Monday, June 25, 2018

වීකිලීක්ස් නිර්මාතෘ දඩයම් කිරීමට එරෙහි වෙමු! ජුලියන් අසාන්ජ් නිදහස් කරනු!


ඇමරිකන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යුධ අපරාද, තන්ත්‍ර මාරු කුමන්ත්‍රන ඇතුලු ලොව පුරා ආන්ඩුවල මිනීමැරීම්, ඝාතන හා මහ ජනතාව ගේ තොරතුරු එකතු කිරීමේ හා නිරීක්ෂණය කිරීමේ අපරාද ලොවටම හෙලිකල විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වන මාද්‍යවේදී හා සිවිල් අයිතිවාසිකම් සටන්කරු ජුලියන් අසාන්ජ් ඔහුව දඩයම් කිරීමේ ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ස්වීඩන, ඉක්වදෝරය හා ඕස්ට්‍රේලියානු ආන්ඩුවල කුමන්ත්‍රන හමුවේ  මේ වන විට බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තානාතිපති කාර්‍යාලයේ ජීවිතයත් මරනයත් අතර සටනකට මුහුන දී සිටී.

බුෂ්, ඔබාමා  හා ටෝනි බ්ලෙයර් පරිපාලන තන්ත්‍රයන් විසින් අමු බේගල් මත ඉරාකය, ඇෆ්ගනිස්තානය, යේමනය ආදී රටවල  දියත් කෙරුනු ආක්‍රමනකාරී යුද්ධ වලදී ලක්ෂ ගනනින් මහජනතාව මරනයට පත් කෙරුනි. ශිෂ්ටාචාර සුන්න්ත්දූලි කරනු ලැබුනි. සියලු ප්‍රදාන  ධාරාවේ පාලක පන්ති ගැති මාධ්‍ය විසින් වසන් කරනු ලැබූ මෙම අපරාධ අසාන්ජ් ප්‍රමුඛ විකිලීක්ස් මගින් ලොව මහජනයා ඉදිරිපිට විවෘත කරනු ලැබිනි.   ඇමරිකානු යුද රහස් හෙලි කිරීම යන චෝදනාව මත අතඩංගුවට ගැනීමටත් ඉන් පසුව මරන දඩුවම දක්වා අසාන්ජ්ව කුදලාගෙන යෑම පිනිසත් අධිරාජ්‍යවාදී බලවතුන් මාන බලමින් සිටින්නේ එනිසයි. 2012 ජුනි 19 සිට  බ්‍රිතාන්‍යය තුල ඉක්වදෝර තානාතිපති කාර්‍යාලයේ දේශපාලන සරනාගතයෙකු  ලෙස රැදී සිටින අසාන්ජ් කුමන අවස්තාවක හෝ ඇමරිකානු ගැති ඉක්වදෝරය විසින්  බ්‍රිතාන්‍ය පොලිස් මුර බල්ලන් අතට මුදාහැරීමේ අන්තරාය වැඩෙමින් තිබේ.

අසාන්ජ් බ්‍රිතාන්‍යයේදී මුල් වරට  2010 දෙසැම්බර් මස සිරගත කිරීමේ දේශපාලන පසුබිම හෙලිදරවු කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ සටහන් කලේය:

“අසන්ජ් හා විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහි ව්‍යාපාරය මෙහෙයවන්නේ, ඇමරිකානු ජනතාවට හොරා ගෙනයන ලද මැතිවරන සොරාගැනීමේ සිට මර්දනකාරී නීතිවිරෝධී යුද්ධ, වධ බන්ධන මෙන්ම ජාත්‍යන්තර ත‍්‍රස්තයේ අනෙක් සියලු වර්ගයේ ක‍්‍රියාවන් දක්වා වන දශක ගනනාවක සාපරාධී කටයුතු පිලිබඳව වගකිවයුතු ආන්ඩු හා පාලන සංස්ථාපිතයන්හි නියෝජිතයන් විසිනි.

හීලැවූ ද නොබැරෑරුම්වූ ද මාධ්‍ය විසින් හේතු සාධක ලෙස වාර්තාකරන ලද ”ජනඝාතක අවි” හා කිසිසේත්ම නොපැවතියාවූ ත‍්‍රස්තවාදී සම්බන්ධකම් පිලිබඳ ගල්පැලෙන බොරු ඇදබාමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත බිලිගත් ඉරාක යුද්ධය තුලට ඇදදමන ලද රටකි මෙය.

