Tuesday, June 25, 2019

ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2019 ජූනි 24
ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙරෙන ප්‍රහාරය වඩාත් ඉහල මට්ටමකට ඔසවමින් ශ්‍රී ලංකාවේ ආන්ඩුව ප්‍රමුඛ පාලක පන්තිය, කලාවට, කලාකරුවන්ට හා ප්‍රකාශනයේ නිදහසට එරෙහි මර්දනය උත්සන්නියකට නංවා තිබේ.
සම්මානලාභී, තරුන ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කථාවක් හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටීම එම මර්දනයෙහි බලගතු ප්‍රකාශනයකි.
සත්කුමාර ගේ කෙටි කථාවෙන් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි පවසමින් පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මන්ඩලයේ මාංකඩවල සුමන නම් භික්ෂුවක් විසින් කරන ලද ව්‍යාජ පැමිනිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ පොල්ගහවෙල පොලීසියපසුගිය අප්‍රේල් 01 දින සත්කුමාර අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කලේය. එය දුන් නියෝගයක් මත, සත්කුමාර මෙලෙස රඳවා සිටින්නේ ඇප ලබාදීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කරමිනි.
“අර්ධ” කෙටිකතාව තුල තරුන භික්ෂුවක් පන්සලේ නායක භික්ෂුවගේ ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වෙන සිදුවීමක් ගැන ඉඟි කෙරෙන අතර එවැනි සිදුවීම් යථාර්ථයකි. තැනෙක කථාවේ චරිතයක් හරහා බෞද්ධ සාහිත්‍යයේ එන “සිද්ධාර්ථ” ගේ චරිතය පිලිබඳ විකල්ප කියවීමක් ද ඉදිරිපත් කෙරේ.
එවන් පරිකල්පනයන් කෙටිකතාවක් තුල අන්තර්ගතවීම අරභයා කලා කෘතියට අමතරව ලේඛකයාට නීතියෙන් දැඩි දඬුවම් පැමිනවීම සඳහා පියවර ගැනීම භාෂනය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සහ කලාවේ නිදහසට එරෙහි බලගතු ප්‍රහාරයකි.
ආන්ඩුව ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය, පොලීසිය, අධිකරනය සහ බෞද්ධ සංස්ථාපිතය එක්ව, ව්‍යාජ-වමේ සහ ධනපති මාධ්‍යයන්හි පූර්න පිටුබලය සහිතව ගෙනයන මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එකහෙලා විරුද්ධ වෙයි.
මෙම ප්‍රහාරයට එරෙහිව, රැස්වීම්, උද්ඝෝෂන, පෙලපාලි හා ප්‍රසිද්ධ සමුලු පවත්වමින් සත්කුමාර නිදහස් කර ගැනීමේ අරගලය සඳහා ඉදිරියට පැමිනෙන ලෙස කලාවේ සහ භාෂනයේ නිදහසට කැපවන සියලු කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සසප සහ සසජාතශි ඉල්ලා සිටී.
සත්කුමාර නිදහස්කර ගැනීම සඳහා එවන් සාමූහික සහ මූලධර්මාත්මක මෙන්ම බලගතු අරගලයක් අවශ්‍ය වනුයේ සමස්ත ධනේශ්වර සංස්ථාපිතයම මෙහිදී ඔහුට එරෙහිව පෙලගැසී සිටින බැවිනි.
පොලීසිය ලේඛකයාට එරෙහිව සාවද්‍ය චෝදනා ගොනුකොට ඇත්තේ, ඔහුට ඇප ලබාගැනීම දුෂ්කර වන සේ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (අයිසීසීපීආර්) 3(1) යටතේ එන නීතියක් වන ශ්‍රී ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291(ආ) යටතේ ය.
ඉහත කී නීති යටතේ පියවර ගන්නා ලෙස පොලීසියට “උපදෙස්” දෙනු ලැබුවේ බෞද්ධ අන්තවාදී නඩ විසිනි. “බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ” අඟුලුගල්ලේ සිරි ජිනානන්ද සහ සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන “සිංහලේ” හි මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක යන භික්ෂූහු, පෙබරවාරි 25 දා පොලිස්පති හමුවී සත්කුමාරට එරෙහිව ඉහත කී නීති යටතේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
මෑතකදී කලාකරුවන්ට සහ කලා නිර්මානයන්ට එරෙහිව බෞද්ධ සංස්ථාපිතය මැදිහත් වූ පලමු අවස්ථාව මෙය නොවේ. පසුගිය අගෝස්තුවේදී පොලිස්පති හමුවූ ඉහත සඳහන් සිරි ජිනානන්ද භික්ෂුව, මාලක දේවප්‍රියගේ “කනට පාරක්” නම් ගුවන් විදුලි නාට්‍ය මාලාව මගින් “බුදු දහමට අපහාස වෙතැයි” පැමිනිලි කොට ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.
මාර්තු 3 දා, පොල්ගහවෙල ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මන්ඩලය හා “බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුන” යන අන්තවාදී බෞද්ධ නඩ විසින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් වෙත යැවූ මාධ්‍ය නිවේදනයකින්, “බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රනකාරී ලේඛන කලාවක නිරත” වන සත්කුමාර වැනි “විකෘති පුද්ගලයන්ගේ නිර්මාන, විචාර හෝ ලිපි පල කිරීමට ඉදිරියේදී ඔබ මාධ්‍යයෙන් ඉඩක් ලබා නොදෙන ලෙස” ඉල්ලා තිබුනි.
අයිසීසීපීආර්හි 3 වන වගන්තිය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්විට ඇප නියම කල හැක්කේ ඉහල උසාවිය වන මහ අධිකරනයට පමනක් වන අතර, එය ද සුවිශේෂී තත්ත්වයන් යටතේ හා කාලය කා දමන පටිපාටියක් ඔස්සේය. මෙම නීතිය යටතේ වරදකාරී යයි නිගමනය කලහොත් පුද්ගලයෙකුට වසර දහයකට නො වැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඬුවම් පැමිනවිය හැක.
සත්කුමාරට එරෙහි ව මෙම නීතිය භාවිතා කිරීම මගින් පොලීසිය හා බෞද්ධ අන්තවාදීන් ඔහු ව ආන්තික දඬුවම් කිරීමකට යටත් කිරීමටත් ඒ හරහා සියලු කලා නිර්මාපකයන් හා විකල්ප ලෙස ලියන ලේ0151ඛකයන් බිය වැද්දවීමටත් ක්‍රියා කර ඇත.
සත්කුමාර තම නිර්මානය හරහා කිසිදු නීතියක් උල්ලංඝනය කර නැති බවට ඔහුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද පැහැදිලි නීතිමය සැලකිරීම් කිසිවක් පිලි නොගත් අධිකරනය ඔහු නිදහස් කිරීම හෝ ඔහුට ඇප ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී.
“ඉගිල්ලෙන මාලුවෝ”, “උසාවිය නිහඬයි”, “අක්ෂරය” වැනි සිනමාපට මෙන්ම “මේරි නම් වූ මරියා”, “බුදුන්ගේ රස්තියාදුව” වැනි කෘති ඇතුලු කලා නිර්මාන රැසක් පාලක පන්තියේ දඬු අඬුවට අසුකල මෑත ඉතිහාසය තුල භාෂනයේ නිදහසට එල්ල කෙරෙන මෙම නව ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලාකරුවන්ට එරෙහිව පමනක් නොවේ.
මේ පිලිබඳ ආසන්නතම සිද්ධිය වන්නේ පුවත්පත් කලාවේදියෙකු වන කුසල් පෙරේරා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලීසිය උත්සාහ කිරීමයි.
මැයි 17 වෙනි දින ඬේලි මිරර් පුවත් පතට “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” (ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකෑමේ සිංහල බෞද්ධ ප්‍රචන්ඩත්වය) යන මැයින් පෙරේරා විසින් ලියන ලද ලිපිය පිලිබඳව පරීක්ෂන පැවැත්වීමට හා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසියේ සංවිධානාත්මක අපරාධ පිලිබඳ අංශය පසුගිය සිකුරාදා කොලඹ මහේස්ත්‍රාත් උසාවියෙන් ඉල්ලා සිටියේ ය.
