Friday, September 25, 2015

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව නැවත සැරසෙයි

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලොත් දරුනු අපරාධ රැල්ල නැතිවෙනු ඇතැයි කියමින් දැන් එක රොත්තට අපරාධ, මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ගැන නොදන්න 'බබා' මැති ඇමතිවරු වැඩේට බැහැගෙන ඉන්නේ. මොකටද, අපරාධ නැතිකරන්න දැඩි දඬුවම් නීති ගෙන්න. මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.
අපරාධ රැල්ල අඩු කිරීම කෙසේ වෙතත් ධනපති ආණ්ඩු හැමදාමත් කලේත්, කරන්නට පුළුවන් වන්නේත් මහා ජනතාව භීතියට පත් කරන, දඬු කදේ ගහන නීති ගෙන එක තමයි. පීඩිත මහා ජනතාවට එරෙහිව මර්ධන යාන්ත්‍රනය තර කර ගන්න තමයි පාලක පන්තිය මරණ දඬුවම ලොබි කරන්නේ. එහෙම නැතුව මහා ජනතාවකට තියෙන ආදරයකට නම් නෙවි. පීඩිත මහා ජනතාවකට ආදරයක් තිබේනම් තමන්ගේම තරුණ කොල්ලෝ කෙල්ලෝ 60000කට වැඩි ප්‍රමාණයක් දකුණේ අමු අමුවේ මරා දාන්නත්, දරුවොත් එක්ක පවුල් පිටින් ගිනි තියන්නත්, උතුරේ දෙමල මහ ජනතාවට එරෙහිව තිස් අවුරුදු යුද්දයක් කරලා දහස් ගණන් මිනිස්සු මරා දාන්නෙත් කොහොමද? සිවිල් මහ ජනතාවක් මතට ෂෙල් වෙඩි වස්සවල මිසක් උතුරේ යුද්දේ අහවර කරන්න බැරිබව දැන දැනම තමයි ඒ විදියටම ධනපති යුද්දේ ඉවර කලේ.
උන් ඔක්කොටම කිඹුල් කඳුළු හලන්න පුළුවන් මහා ජනතාව ගොනාට අන්දන්න. වැලිවේරිය පිරිසිදු වතුර ඉල්ලලා කෑ ගහපු මිනිස්සුන්ට වෙඩි තියල මිනී මරපු එවුන් නිදැල්ලේ. තුන්නනේ වතුර ප්‍රශ්නෙට අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කලාම ඒ මිනිසුන්ව උසාවියට ගෙනාවේ හරියට උන් අපරාධකාරයෝ වගේ.මරණ දණ්ඩනේ ගෙනාවොත් කම්කරු, ශිෂ්‍ය අරගල පාගල දාන්න ඒක යහමින් යොදා ගැනීමට නියමිතයි.
1956 දී කොල්වින් ආර් ද සිල්වා පාර්ලිමේන්තුවේදී කිවුවේ අපරාධ යනු සමාජ රෝගයක් කියල. ඔහු තවදුරටත් මෙහෙම කිවුව:
"The truth of the matter is that man in society, as he is constituted, may have the beast's desire to kill arising within him in various circumstances. But the truth must equally be recognized that man, as he is constituted, and in particular a civilized man, has a number of almost instinctive checks upon that desire which may arise in him at times. There is in truth not one among us, not even among those who in the perfection of their civilization, think that this is a matter for laughter, who does not occasionally feel that he must kill another because he feels so deeply. But he does not. And that is the answer to the question. Why does he not? Because his education, his upbringing, the position he holds in society, the entire context of his life stands in the way of his giving vent to what is fundamentally an anti-social desire.”
සත්‍ය එයයි. ද සිල්වාගෙ මුළු කතාවම කියවන්න කියල මම ඔබට ආරාධනා කරනන කැමතියි.
වැඩකරන පීඩිත මහා ජනතාව, තරුණයෝ, ශිෂ්‍යයෝ පාලක පන්තියේ එකී වංචාකාරී වාචාලවලින් නිදහස්ව සිතිය යුතුයි. ධනපති ආණ්ඩු විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි වන්න.

No comments:

Post a Comment