Wednesday, September 30, 2015

ඔබාමාගේ ප්‍රජාතන්තවාදය

එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය තුලදී ලොව ප්‍රධාන ධනපති කඳවුරු අතර ඇමරිකානු, චීන හා රුසියානු ජනපති වරුන් විසින් සිදුකල කතා මගින් හෙළිදරවු කරන්නේ මෙම කඳවුරු අතර විරසකය කොතරම් දුරට ඔඩු දුවා ඇත ද යන්නයි. කතා තුනම විශේෂයෙන්ම වඩාත් ඩිප්ලෝමටික් කිරීමට ඔවුන් උත්සාහ ගත්තත් තම තමන්ගේ ආර්ථික හා මිලිටරි මූලෝපායයන් සඳහා තම දේශපාලන පිළිවෙත් කුමන ආකාරයකින් හැඩ ගස්වා ගැනීමට තමන් උත්සාහ දරන්නේද යන්න පැහැදිලි වුනා.
ඔබාමාගේ කතාව විශේෂයෙන් ලොවටම පොලිස් කාරයාගේ අණට සමාන වුනා. ඔහුගේ කතාව ඩිප්ලෝමටික් වීමට අමතරව මුළුමුනින්ම සමන්විත වූයේ තර්ජනය කිරීම්, මුසාවාද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹඳ වාචාල, කරුණු වරදවා දැක්වීම් හා කරුණු වසන් කිරීම මගින්.

විශේෂයෙන්ම සිරියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව තර්ජනය කිරීම් කල ඔබාමා දකුණු දිග චීන මුහුදු කලාපයේ නාවික ගමනාගමනය සම්බන්දයෙන් චීනයට එරෙහිව තර්ජනය කිරීම් සිදු කළා.
ටයිම් සඟරාව ම සැසිවාරයට පෙර දිනයක සඳහන් කරනු ලැබුවේ 1945 දී පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එය පළමු සැසිවාරය 1946 ජනවාරි තුල සාකච්චා කල කරුණු වලට සමානම කරුණු සාකච්චා කිරීමට මේ 70 සැසිවාරය තුල ජාතීන්ට සිදුව ඇති බවයි. ජාත්‍යන්තර සරණාගත ප්‍රශ්නය, සාමය, සාගින්න සහ න්‍යෂ්ඨික ආයුද ප්‍රශ්න ඒ අතර ප්‍රධානයි. ඇත්තවශයෙන්ම අද ලෝකය 1931 මහා ලෝක ආර්ථික අවපාතයටත් එහා ගිය කොන්දේසි යටතේ නිර්මාණය කෙරුණු තත්වයන් යටතේ ලෝක යුද්දයක් අද්දර පැද්දෙන ලෝකයක් බවට පත් වී හමාරයි. 1931 අවපාතයෙන් පසුව ට්‍රොට්ස්කි එදා පැහැදිලි කල පරිදිම අදිරාජ්‍යවාදී පද්දතිය ලෝක යුද්දයක් වෙතට තල්ලුවී ගියා. ඒ පරිද්දෙන්ම එම අවදානම අද මහත් භයානක අයුරින් ලෝකය වෙත ගෙනවිත් හමාරයි. එවන් යුද්දයක් ලෝකයම විනාශකරන න්‍යෂ්ඨික යුද්දයක්.
මේ ඇවිලෙන ගිනි ජාලාවන් ගැන කිසිදු සඳහනක් ලංකාවේ කිසිම මාධ්‍යකින් හෙළිදරවු නොකරන්නේ නිකම්ම නෙවේ. සිරිසේන ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පස්ස පැත්තට වැඳගෙන ඉන්න තත්වයක මෙම අවදානම හෙළි කරන්නේ කොහොමද? රාජපක්ෂගේ කාලේ වුනත් වර්ධනය වන ධනපති ආර්ථික අවපාතය ගැන ලංකාවේ වැඩකරන මහා ජනතාව අඳුරේ තියන්න හැම මාධ්‍යක්ම ද්‍රෝහී ක්‍රියාකලාපයක් ඉටු කළා.

මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන ඔබාමා කියන්නේ මහජන මුදල් ඩොලර් බිලියන ගණනින් රටින් පිට දේශයන්හි තමන්ට අවනත ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා අධුරාජ්‍යවාදී යුද මාලාවක් කරපු, කරමින් ඉන්න ධනපති මිනීමරු ඒජන්තයෙක්. තමන් හිතන ඕනෑම පුද්ගලයෙක් ලෝකයේ කොතන හිටියත් ඩ්රෝන් ප්‍රහාර මගින් ඝාතනය කරන්න අන දෙන්න නීති හදාගත්ත ජනපතියෙක්. ජර්මනියේ ඉඳල යුරෝපයේ හැම තැනම න්‍යෂ්ටික බෝම්බ සිය ගණන් අටවන්න පටන්ගත්ත, ලෝකයේ අනික් ධනපති නායකයන්ට න්‍යෂ්ටික බෝම්බ හදනවට එරෙහිව තර්ජනය කරන වංචනිකක්. පොලීසිය යොදවල අහිංසක තම රටවසියන්ම දිනපතා මරල දාන්න අනදෙන අලුගොසුවෙක්. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම උල්ලංගනය කරමින් වතිකානුවේ පාප් වහන්සේට කොන්ග්‍රස් එකේ කතා පවත්වන්න පිලිගන්වල රාජ්‍යය හා ආගම වෙනකොට ගැනීමේ මූලික මූලධරම බිඳ දැම්ම බොරු ප්‍රජාතන්ත්‍රවාදියෙක්.

මේ කිසිවක් ඔබාමාගේ පුද්ගලික දෝෂයක් නිසා කරන දේවල් ලෙස ගැනීම වැරදියි. අපෝහක සත්‍ය නම් මේ සියලු ප්‍රතිගාමී ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයන්ට යටින් දිවෙන හේතු හැටියට තියෙන්නේ දශක ගනනාවක සිට ලෝක ආර්ථිකය තුල ඇමරිකානු ධනපති අධිකාරිය බිදවටෙමින් පැවතීමයි. එහි උච්චතම අවස්තාව හැටියට 2008 ඇමරිකාවෙන් පටන්ගත් ලෝක ආර්ථික අවපාතය සැලකිය යුතුයි. මෙම ගිලිහී යන ලෝක ආර්ථික හෙගමනිය ආරක්ෂා කර ගැනීමට ආක්‍රමණකාරී යුද්ද දිගේලි කරලා තම ධනපති පන්තියට ලාබ ශ්‍රම තටාක, නව තෙල් හා අනෙකුත් සම්පත්, නව වෙළඳපොළවල් නිර්මාණය කර දීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා. ඔබාමා ලෝකෙට පොලිස් කාරයෙක් වෙන්න දඟලන්නේ මෙන්න මේ කාරනා මත.

සත්තකින්ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමණයි දිනපතා මේ සත්‍ය ලෝකෙම මහා ජනතාවට පැහැදිලි කරන්නේ. ඒකත් අහම්බයක් නෙවෙයි.

No comments:

Post a Comment