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මුදා හැරුනු මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී උසිගැන්වීම් සහ ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන් වලක්වා ගැනීමට අසමත්වීම ගැන පෙරේරා තම ලිපියෙන් ආන්ඩුව “විවේචනය” කර තිබුනි.
1948 දී පාලනය භාරගත් දා සිටම කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කල කොලඹ ධනපති පාලක පන්තිය, 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කල අතර, 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කලේය. එයින් නොනැවතුනු ඔවුහු, 1972 පලමු ජනරජ ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කොට බෞද්ධ සංස්ථාපිතයට විශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දුන්හ.
දෙමල සුලු ජාතියට එරෙහිව කොලඹ පාලක පන්තිය දියත් කල තිස් අවුරුදු යුද්ධයට සමගාමීව උත්සන්නියට නංවන ලද සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය හේතුවෙන් සමාජයේ සෑම ක්ෂේත්‍රයකම තම අධිකාරිත්වය තහවුරු කර ගැනීමට බෞද්ධ සංස්ථාපිතය ට හැකිවිය.
යුද්ධය හමාරවීමෙන් පසු, විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, රටේ මුස්ලිම් සුලුතර ජන කොටසට එරෙහිව පාලක පන්තිය විසින් මුදාහැර ඇති ප්‍රචන්ඩත්වයේ මුදුනත ලැග සිටින්නේ සහ කලාවේ නිදහසට එරෙහිව අවි අමෝරා සිටින්නේ ධනපති පාලකයන් විසින් හදා වඩා පෙරට ගත් බෞද්ධ අන්තවාදී නඩයන් ය.
කිසිදු චෝදනා ගොනුකිරීමක් තොරව තෙමසකට අධික කාලයක් සත්කුමාර සිරගතකර සිටින අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තමා සතු විධායක බලය ක්‍රියාවට දමමින්, අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ නායකයා වන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සමාව දී බන්ධනාගාරයෙන් මුදා හලේ අධිකරනයට අපහාස කිරීමේ වරද යටතේ ඔහු විඳිමින් සිටි සය වසරක සිර දඬුවමින් අඩුතරමින් වසරකවත් දඬුවම් කාලයක් ගෙවා නොතිබිය දීය.
කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව ලංකාව තුල එල්ල කෙරෙමින් පවත්නා මෙම ප්‍රහාරය සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව මෙම කලාපය පුරා සහ ජාත්‍යන්තර පරිමානව එල්ල කෙරෙමින් පවත්නා ප්‍රහාරයක කොටසකි.
උතුරු ඉන්දියාවේ චිත්‍රපටි අධ්‍යක්ෂිකා චේතනා තීර්තහල්ලී, සහ ලේඛකයෙකු වන හූචාංගි ප්‍රසාද්, ලේඛකයෙකු වන කේ. එස්. භගවාන් හින්දු ස්වෝත්තමවාදීන්ගේ පහර කෑමට ලක් වූ අතර කර්නාටක ප්‍රාන්තයේ කන්නඩා විශ්ව විද්‍යාලයේ උපකුලපති වූත් ශාස්ත්‍රීය පොත් සිය ගනනක කතුවරයෙකු වූත් එම්.එම්. කාල්බෝග්, අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) මැරයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ලොවපුරා සිදුකල යුද අපරාධ සහ තන්ත්‍ර මාරු කුමන්ත්‍රන හෙලිදරව් කිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පෝරකයේ එල්ලීමට ඇමරිකානු, බි්‍රතාන්‍ය සහ ඕස්ටේ්‍රලියානු අධිරාජ්‍යවාදීන් දරන රුදුරු ප්‍රයත්නය, භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන මෙම ජාත්‍යන්තර ප්‍රහාරයේ ඉහලම තුඩයි.
ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ සහ ඔත්තු බැලීම් හෙලි කල එරට මාධ්‍ය ආයතන වලට සහ ප්‍රන්ස අධිරාජ්‍යවාදීන් යේමනය තුල සිදු කල යුද අපරාධ හෙලිකල ප්‍රන්ස මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන පොලිස් කඩාපැනීම් ද මෙම ජාත්‍යන්තර ප්‍රපංචයට අයත් වෙයි.
ධනේශ්වර පද්ධතියට එරෙහිව ලොව පුරා වැඩෙන සමාජ විරෝධය කෙරෙහි පාලක ප්‍රභූව ප්‍රතිචාර දක්වන්නේ ෆැසිස්ට් පන්නයේ හා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමෙන්, අන් කවරදාටත් වඩා විවෘත ලෙස පොලිස් රාජ්‍ය පියවර ගැනීමෙන් සහ සිය යුද සූදානම උත්සන්න කිරීමෙනි.
කම්කරුවන්, තරුනයින්, කලාකරුවන් සහ බුද්ධිමතුන් බිය ගැන්වීමේ සහ මහජනතාව දේශපාලනිකව මර්දනය කිරීමේ පූර්විකාවන් ලෙස ඔවුහු අසාන්ජ් සහ සත්කුමාර වැන්නෝ දඩයම් කරති.
මෙලෙස දඩයමට ලක්ව සිටින මාධ්‍යවේදීන් සහ කලාකරුවන් සම්බන්ධයෙන් යම් සංවිධානයක් ගන්නා ආකල්පය එම සංවිධානයෙහි පන්ති ආස්ථානය පිලිබිඹු කරයි.
ලොවපුරා ව්‍යාජ-වාම සංවිධාන එක්කෝ අසාන්ජ් ට එරෙහි දඩයමේදී අධිරාජ්‍යවාදීන් සමග ඝෘජුවම පෙල ගැසෙති. නැතහොත් මුනිවත රකිමින් වක්‍රව සහාය දෙති. සත්කුමාර සම්බන්ධයෙන් ලංකාවේ ව්‍යාජ-වමේ ප්‍රතිචාරය ද එයට වෙනස් නොවේ. ව්‍යාජ-වම එවන් ප්‍රතිගාමී ආකල්පයක් ගනු ලබන්නේ ධනේශ්වර පද්ධතියට තදින් බැඳුනු ඉහල මධ්‍යම පන්තිය මත එය පාදක වන බැවිනි.
කලාවේ නිදහස ඇතුලු සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම ආරක්ෂා කල හැක්කේ එම අයිතීන් වලට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය හා පන්ති සමාජයද, ධනපති රාජ්‍යය හා එහි ප්‍රතිගාමී මර්දක නීතිද අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමෙන් පමනි.
ලොව සියලු ආන්ඩුවලට සහ ඒවා පාලනය කරන මහා සංගතයන්ට වඩා ඓතිහාසික වශයෙන් බලගතු වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ධනපති පන්ති පාලනයට සෘජුව හෝ වක්‍රව සහයෝගී සියලු සංවිධානවලින් ස්වාධීනවූ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම හදිසි කර්තව්‍යය බවට පත්ව ඇත.
කලාකරුවන්ගෙන්, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා ප්‍රගතිශීලි බුද්ධිමතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, ලේඛක සත්කුමාරගේ නිදහස සහ ඉහත අරමුනු සාක්ෂාත් කිරීම සඳහා, රැස්වීම්, උද්ඝෝෂන, පෙලපාලි හා ප්‍රසිද්ධ සමුලු සංවිධානය කිරීම පිනිස, ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් පෙරට එන ලෙසයි.
මෙහි කොටසක් ලෙස, තම කලා නිර්මාන සඳහා වන නිදහස මෙන්න අනෙකුත් අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන්වදින ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට වහා ආරම්භකත්වය ගන්නා ලෙස කලා ක්ෂේත්‍රයේ නිරතව සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

Saturday, June 22, 2019

Free Shakthika Sathkumara Now!

