Saturday, February 16, 2019

ආන්ඩුව වතු සමාගම් ගලවා ගැනීමට සැරසේ

Sri Lanka Government to bail out plantation companies

වතු සමාගම් හා ද්‍රෝහී වතු වෘත්තීය සමිති අතර එලඹ ඇති නව සාමූහික ගිවිසුම යටතේ ස්ථිර වතු කම්කරුවෙකුට දීමට එකඟව ඇති රුපියල් 750 ට අමතරව රුපියල් 50ක් රජය විසින් වසරක කාලයකට ගෙවීමට තීරනය කර  ඇති බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ප්‍රකාශකර සිටී.

වර්ධනය වන කම්කරු පන්තික සටන් හමුවේ  තම ලාභ පොදි රැක ගැනීමේ අර්බුදයට මුහුන දී සිටින වතු සමාගම් ගලවාගැනීමේ මෙහෙයුමක් ලෙස  වතු සමාගම්වල කම්කරු වැටුප් පිලිබඳ බර පොදු මහ ජනතාවගේ කර මත පැටවීම සඳහා ආන්ඩුව  සූදානම් බවය  නවීන් දිසානායක කියා සිටින්නේ.

ඒ ආකාරයෙන් ධනපති පන්තිය හා වෙලඳපොල ආර්ථික ක්‍රමය ආරක්ෂා කිරීමේ නව ලිබරල් රාජකාරිය ලංකාවේ ධනපති ආන්ඩුව පොදු මහත් කම්කරු මහ ජනතාවගේ දෑස් ඉදිරිපිටම සිදු කරමින් සිටින්නේ පොදු මහ ජනතාවගේ  බදු මුදලින් වතු සමාගම් ගලවා ගැනීමට ඉදිරිපත් වීමෙනි. මෙය පොදු මහත් කම්කරු පන්තියටම එරෙහිව සිදු කරන මංකොල්ලයකි.

2008 ආර්ථික හා මූල්‍ය අර්බුධය හමුවේ වෝල් වීදියේ බැංකු ගලවා ගැනීම සඳහා බුෂ් හා ඔබාමා පරිපාලනය විසින් ඩොලර් බිලියන ගනනින් මහජන මුදල් පොම්ප කිරීම් හා ලංකාවේ ආන්ඩුව වතු සමාගම් වල බර පොදු මහත් කම්කරු ජනතාව මත පැටවීමේ සූදානම එකම වැඩපිලිවෙලකි.

වතු කම්කරුවන්ට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වැටුපක් ලබාගැනීම සඳහා වන අරගලයට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවමද සෑම ක්ශේස්ත්‍රයකම කම්කරු  ජනතාව සහාය පලකල යුතුවාක් මෙන්ම    පොදු මහත් කම්කරු ජනතාව මෙම  වතු සමාගම් ගලවා ගැනීමේ ආන්ඩුවේ නවලිබරල් ධනපති වැඩපිලිවෙලට එරෙහි විය යුතුය.

රුපියල් 1000 වැටුප වතු සමාගම් වලින් අය කර දීම සඳහා ආන්ඩුව කටයුතු නොකරන්නේ ඇයි? අඩු තරමින් රුපියල් බිලියන 1.2 ක මුදල ආන්ඩුව වතු සමාගම් වලින් අයකර නොගන්නේ ඇයි? වතු කම්කරුවන්ගේ පැත්තේ සිට නොගනිමින් නවීන් ඇතුලු ධනපති ආන්ඩුව වතු සමාගම් පැත්තේ සිටගන්නේ ඇයි? එසේම ධනපති වතු සමගම් අර්බුදයට යන විට ඒවා ගලවා ගැනීමට ඉදිරිපත් වන ආන්ඩු එම වතු සමගම්ම  අධිකතර ලාභ ලබන විට එම ලාභයෙන් කොටසක් වතු කම්කරුවන්ට ලබා දීමට ඉදිරිපත් නොවන්නේ ඇටි?  මෙම ආන්ඩු ඉටු කිරිමට බැඳි සිටින්නේ  වතු හිමියන් ඇතුලු ධනපති පන්තියේ අවශ්‍යතාවයන් බැවිනි.

ධනපති ක්‍රමය යටතේ ලාභය පුද්ගලික වන විට පාඩුව ජනසතු වන බව නවීන් සනාථ කර සිටී.
#swjreviews

No comments:

Post a Comment