනය කරන වංචනිකක්. පොලීසිය යොදවල අහිංසක තම රටවසියන්ම දිනපතා මරල දාන්න අනදෙන අලුගොසුවෙක්. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම උල්ලංගනය කරමින් වතිකානුවේ පාප් වහන්සේට කොන්ග්‍රස් එකේ කතා පවත්වන්න පිලිගන්වල රාජ්‍යය හා ආගම වෙනකොට ගැනීමේ මූලික මූලධරම බිඳ දැම්ම බොරු ප්‍රජාතන්ත්‍රවාදියෙක්.

මේ කිසිවක් ඔබාමාගේ පුද්ගලික දෝෂයක් නිසා කරන දේවල් ලෙස ගැනීම වැරදියි. අපෝහක සත්‍ය නම් මේ සියලු ප්‍රතිගාමී ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයන්ට යටින් දිවෙන හේතු හැටියට තියෙන්නේ දශක ගනනාවක සිට ලෝක ආර්ථිකය තුල ඇමරිකානු ධනපති අධිකාරිය බිදවටෙමින් පැවතීමයි. එහි උච්චතම අවස්තාව හැටියට 2008 ඇමරිකාවෙන් පටන්ගත් ලෝක ආර්ථික අවපාතය සැලකිය යුතුයි. මෙම ගිලිහී යන ලෝක ආර්ථික හෙගමනිය ආරක්ෂා කර ගැනීමට ආක්‍රමණකාරී යුද්ද දිගේලි කරලා තම ධනපති පන්තියට ලාබ ශ්‍රම තටාක, නව තෙල් හා අනෙකුත් සම්පත්, නව වෙළඳපොළවල් නිර්මාණය කර දීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා. ඔබාමා ලෝකෙට පොලිස් කාරයෙක් වෙන්න දඟලන්නේ මෙන්න මේ කාරනා මත.

සත්තකින්ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමණයි දිනපතා මේ සත්‍ය ලෝකෙම මහා ජනතාවට පැහැදිලි කරන්නේ. ඒකත් අහම්බයක් නෙවෙයි.

Friday, September 25, 2015

කැළණි ගඟේ ජලය දූෂණය සම්බන්දයෙන් කොකා කෝලා කොම්පැනියට නඩු නැත්ද ?

පසුගියදා කැළණි ගඟට ඩීසල් වැනි තෙල් ද්‍රව්‍යක් මිශ්‍ර වෙලා කොළඹ ප්‍රදේශයට ජල සැපයුම නතර කරලා තිබුන. පරිසර සංවිධාන සඳහන් කරලා තිබුනේ මේ ජලයට ආසනික් පවා මිශ්‍ර වෙලා තිබුන කියල. බහු ජාතික සමාගමක් වන කොකා කොලා කොම්පැනිය මේ ජල දූෂණය තමන් අතින් සිදු වුන බවට පිළිගෙන තිබුන. කොම්පැනියේ පාරිසරික බලපත්‍රය අහෝසි කරලා රුපියල් බිලියනයක් දඩ ගෙවන්න කියල නියෝග කරලා කියල මාධ්‍යවල පල වුන. දැන් කතාව එතනින් ඉවරද?
ඇත්තටම ජලයට මිශ්‍ර උනේ කුමන රසායනිකයන්ද? ඒ වායින් කොපමණ ජල ප්‍රමාණයක් අපවිත්‍ර උනාද, ජල සම්පාධනය හරහා මහා ජනතාවට එම ජලය පානයට සිදු උනාද, ජලජ පරිසරයට උන හානිය කුමක්ද, මේ කිසිම ප්‍රශ්නයක් පිළිඹඳ වාර්තාවක් තාමත් නැහැ. සිදු කරන ලද හානියට අදාළ අපරාධ වගකීමක් පවරන්න නඩු දාපු බවකුත් තවම දැන ගන්නට නැහැ. එත් ධනපති සමාගම් එක්ක ලහි ලහියේ සමථ වලට එළඹිලා කාරනාව යටගහන්න ආණ්ඩුවේ ආයතන පේවෙලායි ඉන්නේ.