Free Shakthika Sathkumara Now! 

Sign the Petition at Change.org

Shakthika Sathkumara is an award-winning writer of poetry, short stories and fiction in Sri Lanka. He was unlawfully and arbitrarily arrested by the Polgahawela Police on the 01 April 2019, based on complaints made by monks of several Buddhist extremist groups that a short story, titled "Ardha"(Half) written and published in his facebook profile by Sathkumara, insults Buddhism and Buddha and distorts the character of his lay life.  He was then arrested and produced before the Magistrate Court of Polgahawela under Section 291B of the Penal Code and under Section 3(1) of the International Covenant on Civil and Political Rights (ICCPR) Act No.56 of 2007.
A Magistrate is powerless to grant bail to a person arrested under ICCPR Act, and it is only the High Court which can grant bail, that is also on special circumstances and also after a time-consuming process. On these grounds, Sathkumara has been denied bail continuously by the Polgahawela Magistrate Court and the writer has been kept in remand prison for almost 90 days. The Police is dragging the investigation on irrelevant matters and has so far failed to produce any evidence to frame and maintain any charge against the writer.  

Sathkumara has not violated any of the offences contemplated under the said provisions and his arrest and detention is a blatant violation of his fundamental rights, among others, to freedom of conscience and expression, which includes freedom of artistic expression. His arrest and detention, executed by Police at the behest of Buddhist Sanga establishment, is anti-democrtic and is a violation of rule of law.

The Supreme Court of Sri Lanka on 21 May granted leave to proceed to hear the Fundamental Rights case filed against the Respondents, the Officer in Charge of the Polgahawela Police Station, the Inspector General of Police and the Attorney General.

The decision of the Attorney General in this regard, whether to release him or to maintain a charge under ICCPR Act is yet pending.

I call upon writers, artists, publishers, workers, youth, students, academics  and intellectuals to join the fight against Sathkumara's unlawful arrest and detention and demand immediate release of Shakthika Sathkumara from the Government of Sri Lanka.

The World Socialist Web Site has initiated an authoritative international campaign to get Sathkumara released. You may also send your statements of solidarity and protest to wsws.org.

Sanjaya Wilson Jayasekera,
Attorney-at-Law for Shakthika Sathkumara

Sunday, May 19, 2019

හදිසි නීතියෙන් ප්‍රජාතන්ත්‍රවාදය සීමා වෙනවා


හදිසි නීතියෙන් ප්‍රජාතන්ත්‍රවාදය සීමා වෙනවා



නීතීඥ සංජය විල්සන්
සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික නීතිඥ සංජය විල්සන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේද ලේඛකයෙකි. මූලික අයිතිවාසිකම් හා සිවිල් නඩු සම්බන්ධව කටයුතු කරන්නකු වශයෙන් ප්‍රකට ඔහු ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන්නෙකි. එසේම Neoliberal Constitutionalism and the Austerity State කෘතියේ කර්තෘවරයාද ඔහුය.

2011 වසරේ ඉවත් කළ හදිසි නීතිය වත්මනේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයත් එක්ක නැවත ගේනවා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන මූලික නීතියක් වන මහජන ආරක්ෂන ආඥා පනත යටතේ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ ආයෙත් හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. හදිසි නීතිය අනෙකුත් නීති යටපත් කරන නීතියක් විදිහටයි සැලකෙන්නේ. සෑම අණ පනතක් ම යටපත් කරන සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන නීති යටපත් කරමින් මහජන සාමය ආරක්ෂා කිරීමට පොලිසියට තියෙන සියලු බලතල හමුදාවට බාරදීමකුයි මෙහිදී කෙරෙන්නේ. එහෙම වුණාම සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික මිනිස් අයිතිවාසිකම්වලට පහර එල්ල වෙනවා. මේ යටතේ ඕනෑම ප්‍රකාශනයක් වාරණය වීමට පුළුවන්. ජනතාවට රැස්වීමට තිබෙන අවස්ථා සීමා කිරීම් වෙන්න පුළුවන්.







ත්‍රස්තවාදය වැළැක්වීමට හදිසි නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පේනවා. එය නොමැති වීම 21 ප්‍රහාරයට හේතු වුණා වෙන්න බැරි ද?

21 ප්‍රහාරය එල්ල වෙනවා කියන තොරතුරු කලින්ම ලැබී තිබුණා කියලා දැන් පැහැදිලිව ම පේනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන නොසැලකිලිමත්ව සිටියා කියන එක තමයි දකින්න තියෙන්නේ. එහෙම සාපරාධි ක්‍රියාවක් වෙනතුරු බලාන හිටියේ ඇයි කියන එක දැන් ජනතාවට තියෙන ප්‍රශ්නයක්. මහජනතාව ආරක්ෂා කරන්න ඉන්නවා ය කියන ආණ්ඩු මේ ආකාරයට වැඩ කරන්නෙ ඇයි? ඒ වෙලාවේ ආණ්ඩුව තුළ ම අර්බුදයක් හටගෙන තිබුණා.

පහුගිය කාලයේ ආර්ථිකය දිගින් දිගටම අර්බුදයකට යමින් තිබුණා. මේ තත්ත්වය යටතේ වැඩ කරන ජනතාව දිගින් දිගටම පාරට බැහැලා උද්ඝෝෂණය කරන තත්ත්වයට පත් වුණා. ආණ්ඩුවට ඊට මුහුණ දෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඉස්සරහට එන්න තියෙන මහජන කැලඹිලි මර්දනය කරන්න නම් අලුත් නීති ගේන්න ඕන. ඒකට අවශ්‍ය මාවත තනා ගැනීම තමයි මේ කරගෙන යන්නෙ.

30 වසරක යුද්ධය අවසන් කරන්නෙත් රටේ හදිසි නීතිය පනවලා. එහෙම නීතියක් අවශ්‍ය නැහැයි කියන්නෙ කොහොම ද?

1971, 88 - 89, 30 වසරක යුද්ධය, මේ කාලය තුළ හදිසි නීතිය පනවගෙන තමයි පැවැති ආණ්ඩු රට පාලනය කළේ. 2009 සිවිල් යුද්ධය අවසන් වුණාට පස්සේ මේ රටේ මහජනතාව හදිසි නීතිය නොමැතිව ජීවත් වුණා. කොහොම නමුත් ඉතිහාසයේ ඉඳලා හදිසි නීතිය යටතේ ජීවත් වුණ සමාජයක් තමයි අපිට ඉන්නේ. හදිසි නීතිය යටතේ වර්ධනය කළ, පෝෂණය කළ සහ ඒ යටතේ වර්ධනය වූ පොලිසියක් සහ හමුදාවක් අපට ඉන්නවා. අවුරුදු 30ක් තිස්සේ ජාතීන් වෙන් කරලා ඒ මිනිසුන්ට එරෙහිව තවත් ජනකොටසක් කුපිත කරලා ගොඩනඟපු යුද්ධයක් මර්දනය කළ හමුදාවක් තමන්ගේ ආරක්ෂාවට ඉන්නවා ය කියන එක මේ පාලක පන්තිය දන්නවා.
ඒ ආරක්ෂක හමුදාවන් මහජනතාවට එරෙහිව පවත්වා ගැනීම සඳහා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් දශක ගණනක ඉතිහාසයක් තියෙනවා. අද වෙනකොට අපේ රටේ සමාජ මාධ්‍ය ජාල අවහිර කරලා, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගියදා ස්ථාන කිහිපයක සිදු වූ සිදුවීම් මහජනතාවට පෙන්නුවේ නැහැ. මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ මූලික වශයෙන් මහජනතාව අඳුරේ තැබීමක්. මෙතැන දී මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා. එහෙම තිබියදී ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නාලිකා කිහිපයක් පාලක පන්තියක් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලත් පේනවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මකයි කියන එකයි.