මේවා ද අනෙකුත් අපරාධ ද වසංකරන හෝ යුක්තිසහගත කරන ලද්දේ මහජනතාවට අමූලික බොරු කීම හෝ රාජ්‍ය රහස් පිලිබඳ යාදින්න තුලින්ය. මෙම කර්තව්‍යය මෙතරම්ම අවශ්‍යව ඇත්තේ ද ඒ පිලිබඳව විකිලීක්ස් වෙබ් අඩවියට පහරදෙන්නවුන් ඒසා පරිමානයකින් වෛරී සහගත හා බියපත්ව ඇත්තේ ද එබැවින්ය.

විකිලීක්ස් වෙබ් අඩවිය පසුගිය අප්‍රේ‍ල් මාසයේදී ප‍්‍රහාරක හෙලිකොප්ටරයක වෙඩි ප‍්‍රහාරයකින් රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුලුව ඉරාක වැසියන් 15 දෙනෙකු මරුමුවට පත්කල බැග්ඩෑඩ්හි ඝාතනය අඬංඟු ”සමූහ ඝාතන” යන වීඩියෝ පටය ප‍්‍රකාශයට පත්කලේය. වීඩියෝ පටය හා තවත් ලේඛන පිටකලේය යන චෝදනාව යටතේ බ‍්‍රැඩ්ලි මැනිං නමැති පලමු පන්තියේ සොල්දාදුවා ඒ එක්කම වාගේ අත්අඩංඟුවට ගනු ලැබින. ඔහු දැනට වර්ජිනියාවේ ක්වොන්ටිකෝ බන්ධනාගාර කුටියක සිරගතකොට ඇත.

ඉන් පසුව පසුගිය ජූලි මාසයේදී පෙන්ටගනය විසින් වසං කරන ලද නිරායුධ විරෝධතාකරුවන් මට්ටම්කර දැමීම හා විශේෂ බලකායන්ගේ ඝාතක කල්ලි විසින් සිදුකල ඝාතන ද ඇතුලු සිවිල් වැසියන් මරාදැමීම වාර්තාගතකල 391,000ක පමනවූ ඇෆ්ගනිස්ථාන යුද පිටියේ තොරතුරු නිකුත් කලේය.

ඉක්බිතිව ඉරාක රැඳවියන්ට එරෙහි වධ බන්ධනයේ බිහිසුනු සිදුවීම් පිලිබඳව එක්සත් ජනපද මිලිටරිය දැක්වූ නොතැකීම මෙන්ම සිවිල් වැසියන්ට එරෙහි තවත් විනාශයන් වාර්තාගත කල ඉරාක යුදපිටියේ තොරතුරු 400,000ක් විකිලීක්ස් විසින් නිකුත්කරනු ලැබින.

මෙම ලේඛන, හමුදා සමඟ “එක්ව ගමන්ගත්” මාධ්‍ය විසින් පවත්වාගෙන ගිය ස්වයං වාරනයේ ආධාරය ද ඇතිව රාජ්‍ය කටයුතු පිලිබඳ නිත්‍ය තත්වයක් බවට පත්කරගෙන තිබෙන, ආන්ඩුව විසින් ක‍්‍රමානුකූලව යටගසන ලද තොරතුරු මහජනතාව හමුවේ තබන ලදී. බුෂ් පරිපාලනය මෙන්ම ඔබාමා පාලනාධිකාරය ද සිදුකර තිබෙන යුද අපරාධ පිලිබඳ සාක්ෂි සම්භාරයක් මේ මඟින් සපයා තිබේ.

