Sunday, October 29, 2017

වෙන්වයාම තීරනය වන්නේ ව්‍යවස්ථාවෙන් නොවේ

වෙන්වයාම තීරනය  වන්නේ  ව්‍යවස්ථාවෙන්  නොවේ

කැටලන් පාර්ලිමෙන්තුව ඔක්තොම්බර් 27 එකපාර්ශිකව ස්පාඤ්ඤයෙන් වෙන්වීම  එනම්   නිදහස ප්‍රකාශ  කලේය.ඒ සදහා කැටලන් ආන්ඩුවට එහි ජනතාවගෙන්  ඔක්තෝම්බර් 1 දා ජනමත  විචාරනයෙන් ඉහල ජන වරමක් ලැබුණි.  පාර්ලිමේන්තු අධිරාජ්‍යය ක් වන ස්පාඤ්ඤය  1978 ආන්ඩුක්‍රම   ව්‍යවස්ථාවේ  2 වන වගන්තිය අනුව විසිරුවාහල නොහැකි ඒකකයකි. එය සෑම ස්පාඤ්ඤ වැසියකුගේම පොදු හා විභේදනය කල නොහැකි මවුබිමයි. එය සියලු ජාතීන්ගේ ස්වයං  පාලනය සදහා ඇති අයිතිය පිලිගන්නා අතර එය තහවරු කරයි:
"The Constitution is based on the indissoluble unity of the Spanish Nation, the common and indivisible homeland of all Spaniards; it recognises and guarantees the right to self government of the nationalities and regions of which it is composed and the solidarity among them"

ස්පාඤ්ඤ   ව්‍යවස්ථා අධිකරණය  ජනමත විචාරනය නීති විරෝධී යැයි තින්දු කලේය. ස්පාඤ්ඤ ආන්ඩුව ඡන්දය නතර කිරීම් සදහා මිලිටරි පොලීසිය යොදවා මර්ධනය දිගේලි කලේය. දැන් ස්පාඤ්ඤ  ආන්ඩුව විසින් කැටලන් පාර්ලිමෙන්තුව විසුරුවා හැර සෘජු පාලනයට යටත් කොට ඇති (155 වගන්තිය)  අතර නව මැතිවරනයක් කැදවා ඇත. කැටලන් පොලීසිය විසුරුවා ඇත. අවසාන  අදියරෙදී මෙම තත්ත්වය කැරල්ලක් හා දරුනු මර්දනයක් හෝ සිවිල් යුද්දයක් වෙත තල්ලුවීම නොවැලැක්විය හැකි ය.

මෙයින් සනාථ වන එක් පැහැදිලි සත්‍යයක්  තිබේ- කිසිදු   ඒක පාර්ශවික වෙන්වීමක් සාමකාමීව සිදු නොවේ. අවසානයේ  ආන්ඩුක්‍රම   ව්‍යවස්ථාව හෝ නීතිය කුමක්ද යන්න තීරනාත්මක සාධකය   නොවේ. විසදුම තීරණය  වන්නේ දේශපාලන තලයේදී ය. එය ප්‍රාන්ත ආන්ඩුවල මිලිටරි බලය, එයට ඇති ජනතා සහාය හා මධ්‍යම රජයේ මිලිටරි  බලයෙන් මෙන්ම අදිරජ්‍යවාදී මදිහත්වීම් මගින් අවසානය සනිටුහන් කරයි.

ප්‍රාන්යක් මධ්‍යම රාජ්යයෙන් වෙන්වීම තීන්දු කිරීමත් සමග  රටක ඒකීයභාවය පිලිබඳව එහි   ආන්ඩුක්‍රම   ව්‍යවස්ථාවේ කුමක් සදහන්  වුවත් ඒ මොහොතේ සිට තවදුරටත්  එම  ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම නතර වේ. ඉන් පසු කාරනා තීරනය වන්නේ දේශපාලනය හා මිලිටරි බලය මතයි.

එ අනුව ව්යවස්ථා සම්පාදක අවස්ථාවකදී රටක ව්යවස්ථාවේ "ඒකීය"  හෝ " සංදීය " යන්න සඳහන් කිරිම තීරනාත්මක කාරනා   නොවේ. එවන් සාකච්චාවක් මග එලිකරනු ඇත්තේ දෙපැත්තේම ජාතිවාදය ශක්තිමත් කිරීම වෙතයි. එමගින් අන්ත දක්ශිනාන්ශික ජාතිවාදී පක්ශ ඊලඟ මැතිවරනයේදී බලය තහවරු කර ගැනීමට උදවු වනු ඇත.

ව්‍යවස්ථා  සම්පාදනයේ දී වඩාත් වැදගත් වනු ඇත්තේ ප්‍රාන්ත ප්‍රදෙශ වලට විමධ්‍යගත  කරන පරිපාලන බලතල සම්බන්ද කාරනාය. විශේෂයෙන්  පොලිස්, මිලිටරි, විදෙශ කටයුතු යන කාරනා විමධ්‍යගත  කිරීම ප්‍රාන්තයක්  වෙන්වයාම තීරනය කිරීම සමග එනම් ව්යවස්ථාව අකර්මණ්‍ය  විම ආරම්භ  වන විට අතිශය තීරනාත්මක කරුනු බවට පත් වේ.

කෙසේ නමුත් වෙන්වයන ප්‍රාන්යක් අවසාන වශයෙන් පිහිටවනු ඇත්තේ තවත් ධනපති ආන්ඩුවක් බැවින් එහි සාමාන්‍ය  වැඩකරන ජනතාව ඇතුලු පීඩිත පන්තීන්ට ලැබෙන සහනයක් නම් නැත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලිව දක්වන පරිදිම ස්පාඤ්ඤ මහජනතාව මධ්‍යම  හා  ප්‍රාන්ත  ආන්ඩු මගින් එක දිගට 2008 මූල්‍ය හා ආර්ථික අර්බුදයෙන් පසු ක්‍රියාවට දැමූ කප්පාදු වැඩපිලිවෙල මගින් බැටකනු ලැබිණි.  ඒ හේතුවෙන් එම ආන්ඩු    මහජන අප්‍රසාදයට පත්ව ඇති  තතු තුල කැටලන් ධනපති ආන්ඩුව එම අප්‍රසාදය   ගසා කෑවේ ජාතිවාදී බෙදුම්වාදය ඉස්සරහට දමා ගනිමිනි.

දකුනේ ආන්ඩු බලය තහවරු කිරීම සදහා  සිංහල ස්වෝත්තමවාදී ආන්ඩු යටතේ දියත් කල අකටයුතුකම්, මර්ධන හා සමූල ඝාතන වලට අමතරව ලංකාවේ  දෙමල ධනපති ජාතිවාදී දෙශපාලනය මූලිකවම පදනම් වන්නේද  මෙවැනිම තතු යටතේය.

පහත ලිපි ඉතා වැදගත්:

Spain imposes military rule in Catalonia to preempt independence bid


ස්පාඤ්ඤ ආන්ඩුව කැටලෝනියාව මත මිලිටරි පිටුබලය සහිත පාලන තන්ත‍්‍රයක් අටවන බවට තර්ජනය කරයි

An independent class strategy for the Spanish and Catalan working class!