රජය පවසන විදිහට සමාජ මාධ්‍ය ජාතිවාදය අවුලවන්නක්. අද පවතින තත්ත්වය 83 කලබලය, හා යම් සමාන තත්ත්වයක් ගෙන තිබෙනවා ය කියන මතයක් නිර්මාණය වෙනවා?

භීෂණය කෙසේ වෙතත් රාජ්‍ය මර්දනය කියන කාරණය පැහැදිලිව ම දක්නට තිබෙනවා. මේ රාජ්‍යයන් ධනපති ආර්ථිකයක පැවැතගෙන යන පන්ති සමාජයක් පෝෂණය කරන ක්‍රමයක යි අපි ඉන්නේ. මේ ආර්ථික ක්‍රමය යටතේ මෙහෙයවන පන්ති දෙකක් ඉන්නවා. එකක් වැඩ කරන ජනතාව, අනෙක් පන්තිය මෙය මෙහෙයවන පන්තිය. ඒ නිසා වැඩ කරන පන්තිය තමන්ට ඕනෑ ආකාරයට පවත්වා ගැනීමට අවශ්‍ය නීති සකසා ගැනීම සහ ඊට අවශ්‍ය පොලිසිය සහ හමුදා යාන්ත්‍රණය සකසා ගැනීම, අධිකරණය පවා මේ සඳහා භාවිතා කිරීම ට යි රාජ්‍ය මැදිහත් වී තිබෙන්නේ.
ඒ නිසා මේ රාජ්‍යයන් මහජනතාවගේ රාජ්‍යයන් විදිහට පවතින්නේ නැහැ. රාජ්‍ය මර්දනය කියන කාරණය පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන්, කම්කරු නායකයන්, ශිෂ්‍යයන්, ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා අවශ්‍ය මර්දන නීති ගේන්න යනකොට මහජනතාවට තොරතුරු ලැබීම් වාරණය වෙනවා. මිනුවන්ගොඩ, ගම්පහ වැනි සිද්ධි වෙන්න ඉඩ දීලා බලාන හිටියා කියලයි පේන්න තියෙන්නේ. ඇයි මෙහෙම කරන්නෙ කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ සිංහල මහජනතාව සහ මුස්ලිම් මහජනතාව අතර විරසකයක් වර්ධනය වෙන්න දීලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ඔවුන් බලාන ඉන්නවා ය කියන එකයි.

ප්‍රති ත්‍රස්ත පනත ගැන ඔබේ අදහස මොකක් ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එහා ගිය පනතක් විදිහට තමයි ප්‍රතිත්‍රස්ත පනත සැලකිය හරක්කේ. ප්‍රති ත්‍රස්ත පනතේ 3 වන වගන්තියෙන් කියවෙන ආකාරයට ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව; යම් ක්‍රියාවක් සිදු කිරීම හෝ සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව; එවැනි යම් ආණ්ඩුවක කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් කරන්නෙකු ත්‍රස්තවාදී වරදකට වරදකරු වෙයි. මේ අනුමාන වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, භෞමික අඛන්ඩතාවයට හා එහි කටයුතුවලට හානිකර යයි පාලක පන්තිය විසින් සලකන ලංකාව තුළ හෝ ඉන් පිටත ක්‍රියාත්මක වන (ලංකාවේ) කවර හෝ දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් තහනම් කළ හැකිය යන්නයි එහි මූලික අරමුණ.

ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගත යුතුයි කියලා විරෝධතාවක් තියෙනවා ?

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දක අනපනත් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු යි.
කිසිදු රාජ්‍යයක් තම මර්ධක නීති අන පනත් ආපස්සට ගන්නේ නැහැ. සෑම රටක ම පාලක පන්ති වඩ වඩාත් දකුණට රූටා යමින් මර්ධක නීති දැඩි කරමින්, වර්ගවාදය, ෆැසිස්ට්වාදය ආදී ප්‍රතිගාමීත්වයන් ශක්තිමත් කරමින් සිටිනවා. ලංකාව,ඉන්දියාව වගේ ම ජර්මනිය, ප්‍රංශය වැනි රටවලෙත් තත්ත්වය එසේමයි.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමට නීති ප්‍රමාණවත් නැත් ද?

මේ කාරණය දිහා අපි බලන්න ඕනේ පීඩිත කම්කරු ජනතාවගේ පැත්තෙන්. ජවිපෙ කියලා තිබුණා අලුත් පනතක් අවශ්‍ය නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඒක කරන්න පුළුවන් කියලා. ඒක එහෙම තියෙනවා. නමුත්, මේතැන තියෙන ප්‍රශ්නය මේ පනත ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ කවුද. මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන දේශපාලන කණ්ඩායම් ම තමයි ඒ ඉල්ලීම කරන්නේ.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 වන වගන්තියට අනුව ආරක්ෂක ඇමැතිගේ නියෝගය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් උසාවියකට ඉදිරිපත් නොකර මාස තුනේ සිට අවුරුදු එක හමාරක් දක්වා රඳවා තබාගන්න පුළුවන්. මේ නීතිය මහජනතාවට එරෙහිව පාවිච්චි කරන්න කියන්නේ ධනපති දේශපාලන පක්ෂ. මේ කැඳවුමෙන් ඉල්ලා සිටින්නේ; විකල්ප අදහස්, කම්කරු නායකයන්, මාධ්‍යවේදීන් මර්දනය කරන්න මේ ධනපති ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති භාවිතා කරන ලෙසයි. අපි කියන්නේ මේ මර්දක නීති සෑම එකක් ම අහෝසි කරන්න ඕනෑ කියලා යි.

ලේඛකයන්ගේ ප්‍රකාශන වාරණ කිරීමක් ද මේ වන විට දක්නට ලැබෙනවා. නිර්මාණ වලට නිර්මාණ කරුවන්ට අද තිබෙන අභියෝගය ගැන ඔබ හිතන්නේ කුමක් ද?

මෑතකදී ශක්තික සත්කුමාර ලේඛකයාගේ කෙටි කතාවක් නිසා ඔහු දිගටම සිරගතකර සිටීම භයානක තත්ත්වයක්. සත්කුමාර කියන්නෙ රාජ්‍ය මර්දනයට අහුවුණු එක ලේඛකයෙක් විතරයි. මීට කලින් මාලක දේවප්‍රිය කලාකරුවාගේ කණට පහරක් කියන රේඩියෝ කතා මාලාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා අවි එසෙව්වා . බෞද්ධ අන්තවාදී සංවිධාන මේ කලාකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කරනවා.
ශක්තික අත්අඩංගුවට පත් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ පොලීසිය විසින් සත්කුමාරට එරෙහිව අභූත චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව යි. මේ වගන්තිය යොදා ගැනීම පිණිස අඩු තරමින් අදාල ක්‍රියාවන් ජාතික, වාර්ගික හෝ ආගමික කොටස් දෙකක් අතර අසමානතාවයකට, සතුරුකම් හෝ ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි වෛරය පතුරුවන ක්‍රියාවන් විය යුතුයි. දැන් වර්ගවාදී ප්‍රහාර එල්ල කළ අයට එරෙහිව භාවිතා කරන පනත කලින් පාවිච්චි කරලා තියෙන්නේ කලාකරුවකුට එරෙහිව.
මේ අනුව කලාකරුවන් අභූත චෝදනා යටතේ සිරගත කිරීම සඳහා කටයුතු කරන්න බෞද්ධ අන්තවාදී සංවිධානවලට හැකියාවක් ලැබුණේ කොහොම ද? මේ වගේ සංවිධාන පැමිණිලි කළාම පොලිසිය කලාකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇයි? 30 අවුරුදු යුද්ධය තුළත් ඉන් පසුවත් බෞද්ධ අන්තවාදී සංවිධානවලට ගොඩනගල දීල තිබුණ තැන තමයි මේ. රටේ ව්‍යවස්ථාවටත් උඩිනුයි මේ සංවිධාන පිහිටුවන්නෙ. පොලිසිය විසින් ප්‍රකාශන කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්උල්ලංඝනය කරලා තියෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් එල්ල කළ මරු පහරක්.