ඒක එහෙම වෙන එක අහන්න දෙයක් නෑ. වැලිවේරිය ජල දූෂණය කරපු ධම්මික පෙරේරාගේ ඩීප් ප්‍රෝඩක්ට්ස් සමාගමේ අපරාධ ගැන වාර්තා තවමත් එලියට දාල නෑ. කෲර වැඩ කොන්දේශි යටතේ මේ සමාගම් කම්කරුවන්ගේ හීරි මාංශ හූරගෙන කනවා විතරක් නොවෙයි ලාබ තර කර ගැනීම සඳහා පිරිපහදු ක්‍රම හරි වෙනත් ආරක්ෂණ ක්‍රම හරි රක්ෂණ ක්‍රම හරි ඔය එකක්වත් නැතුව තමයි මේවා දුවන්න ඉඩ හැරලා තියෙන්නේ. වැලිවේරිය ජල දූෂණය ගැන එකම හරි හමන් පරීක්ෂණය කලේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එනම් සමාජවාදී සමානතා පක්ෂය පමණයි. ඒ වැලිවේරිය ජල දූෂණය පිළිඹඳ ස්වාදීන කම්කරු පරීක්ෂණය මගින්. එහෙම නැතුව ධනපති පාලක පන්තියට කත් අදින ආණ්ඩු වලින් උන්ට අවාසි පරීක්ෂණ නිගමන එලියට එන්නේ නෑ. ඒ පරීක්ෂණ වාර්තාව එළිදක්වල වසරක් ගිහිල්ල්ලත් ධනපති මාධ්‍ය හැම එකක්ම ඒ වාර්තාව මහා ජනතාවගෙන් වහංගු කරලයි තියෙන්නේ.
ලෝකේ හැම තැනම ධනපති ආණ්ඩු වැඩකරන්නේ මේ විදියටම තමයි. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමේ මෙක්සිකෝවේ සාගරයේ 2010 දී සිදුවුණ දැවැන්ත තෙල් කාන්දුව නිසා සිදුවෙච්ච බරපතල පරිසර හානිය තිබියදීම අවුරුදු 18කින් ගෙවන විදියට ඩොලර් බිලියන 18.7 ක සොච්චම් මුදලක් පමණක් ගෙවන්න ඇමරිකානු රජය සමාගම සමග සමථ වුනා. ඒ විතරක් නොවේ බීපී සමාගමට අලුත් තෙල් ගොඩගන්න බලාගාර සඳහා කිසිම බාධාවක් නැතිව ලන්සු තියන්නත් අවසර දීල තියෙනවා.
ජපානයේ ෆුකිශිමා න්‍යෂ්ටික විදුලිබලාගාරය 2011 සුනාමිය සමග හානියට පත් උනාම ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රම හා පද්ධති නොමැතිවීම නිසා ගොඩබිමත් මහා සාගරයත් හානිකරමින් විකිරණ සහිත ජලය මුහුදට මුදා හැරිය. ටොන් 750ක් න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහිත ජලය! අදත් ටෙප්කෝ සමාගමට එරෙහිව එහි වගවීම සඳහා කිසිවක් කරලා නෑ. අබේ ආණ්ඩුව සමාගම බේරගන්න මහා ජනතාවගේ විරෝධය මැද්දේ කටයුතු කරන්නේ සමාගමේ ලාභ ගරන බලාගාර නැවත අරින්න අවසරත් දෙන ගමන්.
