Sunday, December 10, 2023

සසප නායකයෝ තම කුජීත පල්ලම් බැසීම නැවතත් ඔප්පු කරති



කිශෝර් පේරාදෙනිය රැස්වීම අමතමින්

අද දින (10) කොලඹ නව නගර ශාලාවේ පැවති ප්‍රසිද්ධ රැස්වීම තුල ඉතා බලගතු දේශනයක් පැවැත්වීමෙන් හා ඉක්බිති පැවති ප්‍රශ්න හා පිලිතුරු වටයකින් පසු එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම්  ජෝශප් කිශෝර් සහෝදරයාට සුභ පැතීම සදහා සැරසෙත්ම සසප දේශපාලන කමිටුවේ සාමාජිකයන්ගෙන් යුත් මැර කන්ඩායමක් මා කිශෝර් සහෝදරයා සමග කතා  කිරීම වලක්වා ලීය.  ඔවුහු කිසිදු වචනයක් කතාකිරීම වලක්වා ලමින් කිශෝර් සහෝදරයා ඇදගෙන ගොස් වාහනයේ නංවා ගත් හ. අනතුරුව "රෙනිගේට්ස්ලා" ට ඔහු හා කතා කල නොහැකි බවට ගෝරනාඩු කල මධ්‍යම කාරක සභික මාලන්ට  අනුග්‍රහ කල ලෝක සමාජවාදී  වෙබ් අඩවියේ ලංකාවේ ප්‍රධාන කර්තෲ හා මධම කාරක සභික රත්නායක "ප්‍රකෝපකරනයන්" නොඇද යන ලෙස අප හට කියා පෑවේය. ප්‍රකෝපකරුවන් අප නොවන බවත්, ජාත්‍යන්තරයේ සහෝදරයෙකුට කතා කිරීම වැලැක්වීමට ඔවුනට නොහැකි බවත් පමනක් සදහන් කල අපි පිටවීමු. කිශෝර් සහෝදරයා වික්ෂිප්තව සිටි බව අපට පෙනී ගියේය. කිසිදු විනය පරීක්ෂනයකින් තොරවම අපව පක්ෂයෙන් එලවා දැමූ මෙම නායකත්වයම පක්ෂ  ප්‍රජාතන්තරවාදයේ මූලධර්මවලින් හා ට්‍රොට්ස්කිවාදයෙන්ම ක්‍රියාකාරීව "රෙනිගේට්" වෙමින් සිටින බව කිව යුතුය.


මේ සිදුවීම බලාසිටි සහෝදරවරු කිහිප දෙනෙක්ම සසප නායකත්වයේ මෙම පිලිකුල් සහගත හැසිරීම හෙලා දැක අප හා කතා කලහ.


රැස්වීම ආරම්භයේම, theSocialist.lk  හා කොලඹ ක්‍රියාකාරී කමිටුවේ වාර්තාකරුවන් එල්ල කරගනිමින් ප්‍රසිද්ධ මාධ්‍ය වාරනයක් දැමූ සසප ප්‍රධාන ලේකම් ජයසේකර කියා සිටියේ සසප නිල අවසරය නැති කිසිදු මාධ්‍යයක් ප්‍රසිද්ධ රැස්වීම වාර්තාකරනය කිරීමේ චායාරූප  ගැනීම හෝ වීඩියෝ පට්ගත කිරීම නොකල යුතු බවයි.


සසප නායකත්වයේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සාමාන්‍ය සදාචාර විරෝධී කුජීත පල්ලම් බැසීම සනිටුහන් කෙරුනේ එක් වරක් දෙවරක් නොවේ. සසප හිටපු ප්‍රධාන ලේකම්  විජේ ඩයස්ගේ මරනයේදී  ඔහුගේ දේහයට අතගැසීම පවා කරන්නේ කවුද යන්න සසප නිලධරයේ දේශපාලන කමිටුව මගින් තීරනය කලෝය. පැහැදිලිවම, මා හා නන්දන සහෝදරයා ඇතුලු සහෝදරවරු එල්ලකර ගනිමින් දමන ලද එම තහංචිය මගින් තම ආදරනීය නායකයාගේ දේහයට කර ගැසීමේ සසප සාමාජිකයන්ට තිබුනු අයිතියද මෙම නිලධරය අහිමි කලෝය.  

සංජය ජයසේකර

10.12.2023

No comments:

Post a Comment