පොලිසියට ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නිදහස් කළා කියලා චෝදනාවක් එල්ල වෙනවා?

ඒ නිදහස් කළ පුද්ගලයන් කුමන වරදක් යටතේ අත්අඩංගුවට ගත්තාද යන්න දක්වලා නැහැ කියලා සඳහන් වුණා. ඒ නිසා තමයි ඔවුන්ට ඇප ලැබිලා තියෙන්නේ. මෙතැන විනිශ්චයේ වරදක් නැහැ.
පොලිසිය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් තියෙනවා. මූලිකම දේ තමයි වරද කුමක්ද නොදැන අත්අඩංගුවට ගැනීම. මෙතැනදී එවැනි කිසිදු පටිපාටියක් පොලිසිය ක්‍රියාත්මක කරලා නැති බව පේනවා. මේ ප්‍රශ්නවලටත් වඩා මහජනතාවට තියෙන ප්‍රශ්නය තමයි, මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් කියලා මේ ආණ්ඩුවලට කියන්න පුළුවන්ද කියන කාරණය. විපක්ෂයටත් මේ කාරණයෙන් ගැලවෙන්න බැහැ. කම්කරු මහජනතාව ධනපති ආණ්ඩුවල මර්ධක යාන්ත්‍රනයේ ආරක්ෂාව ගැන කිසිදු විශ්වාසයක් නොතැබිය යුතුයි.
ත්‍රස්තවාදයට, වර්ගවාදයට හා රාජ්‍ය මර්දනයට එරෙහි පොදු කම්කරු මහජනතාවගේ වැඩපිළිවෙළ කුමක් ද? කම්කරු ආරක්ෂණ කොමිටි හරහා සෑම ප්‍රදේශයකම, කාර්මික නගරයකම තම ආරක්ෂාව සපයා ගන්නේ කොහොම ද කියන කාරණය ගැන සිතන්නට මහජනතාව පෙළඹිය යුතුයි. මේ ප්‍රශ්න කතා කරන්නෙ නැතිව ඒවා වසන් කිරීමක් තමයි රජය හා ව්‍යාජ වාම සංවිධාන කරන්නේ. ඊට මාධ්‍යයත් හවුල්කාරයෝ වෙලා ඉන්නවා. ගරා වැටුණ, නෂ්ටාවශේෂ වූ, ජනතාවට මරණය අත් කළ මේ ධනපති ආර්ථික ක්‍රමය මුලින් උපුටා දමා සමාජවාදය පෙරමුණ ගත්ත රාජ්‍ය පාලන තන්ත්‍රයක්, ක්‍රමයක් බිහි කරගන්න මහජනතාව පෙළ ගැහෙන්න ඕනෑ කියන එකයි අපේ මතය.

දුමින්ද අලුත්ගෙදර

Sunday, May 12, 2019

ත්‍රස්තවාදය ද, ෆැසිස්ට් පන්නයේ වර්ගවාදයද, රාජ්‍ය මර්ධනයද අවසන් කරන්නේ කෙසේ ද?

පාස්කු ඉරිදා කුරිරු ප්‍රහාරය දියත්කල මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය හා මුස්ලිම් පල්ලිවල හා නිවෙස්වල කඩු සොයාගැනුනේ යැයි කියන කරුන අතර සම්බන්ධයක් දක්වමින් සාමාන්‍ය මුස්ලිම් කම්කරු මහජනයාද ත්‍රස්තවාදී ගොඩට දැමීම හරහා මුස්ලිම් මහජනයාට එරෙහිව වර්ගවාදී ලේවැකි ප්‍රහාරයක් දියත් කිරීම සඳහා සිංහල වර්ගවාදී බෞද්ධ අන්තවාදී සංවිධාන දැන් මාන බලමින් සිටී.

දෙමල මහජනයාට එරෙහිව දියත් කල වර්ගවාදී යුද්ධය 2009 දී අවසන් වීමත් සමඟ රාජපක්ෂ තන්ත්‍රය යටතේ ශක්තිමත් කෙරුනු සිංහල වර්ගවාදී බෞද්ධ අන්තවාදී “බොදුබල ⁣සේනා”,”සිහල රාවය”, “රාවනා බලකාය” “සංහලේ” වැනි සංවිධාන විසින් දිගන,අලුත්ගම ඇතුලු රටේ නොයෙක් ප්‍රදේශවල දියත් කෙරුනු මුස්ලිම් විරෝධී ප්‍රහාර හා ප්‍රකෝපකරනයන් මුස්ලිම් තරුනයන්ගේ රැඩිකලීකරනය වීමට සෘජු හේතුව වූ බව හොඳටම පැහැදිලි විය යුතුය. ⁣සිංහල මහ ජාතියේ පොලීසියේ රැකවරනය යටතේ මුදාහරින එවන් වර්ගවාදී ප්‍රහාරයකට නැවත නිරායුදව මුහුන දීමට කිසිදු සුලු ජන කොටසක් නම් සූදානම් වේ ද?  

සිංහල, මුස්ලිම් කම්කරු මහජනතාව, තරුනයන් තමන් එකිනෙකාගෙන් බෙදා ලන සියලු වාර්ගික හා ආගමික අන්තවාදයන්ට එරෙහි විය යුතුය. පාස්කු ප්‍රහාරය ගසා කමින් දේශපාලන හා ආර්ථික අර්බුදයේ ගිලී සිටින ධනපති ආන්ඩුව ප්‍රමුඛ පාලක පන්තිය ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටි කම්කරු පන්තියට එරෙහිව දැන් රුදුරු පොලිස් මිලිටරි මර්ධන යාන්ත්‍රනය ලිහා හැර තිබේ.

ත්‍රස්තවාදයටද, ෆැසිස්ට් පන්නයේ වර්ගවාදයටද, රාජ්‍ය මර්ධනයටද එරෙහි කම්කරු පන්තියේ වැඩපිලිවෙල කුමක් ද?

කම්කරු පන්තියේ එවන් වැඩපිලිවෙලක ආරම්භක පියවර වන්නේ සමස්ථ රාජ්‍ය මර්ධන යාන්ත්‍රනය කොන්දේසි විරහිතව ප්‍රතික්ශේප කිරීමයි. එය  ව්‍යාජ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ජනරජ ව්‍යවස්ථාව ඇතුලු ධනපති රාජ්‍යය ප්‍රතික්ශේප කිරීමේ මුල් පියවරකි. අනතුරුව සෑම ගමක්, නගරයක්, වැඩබිමක් තුලම පාසා කම්කරු ආරක්ශන කමිටු පිහිටුවා ගනිමින් කම්කරු පීඩිත මහජනතාව⁣ගේ ආරක්ෂාව රාජ්‍ය මර්ධන යාන්ත්‍රනනයන් ගලවාගෙන තම ආරක්ෂාව තම පන්තිය අතට ගැනීමයි. එම කම්කරු මහජන ආරක්ෂන කමිටුවල මූලිකම එල්ලය විය යුත්තේ සියලු ආකාරයේ වර්ගවාදයන්ට, ප්‍රතිගාමීත්වයන්ට හා සූරාකෑමේ ක්‍රමයේ  මූලය වන ධනපති පන්ති සමාජය අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයට සටන් වැදීමයි. ඒ සඳහා අත්‍යවශ්‍යම කොන්දේසිය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තික පක්ෂයේ නායකත්වය යි.