ලංකාවේ කොකා කෝල සිද්ධියත් සම්බන්දයෙන් ඊනියා යහපාලන ආණ්ඩුව කරන්නෙත් එකමයි. මේ මහා පරිමාන අපරාධ වලට එරෙහිව කම්කරු පන්තිය පරීක්ෂණ පවත්වන්න ඕන. වැලිවේරිය ජල දූෂණය පිළිඹඳ ස්වාදීන කම්කරු පරීක්ෂණය ඒ වගේ එකක්. පරිසර හිතකාමීව ලෝකයේම සම්පත් මහා ජනතාවගේ අවශ්‍යතාවලට සරිලන පරිදි යොදාගෙන නිෂ්පාදනය කරන, බෙදා හරින, ලාභ ක්‍රමය අහෝසි කරන ලෝක සමාජවාදී ක්‍රමයක් ඇතුලේ විතරයි මේ වගේ බහු ජාතික සමාගම් වල වත්කම් ජනසතු කරලා ශ්‍රම සූරා කෑම නතර කරලා පරිසරයත් සුරකින්න පුළුවන් වෙන්නේ.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව නැවත සැරසෙයි

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලොත් දරුනු අපරාධ රැල්ල නැතිවෙනු ඇතැයි කියමින් දැන් එක රොත්තට අපරාධ, මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ගැන නොදන්න 'බබා' මැති ඇමතිවරු වැඩේට බැහැගෙන ඉන්නේ. මොකටද, අපරාධ නැතිකරන්න දැඩි දඬුවම් නීති ගෙන්න. මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.
අපරාධ රැල්ල අඩු කිරීම කෙසේ වෙතත් ධනපති ආණ්ඩු හැමදාමත් කලේත්, කරන්නට පුළුවන් වන්නේත් මහා ජනතාව භීතියට පත් කරන, දඬු කදේ ගහන නීති ගෙන එක තමයි. පීඩිත මහා ජනතාවට එරෙහිව මර්ධන යාන්ත්‍රනය තර කර ගන්න තමයි පාලක පන්තිය මරණ දඬුවම ලොබි කරන්නේ. එහෙම නැතුව මහා ජනතාවකට තියෙන ආදරයකට නම් නෙවි. පීඩිත මහා ජනතාවකට ආදරයක් තිබේනම් තමන්ගේම තරුණ කොල්ලෝ කෙල්ලෝ 60000කට වැඩි ප්‍රමාණයක් දකුණේ අමු අමුවේ මරා දාන්නත්, දරුවොත් එක්ක පවුල් පිටින් ගිනි තියන්නත්, උතුරේ දෙමල මහ ජනතාවට එරෙහිව තිස් අවුරුදු යුද්දයක් කරලා දහස් ගණන් මිනිස්සු මරා දාන්නෙත් කොහොමද? සිවිල් මහ ජනතාවක් මතට ෂෙල් වෙඩි වස්සවල මිසක් උතුරේ යුද්දේ අහවර කරන්න බැරිබව දැන දැනම තමයි ඒ විදියටම ධනපති යුද්දේ ඉවර කලේ.
උන් ඔක්කොටම කිඹුල් කඳුළු හලන්න පුළුවන් මහා ජනතාව ගොනාට අන්දන්න. වැලිවේරිය පිරිසිදු වතුර ඉල්ලලා කෑ ගහපු මිනිස්සුන්ට වෙඩි තියල මිනී මරපු එවුන් නිදැල්ලේ. තුන්නනේ වතුර ප්‍රශ්නෙට අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කලාම ඒ මිනිසුන්ව උසාවියට ගෙනාවේ හරියට උන් අපරාධකාරයෝ වගේ.මරණ දණ්ඩනේ ගෙනාවොත් කම්කරු, ශිෂ්‍ය අරගල පාගල දාන්න ඒක යහමින් යොදා ගැනීමට නියමිතයි.
1956 දී කොල්වින් ආර් ද සිල්වා පාර්ලිමේන්තුවේදී කිවුවේ අපරාධ යනු සමාජ රෝගයක් කියල. ඔහු තවදුරටත් මෙහෙම කිවුව:
"The truth of the matter is that man in society, as he is constituted, may have the beast's desire to kill arising within him in various circumstances. But the truth must equally be recognized that man, as he is constituted, and in particular a civilized man, has a number of almost instinctive checks upon that desire which may arise in him at times. There is in truth not one among us, not even among those who in the perfection of their civilization, think that this is a matter for laughter, who does not occasionally feel that he must kill another because he feels so deeply. But he does not. And that is the answer to the question. Why does he not? Because his education, his upbringing, the position he holds in society, the entire context of his life stands in the way of his giving vent to what is fundamentally an anti-social desire.”
සත්‍ය එයයි. ද සිල්වාගෙ මුළු කතාවම කියවන්න කියල මම ඔබට ආරාධනා කරනන කැමතියි.