රාජ්‍යතාන්ත‍්‍රික කේබල් පනිවිඩ 250,000න් මේතාක් දුරට විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙන්නේ 1,000ට අඩු සංඛ්‍යාවක් වුවත්, පසුගිය මාසයේ ප‍්‍රසිද්ධියට පත්කිරීම ආරම්භවූ එම කේබල් මඟින් දැනටමත්, එක්සත් ජනපදය සනාථකර තිබෙන යේමනයේ සිවිල් වැසියන් 50ක් මරාදමමින් පසුගිය දෙසැම්බරයේ එල්ල කරන ලද මිසයිල් ප‍්‍රහාරය, නීතිවිරෝධී පැහැරගෙන යාම් හා වධදීම්වලට වගකිවයුතු එක්සත් ජනපද නිලධාරීන්ට එරෙහි පරීක්ෂන අත්හිටුවන ලෙසට බලකරමින් ගෙනගිය ව්‍යාපාරය, ඩීඑන්ඒ සාම්පල ද ඇතුලුව එක්සත් ජාතීන්ගේ හා විදේශ ආන්ඩුවල නිලධාරීන්ගේ පුද්ගලික වතගොත රැස්කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන්ට උපදෙස් දීම වැනි අපරාධ හා කුමන්ත‍්‍රන පිලිබඳ ඒහා සමාන තොරතුරු නිරාවරනය කර ඇත.

මිලියන් ගනනක් නොවේනම් ලක්ෂ ගනනක් වන මිනිසුන් ගොදුරුකරගත් සැබෑ අපරාධ සඳහා වගකිවයුතු වන්නේ, අසාන්ජ්ගේ කටයුතු ”අපරාධ” ලෙස නම්කරමින් ඔහුගේ ලේ ඉල්ලා කෑමොර ගසන අයයි.”

චීනයට එරෙහිව ඇමරිකාවේ යුද සැලසුම්, රුසියාවට එරෙහි නේටෝවේ යුද සැලසුම්, ම්ලිටරියට පරිභාහිරව ශ්‍රී ලංකා ආන්ඩුව විසින්‍ ඝාතක කල්ලි යොදාගැනීම්, ශ්‍රී ලංකා ආන්ඩුවේ යුද අපරාද සඳහා ඇමරිකානු ආන්ඩුවේ සහාය දීම්, 2006  තායිලන්තයේ රජය පෙරලීමේ කුමත්‍රනයේ ඇමරිකානු මැදිහත්වීම්, යේමනයේ සිවිල් ජනයා වෙත අමරිකානු බෝම්බ හෙලීමේ සිද්දීන්, එක්සත් ජාතීන්ගේ සංවිදානයේ නිලදාරීන්ගේ තොරතුරු රහස් ලෙස සෙවීමේ ඇමරිකානු මෙහෙයුම්, ඇමරිකානු සීඅයිඒ නිලදාරීන්ගේ කෲර වදහිංසා දීමේ අපරාධ පිලිබඳ විභාග කිරීම් යටගැසීමේ ඇමරිකානු ආන්ඩුවේ මැදිහත්වීම් ආදිය අසාන්ජ් ප්‍රමුඛ විකිලීක්ස් මගින් හෙලිදරවු කෙරිනි.

ලොව පුරා මහ ජනතාවගේ ඊමේල් ඇතුලු තොරතුරු දත්ත අති දැවැන්ත ආකාරයෙන්  හොර රහසේ එකතුකිරීම හරහා මහජනතාවගේ හැසිරීම පිලිබඳව ඔත්තු බැලීමේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු  ආන්ඩුවල අපරාද 2013 වසරේ     හෙලිදරවු කිරීම හේතුවෙන් එඩ්වඩ් ස්නෝඩ්න් ටද අසාන්ජ්ගේ ඉරනමම අත්විනි. ඔහු දැන් රුසියාවේ දේශපාලන සරනාගතයෙකු ලෙස සිටී.

ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල ඇමරිකාවේ යුද අපරාද පිලිබඳ ලක්ෂ හත හමාරක පමන ලේකන විකිලීක්ස් වෙත නිදහස් කල චෙලෙසා මැනින්ග් ඇමරිකානු රජයට එරෙහි ඔත්තු බැලීම යන සාපරාදී චෝදනාවට වරදකරු කරනු ලැබිනි.

එහෙත් වසර විසිපහක් තිස්සේ අදිරාජ්‍යවාදී ආක්‍රමනකාරී යුද්ධ දියත් කල ඇමරිකානු බුෂ් පරිපාලන, ඔබාමා හා ට්‍රම්ප් පාලන තන්ත්‍ර හෝ  බ්‍රිතාන්‍ය     ටොනි බ්ලෙයර්, කැමරන් පාලන තන්ත්‍රවල ඔවුන් ඇතුලුව කිසිවකුත් හෙලිදරවු වී ඇති කිසිදු යුද අපරාදයකට කිසිදු අධිකරනයකින් වරදකරු කර නැත.