තවත් ලේවැකි සිවිල් යුද්ධයක් හෝ කලු ජුලියක් වලක්වා ගත හැක්කේ ⁣පොදු කම්කරු මහජනතාවගේ එවන් එක්සත් වැඩපිලිවෙලකින් පමනි.

Wednesday, May 8, 2019

සිරගත කෙරුණු කෙටි කථාකරු නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ශේප කෙරේ

ලේඛක ශක්තික සත්කුමාරගේ "අර්ධ" නමැති කෙටි කතාවට එරෙහිව පොල්ගහවෙලවෙල පොලීසිය මගින් පවරන ලද නඩුව ඊයේ (07) සිව්වන වරටත් පොල්ගහවෙලවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවිනි. මේවන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ශක්තික කෑගල්ල බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අගතියට පත් යැයි කියන පාර්ශවය වෙනුවෙන් පෙර දින පරිදිම  නීතිඥවරැන් පෙනී සිටි අතර, සත්කුමාර වෙනුවෙන් නීතීඥ සී.ඩබ්.ඩබ්.රත්නායක, බුද්ධදේව ගුනරත්න, සහ සංජය විල්සන් පෙනී සිටියහ.

පොල්ගහවෙල පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සත්කුමාර විසින් තමන්ගේ "අර්ධ" නම් කෙටිකතාවේ අත්පිටපත මරදානේ පිහිටි ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතනයක් වෙත මුද්‍රණය සඳහා ලබා දී ඇති බවත් එම අත්පිටපත අද දිනයේ නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. එසේම සත්කුමාර විසින් භාවිතා කරන ලද සිම්කාඩ්පත් දෙකක් පිලිබද වාර්ථා ලබාගැනීමට අවශ්‍යකර ඇති බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් එම වාර්ථා ලැබෙන⁣ තෙක් සත්කුමාර නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන මෙන් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ. පොල්ගහවෙල පොලීසිය තවදුරටත් කියාසිටියේ මීලග නඩුදිනය වනවිට මෙම නඩුවට අදාල පරීක්ෂණ සියල්ල අවසන් කළ හැකි බවයි.

සත්කුමාර වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සංජය විල්සන් අද දිනත් මූලික විරෝධතාවක් ගෙන එමින් සඳහන් කර සිටියේ, පොල්ගහවෙල පොලීසිය ප්‍රකාශකළ පරිදි මෙම කෙටිකතාව මුද්‍රණය සදහා ලබා දී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුද්‍රණාලයක් වෙත බැවින් ද අදාල කෙටි කථාව මරදාන ප්‍රදේශයේදී ම තම අන්තර්ජාල ගිනුමට   එකතු කරන ලද බවට සත්කුමාර ප්‍රකාශයක්ද ලබා දී අති තත්ත්වය තුල, කරනු ලැබ ඇතැයි කියන වැරදි සංස්ථාපිතව ඇත්තේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේ අධිකරන බලයෙන් පිටත කලාපයක දී බැවින් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 128 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව පවත්වාගෙන යාමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බවත් ඒ මතම මෙම නඩුව මෙයින් අවසන් කල යුතු බවයි.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින්  නීතීඥ විල්සන් මූලිකවම පසුගිය නඩුවාරදෙකේ සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කල කරුණු නැවත පුනරුච්චාරනය කරන බව කියාසිටියේය. මුල් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 20 වන වගන්තිය ලංකාවට ආදේශ  කිරීම සඳහා යොදා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යොදා ගැනීම පිණිස අඩු තරමින් අදාල ක්‍රියාවන් ජාතික, වාර්ගික හෝ ආගමික කොටස් දෙකක් අතර අසමානතාවයකට, සතුරැකම් හෝ ප්‍රචන්ඩත්වයට තුඩුදිය හැකි වෛරය පතුරුවන ක්‍රියාවන් විය  යුතු බැවින් මෙම නඩුවේ චූදිතගේ ක්‍රියාවන්ට කිසිසේත් එම වගන්තිය අදාල නොවන බවත් එම වගන්තිය ප්‍රකාරව මෙම නඩුව පවරා පවත්වාගෙන යා නොහැකි බවත් නීතීඥවරයා සැල කළේය. එබැවින් සත්කුමාර මුල් අවස්ථාවේම නිදහස් කිරීම හෝ දන්ඩනීති සංග්‍රහයේ 291ආ යටතේ ඇපලබාදීම සිදුකල යුතු බවටද කරුණු දැක්විණි.

එසේම  දන්ඩනීති සංග්‍රහයේ 291ආ වගන්තියේ අන්තර්ගතය වෙත අධිකරණයේ අවධානය යොමුකරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ එම වගන්තිය ප්‍රකාරව නඩුවක් පවරා පවත්වාගෙන යාමට නම්  “ආගමික හැගීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේශසහගත අදහසකින්" ක්‍රියාත්මක වූ බව ඔප්පුකල යුතු බවයි. මෙම 291ආ වගන්තිය යටතේ ලංකාවේ වාර්ථාගත වූ නඩු තීන්දු අල්ප නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරනය කල Naomi Michelle Cokeman v. AG,  SCFR 136/2014 නමැති නඩු තීන්දුවේ දී ආගමික හැගීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේශසහගත චේතනාවකින් අදාල ක්‍රියාව සිදුකල යුතු බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා මුල් අවස්ථාවේදී එම වේතනාව පිලිබඳ හුදු අනුමානයන්ගෙන් පමනක් පදනම් වෙමින් නඩු පැවරීමට  නොහැකි බව ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය වූ බව අධිකරණයට කරුණු දැක්වණි. මේ තත්ත්වය ඉන්දීය නඩුතීන්දුවක් වන Mahendra Singh Dhoni v. Yerraguntla Shyamsundar තුලින් උපුටා දක්වමින් "යම් සමාජ කන්ඩායමක ආගමික ඇදහීම් වලට ද්වේශ සහගත චේතනාවකින් යුතුව සිදුකරන ලද ක්‍රියාවකට" එරෙහිව පමනක් නඩු පැවරිය හැකිබව පිලිගෙන තිබෙන බව නීතිඥවරයා අධිකරණයට කරුණු සැලකර සිටියේය.


ශ්‍රී ලංකා දණ්ඩ නීති  සංග්‍රහයේ 291ආ වගන්තිය සහ ඉන්දීය දණ්ඩ නීති  සංග්‍රහයේ 295A වගන්තිය එකිනෙකට සමානුරූපී වන බැවින් ඉන්දීය නඩු තීන්දු ශ්‍රී ලංකාවට ආදේශ කල හැකි බවට කරුණු ඉදිරිපත් කරමින් ඉන්දීය දණ්ඩ නීති  සංග්‍රහය නඩුතීන්දු සමඟ සාකච්ජා කොට ඇති Ratanlal & Dhirajalal's ‘The Indian Penal Code’ (33rd Edition, Lexis Nexis 2013) හි පිටු 443, 444 සහ පිටු 272, 273,274 වෙත අධිකරණයේ අවධාණය යොමු කරනු ලැබිණි.  අනුරූපී වගන්තියකට (153A) අදාලව Ghulam Sarwar AIR 1965 Pat393 නඩු තීන්දුවේ දක්වා ඇත්තේ ද්⁣වේශ සහගත් චේතනාව අනාවරණය කර ගැනීමට  නම් අදාල ප්‍රශ්න ගත ලේඛනයේ සමස්ථය දෙස බැලිය යුතු බවත්, එම ප්‍රකාශනයට පසුබිම් වූ කරැණු සලකා බැලිය යුතු බවත් කොටස් වශයන් අවධානය යොමුකරමින් චේතනාව පිලිබඳ නිගමනය නොකල යුතු බවත් දක්වා අැති බව අධිකරණයට සැල ⁣කෙරිණි.