වැඩකරන පීඩිත මහා ජනතාව, තරුණයෝ, ශිෂ්‍යයෝ පාලක පන්තියේ එකී වංචාකාරී වාචාලවලින් නිදහස්ව සිතිය යුතුයි. ධනපති ආණ්ඩු විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි වන්න.

Pseudo- left professor Sumanasiri Liyanage advocates a Syriza type coalition of the ‘left’ against neo-liberalism.

Pseudo- left professor Sumanasiri Liyanage advocates a Syriza type coalition of the ‘left’ against neo-liberalism.
(Written in July 2015)
Speaking at a Colombo meeting on the topic of “Crisis in Greece –European Union and the stakes for the Left ”, Sri Lanka’s pseudo-left professor Sumanasiri Liyanage confirmed his advocacy of Greece’s Syriza type trap for the working class in Sri Lanka amidst island’s growing political crisis. The meeting had been organized by a group called “Left Voice” which consists of few ex-lefts rifted from Nava Sama Samaja Party and some other pseudo-radicals, including Liyanage himself and was held on last July 09.
Liyanage, who had been promoting Greece’s Syriza as a model for Sri Lanka’s ‘lower classes’ in a series of his articles, reiterated what he had written to the July edition of “Left Voice”, a monthly Sinhala newspaper published by the aforesaid group, in an article titled “Sri Lanka’s January 08 Front and Greece’s Syriza regime change”.
He wrote, “Syriza raises two questions. 1. Is it not possible to institute a Syriza type government in Sri Lanka? 2. Is it not possible for such government to implement an economic, social and political programme detached from neo-liberalism? The answer I give to both those questions is that it is possible.” He continues to say that though there are issues with various “left” parties about the other ‘left’ parties, all parties claiming to be ‘left’ should discuss and prepare a programme akin to that proposed by Syriza and face the upcoming general election as a Sri Lankan Syriza. He hopes that such step would be a more progressive one than what Syriza acquired in 2004.
In an article titled “N.M., Allende, & Chavez: Re-reading three strategies for Socialism,” published in June in his blog he wrote, “the lesson in Greece, the formation of Syriza is one way for us to come out of the trap that we are in. In my view, in the next Parliamentary election, all the left parties should form an alliance with 21st [Century] socialism as its political strategy. Under given situation, I think that the JVP [Janatha Vimukthi Peramuna] and FSP[Frontline Socialist Party] together should take the lead in forming such an alliance, ‘bloc of the lower classes’.
Liyanage is advising the “left” to discuss and join to form an alliance in the type of Syriza in the country to confront the problems of neo-liberalism, though he is doubtful whether the Syriza experiment would be successful at the first round. In his speech he clarified his position and said that “Syriza never promised to institute Socialism.”According to him, the Greek Independent which was absorbed into Syriza government is not right-wing. Greeks consumed more than what they produced and this caused the Greece debt crisis.
The professor’s propositions are utterly misconceived, misleading and false. He is playing a pernicious role in advocating Syriza as a model to hoodwink the youth and the working class in an endeavour to prevent their independent mobilization for the perspective of international Socialism. The professor of the University of Peradeniya has been a theoretical mentor for the JVP breakaway faction, the FSP and supported its campaign during the January presidential election. The FSP declared its readiness to form a left alliance like Greece’s Syriza or Spain’s Podemos against the ‘neo-liberal policies’.
Greece’s Syriza( the Coalition of the Radical Left) came to power in last January elections renouncing its leftist pretentions in joining hands with the right-wing Independent Greeks (ANEL). Once elected to form the government, the Syriza has repeatedly shown its treacherous class character by offering quite far-reaching concessions to the EU and has complied so far with all its financial obligations. None of the promises made before the election against austerity and cuts have been kept. On the contrary Syriza has moved to impose an unprecedented European Union (EU) austerity package against the massive “No” vote of the Greece working class at the July 5 fake referendum.
Liyanage is well aware of the bourgeoisie class character of the Syriza and quite interestingly even by the time he made his speech reiterating his advocacy of Syriza model, he was aware that the Syriza was going to betray the Greece working class in capitulating to the EU demands and Greek Prime Minister Alexis Tsipras’ democratic demagogy will soon lead to repudiation of the landslide “no” vote of the masses. This is the kind of the model of the programme that Liyanage wants the ‘left’ to build up in Sri Lanka.