ධනපති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ අදිරාජ්‍යවාදී යුද්ධ  මෙහෙයවනු ලබන්නේ අතලෙස්සක් බිලියනපතියන්ගේ ලාභ පොදි තර කිරීම සඳහා කම්කරු පංතියේ හා පීඩිත පංතියේ කර මතිනි. මජහනතාව මත ප්‍රති විප්ලවය ක්‍රියාවට දමමින් ලොව පුරා ආන්ඩු ඒ හෝ මේ අධිරාජ්‍යවාදි ආන්ඩුවලට සේවය කරති. ඇමරිකානු පාලක පංතිය චීනයට හා රුසියාවට එරෙහිව තුන්වන ලෝක යුද්ධයක් සැලසුම් කරමින් සිටී. අසාන්ජ් වැන්නවුන් මෙම රහසිගත මෙහෙයුම් හෙලිදරව් කිරීම ලොව පුරා ආන්ඩු  නොරිස්සන්නේ එබැවිනි.

වරක් ගොතන ලද ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනා මත අසාන්ජ්ව  කොටුකරගැනීමට කරන ලද ස්වීඩන ආන්ඩුවේ උත්සාහය ව්‍යවර්ත විනි. 2016 පෙබරවාරි මස අසාන්ජ් දඩයම් කිරීම ”අත්තනෝමතික සිරගත කිරීමේ ආකාරයක්” ලෙස නම් කරමින් ඔහුගේ නිදහස කැදවුම් කල   එක්සත් ජාතීන්ගේ සංවිදානයේ   අත්තනෝමතික සිරගත කිරීම් පිලිබඳ ක්‍රියාකාරී කමිටුව අද අසාන්ජ් ඇදදමා ඇති අති භයංකර අන්තරාය පිලිබඳ මුනිවත රකිමින් සිටී.   ලංකාවේද , සෙසු රටවලද මාධ්‍ය හා ව්‍යාජ වාම සංවිධාන ද මේ පිලිබඳ මුනිවත රකී.

අසාන්ජ් හා වීකිලීක්ස් විසින් කරනු ලැබූ ආන්ඩු වල සත්‍ය හෙලිදරවු කිරීම ප්‍රගාඩ ජාත්‍යන්තර  අර්ථභාරයක් දරයි.

 අසාන්ජ් යනු ජාත්‍යන්තර කම්කරු හා පීඩිත පංතියේ වීරයෙකි. ඔහු ආන්ඩුවල වහංගුකල අපරාද හා කුමන්ත්‍රන හෙලිකරන, සත්‍ය වෙනුවෙන් ජීවිතය පරදුවට තබන තවත් දහසකගේ ආදර්ශ ප්‍රතිමූර්තියකි. සත්‍යයේ මාධ්‍යවේදියෙකි. ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම නිශ්චිතවම පොදු මහ ජනතාවගේ මුඛ්‍යතම කර්තව්‍යයක් බවට පත්වන්නේ එබැවිනි.

ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා පෙරට එන්න. ඕස්ට්‍රේලියානු පුරවැසියකු ද වන   ඔහු නිදහස් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය, ඉක්වදෝර හා ඕස්ට්‍රේලියානු  ආන්ඩුවලට බල කරමින් ලෝක සමාජවාදි වෙබ් අඩවිය ලොව පුරා  ගෙනයන සටනට ඔබත් එක් වන්න. ඔහුගේ නිදහස වෙනුවෙන් , භාෂනයේ නිදහස හා මාධ්‍ය නිදහස වෙනුවෙන්,  අන්තර්ජාල වාරනයට එරෙහිව හා ආන්ඩුවල මහජනයාට එරෙහි අපරාධ හෙලිදරවු කිරීම වෙනුවෙන් පෙනී සිටින සිය ගනනින් කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන්, කලාකරුවන් අතර ඔබත් එක්වන්න.

පහත යොමු වෙත පිවිසෙන්න.

For international action to defend Julian Assange!

ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ව්‍යායාමය වෙනුවෙන්!

The Campaign to Free Julian Assange

No comments:

Post a Comment