නමුත් කවියෙකු ද වන තම සේවාදායක සත්කුමාරගේ සිදුවීමේදී කෙටිකතාවේ සමස්ථය කිසිලෙකින් සලකාබලා නොමැති බවත්, පොලීසිය විසින් මෙම  කෙටිකතාවේ සම්පූරණ ⁣පිටපත අධිකරණයටද ඉදිරිපත් කලේ දෙවන නඩුවාරයේදී බවත් නඩුව ගොනුකරන විට පොලීසිය සලකා බලා ඇත්තේ මුහුණු පොතේ පලකල කෙටිකතාවේ එක් කුඩා ජේදයක් පමනක්  බවත් අධිකරණයේ අවධානයට යොමුකර සිටි⁣යේය. එමනිසා සත්කුමාර පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔහුගේ ද්වේශ සහගත චේතනාව ඔප්පුකීරිමට කිසිදු සාධකයක් පොලීසිය සතුනොවු බව පැහැදිලි කරුණක් බව නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශකර සිටියේය.
විශේෂයෙන් කොරෙයා එ. රැජින  නඩුවේදි උපුටා දක්වන ලද John Lewis & Co. Ltd . V. Times 1 ((1952) A.C. 676 at 691). නඩුවේ දැක්වෙන ආකාරයට,  යම් පොලිස් නිලධාරියෙක් වරෙන්තු රහිතව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුකරනවා නම් ඔහු වැරදිකරුවන බවට සාක්ෂි ඒවන විටම සොයා⁣ගෙන තිබිය යුතු බවත් පුද්ගලයා රදවා තබාගනිමින් සාක්ෂි තහවුරු කරගැනීමට හෝ නඩුවේ ශක්තිමත්බව වැඩිකරගැනීමට කරුණු සෙවිය නොහැකි බවත් Lord Porter ඉහත නඩුතීන්දුවේදි අවධාරණය කර ඇති බවද අධිකරණයට කරුණු දැක්වීය. එහෙත් වරෙන්තු රහිතව සත්කුමාර අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඉහත ආකාරයට ඔහුගේ වරදකාරීත්වය ඔප්පු කළ හැකි වනබවට කිසිදු සාධාරන නිගමනයකට පොලීසියට එලැඹීමට හැකියාවක් නොපැවති බවත් අවධාරණය කෙරණි.

එසේම සත්කුමාර දණ්ඩ නීතිසංග්‍රහය සහ  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ පනත යටතේ  අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය යන සංවිධානයේ අඟුලුගල්ලේ සිරි ජිනානන්ද  නමැති භික්ෂුවක් විසින් පොලිස්පතිවරයාට පැමිනිලි ලිපියක් ඉදිරිපත් කර ඇතිබවත්, මිට පෙර මාලක දේවප්‍රියගේ “කනට පාරක් ” නම් ගුවන්විදුලි වැඩසටහනට විරැද්ධව පැමිණිලි කර නඩු පවරා ඇත්තේද එම පිරිසගේම අවශ්‍යතාවයට  බවත්, ඒ අනුව මෙම බෞද්ධ අන්තවාදි කණ්ඩායම් වල මෙහෙයවීම මත පොලීසිය අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍රවි⁣රෝධී ලෙස හා නීතියට උඩින් කටයුතු කරමින් සිටින බවත් මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට මේ වන විට සීමිත උපදෙස් ලැබී ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

තම ⁣සේවාදායකයා මෙලෙස අත්තනෝමතික ලෙස හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම  හා රඳවා ගැනීම මගින් තහවරැ කෙරී ඇත්තේ් පොලීසිය විසින් බෞද්ධ අන්තවාදී සංවිධාන ලංකාවේ ලිඛිත ව්‍යවස්ථාවට ද ඉහලින් පිහිටුවා ඇති බවත් අධිකරණය ඒ සඳහා යොදා ගැනෙමින් පවතින බවත් යැයි නීතිඥ විල්සන් සඳහන් කලේ ය.

නීතිඥ විල්සන් විශේෂයෙන් සඳහන් කලේ සත්කුමාරට එරෙහි මෙම ක්‍රියාමාර්ග ඔහුට පමණක් පුද්ගලිකව එල්ල කළ එකක් නොවන බවත් එය සමස්ථ කලාවටම හා කලා කරැවන්ටම එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් බව ය.

එසේම ⁣අපරාධ නඩුවිධාන සංග්‍රහයේ  135(1) වගන්තිය ප්‍රකාරව දන්ඩනීති  සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ නඩු පැවරීමට නම් මුල් අවස්ථාවේම නීතිපතිවරයාගේ අවසරයක් ලබා ගත යුතු බවත්, මෙම නඩුවේදි මෙතෙක් නීතිපති අවසරය ලබාගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති නිසාවෙන් මෙම නඩුකටයුත්ත වහා අවසන්කල යුතු බව ඔහු ප්‍රකාශ කලේය.

තම දේශනය තුල නීතිඥ විල්සන් තවදුරටත් සඳහන් කළේ පොලීසිය විසින් අන්තවාදී සංවිධානවල අවශ්‍යතාවය මත අත්තනෝමතික හා පදනම් විරහිත ලෙස තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම මගින් පොලීසිය රටේ ලිඛිත ව්‍යවස්ථාවට පිටින් යමින්  එහි 10, 12(1), 13(1), 13(2), 14(1)(a) යන වගන්තියටතේ වන භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇතුලු ශක්තිකගේ මූලික අයිතීන් උල්ලංගනය කර ඇති බව යි. ඔහු සඳහන් කළේ එම මූලික අයිතිවාසිකම්වලට පනවා ඇති සීමා කිරීම්, වි⁣ශේෂයෙන් භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතියට ව්‍යවස්ථාවේ 15(2) හා 15(7) යටතේ පනවා ඇති සීමා කිරීම් යටතේ එන වාර්ගික හා ආගමික සහයෝගීතාවට ද, රාජ්‍ය ආරක්ෂාව හා යථා පැවැත්මට ද, මහජන සෞඛ්‍ය හෝ සදාචාරයද, අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු යහපතට ද  තර්ජනය වන කිසිවක් හෝ ‘අර්ධ’කෙටිකථාව මගින් සිදු නොවන බවත් ඒ අනුව එකී සීමාකිරීම් එම කෙටිකථාවට එරෙහිව කිසිසේත් යෙදිය නොහැකි බවත් ය.

යම් ප්‍රකාශනයක් රටේ යථා පැවැත්මට තර්ජනයක් වන්නේ ද යන්න තීරණය කිරීමේ දී Shreya Singhal v. Union of India යන ඉන්දියානු නඩු නීන්දුවේ දක්වා ඇති “සමීපතාවය පිළිබඳ පරීක්ෂණය” යොදාගත යුතු බව නීතිඥ විල්සන් පෙන්වා දුන්නේ ය. එහිදී නඩුවේ පහත කොටස උපුටන ලදී:

“Our commitment of freedom of expression demands that it cannot be suppressed unless the situations created by allowing the freedom are pressing and the community interest is endangered. The anticipated danger … should have proximate and direct nexus with the expression … In other words, the expression should be inseparably locked up with the action contemplated like the equivalent of a “spark in a powder keg”

එනම් අදාල ප්‍රකාශනය හා මහජන යහපතට ඇති තර්ජනය අතර සම්බන්ධය “වෙඩිබෙහෙත් පීප්පයකට දැමූ ගිනි පුපුරක්” හා සමාන සෘජු හා ආසන්නම සම්බන්ධයක් විය බයුතු බවයි.