The events in Greece have clearly exposed the role of Syriza and similar pseudo-left parties around the world which are rooted in the affluent middle class and schooled in postmodernism. According to the professors and parliamentarians who lead these organizations, the era of the class struggle and Marxism has expired. Liyanage belongs to this category of professoriate.
According to Liyanage the present crisis of Sri Lanka is due to implementation of neo-liberal policies by capitalist governments and a Syriza type government, if elected to power in forming such an alliance, ‘bloc of the lower classes’, such government will be able to implement an “economic, social and political programme detached from neo-liberalism”. For him, as for FSP and its student wing, the Inter University Student Federation (IUSF), neo-liberalism is a policy the implementation of which depends upon the government that is in power.
The whole formulation is false. Neo-liberalism is not a policy which is a choice of this or that bourgeoisie government, but a stage of the crisis of world capitalism, so the freedom from the effects of neo-liberalism lies in the fight against Capitalism for international Socialism. Building of Socialism requires mobilization of the international working class independent from all types of pseudo-left tendencies and petty-bourgeoisie outfits which have pledged allegiance to imperialism and its drive to world war. This is the very programme the pusedo-left intellectuals like Liyanage reject.
A political vagabond, Liyanage had formerly been a member of the Lanka Sama Samaja Party (LSSP) in early 1950s and even thereafter when the LSSP betrayed its Trotskyst programme by joining the bourgeoise government of Sirima Bandaranaike in 1964 he was yet a member of LSSP. Liyanage had remained in the LSSP even after its betrayal, and when it joined a second Bandaranaike government in 1970 and implemented anti-working class, communal policies. He had only broke from the LSSP when it had earned the hostility of the overwhelming majority of the working class. Far from altering his opportunist course, he ha d become one of the founders of the Nava Sama Samaja Party (NSSP) in 1978, which, continued the LSSP’s politics of class collaboration under a new name. After the collapse of the Soviet Union in 1991, Liyanage turned further to the right, declaring that the “accepted socialism” of Marx was “outdated” and had to be replaced by a new “liberal socialism” to work toward a “reasonable” capitalism. Though he subsequently drifted out of NSSP, is having close relations with the same and groups consisting of its outfits like “Left Voice”.
Being a vociferous opponent of Trotskysm and advocating a kind of Hugo Chavez’ s “21st Century Socialism, which he says is a better perspective in the present crisis, ” its no surprise that Liyanage has degenerated into advocating a Syriza model. In a May 2014 article titled “ Permanent Revolution and the Theory of Two Stages” Liyanage declared “Its about thirty years after that I turned pages of Trotsky’s book, Permanent Revolution.” His above formulations organically draw from his repudiation of Trotskysm when he says Trotsky was right when he rejected the Theory of Two Stages but wrong when he rejected the dictatorship of the proletariat and the peasantry. Therefore, an ‘alliance of the popular classes’ should be formed to fight against neo-liberalism.
Liyanage’s formulations include complete repudiation of the revolutionary role of the working class and that of the independent revolutionary leadership of the party of the working class. The ‘bloc of the lower classes’ comprises of not by the independent leadership of the working class but of the ‘popular classes’ including middle-class individuals, pressure groups and intellectuals and would have to be led by groups like pseudo-left FSP, NSSP and United Socialist Party (USP) and bourgeoisie nationalist JVP. This is utterly reactionary. As Trotsky pointed out “..the slogan of the democratic dictatorship of the proletariat and the peasantry, finally and long ago exhausted by history, can have only a reactionary effect.”
The appeals Liyanage makes to the petty-bourgeoise FSP and JVP to get together to form a Syriza type programme underscores the professor’s line up with American imperialism. Both FSP and JVP supported the US backed conspiracy to install Maithripala Sirisena as president in the January presidential election.
Working class and the youth should understand the counter-revolutionary role being played by Liyanage and other pseudo-intellectuals. Their only programme is to derail the independent mobilization of the working class on the perspective of international Socialism, which is the only fight against international capital.