නීතිඥවරයා තවදුරටත් අවධාරණය කළේ මූලික අයිතිවාසිකම්වලට පනවා ඇති සීමා කිරීම් කිසිවක්  අධීක්ෂනය කිරීමේ හෝ ඒ මත ක්‍රියාත්මක වීමේ කිසිදු බලයක් පොලීසියට නොමැති බවත් ඒ සඳහා රජයේ වෙනම ආයතන (ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වැනි) පවතින බවත්ය.

ඊට අදාලව කෙටි කථාවේ අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කරමින් නීතිඥවරයා සඳහන් ක⁣⁣ළේ ප්‍රධාන ධාරාවේ ඉගැන්වීම් වලට පටහැනිව සිද්ධාර්ථ චරිතය සම්බන්ධයෙන් ද විවිධ කියැවීම් පවතින බවත් “ආරියපරියේෂණ සූත්‍රය (Ariyapariyesana Sutta)” ට අනුව සිදුහතුන්ට බිරිඳක් හෝ දරුවෙකු ⁣සිටනැති බවට ද මත ඉදිරිපත් කර ඇති බවයි.

ඉහතින් සදහන් කල සියළුම කරුණු අනුව විශේෂයෙන්ම අධිකරණ බලය නොමැති වීම සහ දක්වා ඇති වරදවල් එකක් හෝ සංස්ථාපනය වීමේ අවශ්‍යතා කිසිවක් මුල් අවස්ථාවේම නොසැපිරීම මත  මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් ඒ අනුව සත්කුමාර නඩුවෙන් නිදහස් කරන ලෙස නීතිඥ විල්සන් ඉල්ලා සිටියේ ය. ඊට විකල්ප ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද පනතේ 3 (1) වගන්තියේ අවශ්‍යතාවන් කිසිවක් සංතෘප්ත වී නොමැති බැවින් එම පනත යටතේ මෙම නඩුව ගෙන යා නොහැකි නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය අනුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇප නියම කිරීමේ හැකියාවක් ඇති බැවින් ශක්තිකට ඇප නියම කරන මෙන් ද අයැද සිටින ලදී.

මෙම සැලකිරීම් කිසිවක් බිඳ දැමීමට පැමිනිලිකාර භික්ෂූන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කිසිදු උත්සාහයක් නොගත්හ.

සියලු සැලකිරීම් අවසානයේ මහේස්ත්‍රාත්වරිය ශක්තික නිදහස් කිරීම සඳහා කළ ඉල්ලීම සම්බන්ධ ප්‍රකාශිත නියෝගයක් නොකරමින් ඇප ලබාදීමට බලයක් නොමැතිය යන පදනමින් ඇපද ප්‍රතික්ශේප කලාය. අනතුරුව පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම්වලට ඉඩදෙමින් නඩුව මැයි මස 21 වන දින තෙක් කල්තැබූ අතර එතෙක් සත්කුමාර රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලාය.

ශක්තික සත්කුමාරට සහයෝගය දක්වමින් ඊයේ් දිනද කලාකරුවේ කිහිප දෙනෙක්ම අධිකරණයට පැමින සිටියහ.  

Tuesday, April 23, 2019

ලේඛක ශක්තික සත්කුමාර තවදුරටත් සිරගත කෙරේ

ලේකඛ ශක්තික සත්කුමාර විසින් තම මුහුනු පොතේ පලකල  ‘අර්ධ’ නම් කෙටි කථාව මගින් “බුදු දහමට අගෞරවයක් හා නින්දාවක්” වෙතැයි බෞද්ධ අන්තවාදී සංවිධානයක් විසින් කරන ලද අභූත චෝදනාවක් මත අප්‍රේල් 01 වන දින පොල්ගහවෙල පොලීසිය විසින් අත්තනෝමතික හා අයුක්තිසහගත ලෙස ඔහුව අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේ පවත්වාගෙන යන නඩුව තෙවන වරට අද කැඳවනු ලැබිනි.
ශක්තික සත්කුමාර


පසුගිය 09 වන දින දෙවනවරට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේදී නඩුව කැඳවූ අවස්ථාවේ දී සත්කුමාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටී.එස්.ජයනාග මහතා කරන ලද දීර්ඝ කරුනු දැක්වීමෙන් අනතුරුව පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරිය විසින් මෙම මස 23 දින, එනම් අද දිනය දක්වා ඔහුව රක්ශිත බන්ධනාගාර ගත කරන ලදී. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ නීතියක් වන ශ්‍රී ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291(ආ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ පොලීසිය විසින් සත්කුමාරට එරෙහිව මෙම අභූත චෝදනා ගොනුකොට තිබුනි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යැයි කියමින් බෞද්ධ පූජකයන් වෙනුවෙන් නීතිඥ මහෙශ් හේරත්, දුලංගනී ජයලත්,  සරත් දසනායක සමග පද්මසිරි ජයලත් යන අය පෙනී සිටියෝය.

සත්කුමාර වෙනුවෙන් තරිඳු සම්පත්, සී.ඩබ්.ඩබ්.රත්නායක, බුද්ධදේව ගුනරත්න, තුෂාර ද සිල්වා, සංජය විල්සන් සහ එස්.කොටගොඩහෙට්ටි යන නීතිඥවරුන් පෙනී සිටියහ.

පොල්ගහවෙල පොලීසිය වැඩිදුර වාර්ථාවක් ඉදිරිපත් කරමින් ඉල්ලාසිටියේ පරීක්ෂන අවසන් නැති බවත්  සත්කුමාරගේ ෆෙස්බුක් ගිනුම පිලිබඳ ප්‍රකාශයක් ඔහුගෙන් ලබා ගත යුතුබවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත්‍ ය.

සත්කුමාර වෙනුවෙන් දීර්ඝව කරුනු දක්වමින් නීතිඥ සංජය විල්සන් ප්‍රථමව කියා සිටියේ පොලීසිය මෙම කාරනය සම්බන්ධව පරීක්ෂන පවත්වනවා යයි කියමින් සති තුනක් තිස්සේ අවශ්‍ය  ප්‍රකාශයක් ලබාගැනීමට ඕනෑ තරම් කාලය ගතකර ඇති තත්ත්වයක් තුළ අසාදාරන හා අයුතු සහගතලෙස තම සේවා දායකයා බලවත් අපහසුතාවයට ලක් කිරිමේ චේතනාවෙන් යුතුව පොලීසිය ඔහුව තවදුරටත් බන්දනාගාරගත කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

තම සැල කිරීම් ඉදිරිපත් කරමින් ඔහු අනතුරුව කියා සිටියේ පසුගිය දින ජනාධිපති නීතිඥ ටී.එස්.ජයනාග මහතා ව්සින් කල සැලකිරීම් ඒ ආකාරයෙන්ම අද දිනද පුනරුච්චාරනය කරන බවත් ඒ අනුව ඉදිරිපත් කොට ඇති කරුනු යටතේ සත්කුමාරට එරෙහිව ගොනු කොට ඇති චෝදනා දෙකෙන් ඇප ලබාදීම සඳහා දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ පමනක් ක්‍රියාත්මක වෙමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) ‍යටතේ චෝදනා කිසිවක් සනාථ නොවන නිසා එම චෝදනාව නොසලකා හැර තම සේවාදායක සත්කුමාර හට ඇප ලබාදීමට අධිකරනයට හැකියාව ඇතිබවයි.

තවදුරටත් නීතිඥ සංජය විල්සන් සඳහන් කලේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 135(1)ඉ වගන්තිය යටතේ ක්‍රියාත්මක වීමට පොලීසිය අසමත්ව ඇති බවත් එම වගන්තිය යටතේ කිසි ලෙසකින්  අධිකරනයට දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ වන වරදක් සම්බන්ධයෙන් සලකා බැලීමක් කිරීමට මුල් අවස්ථාවේම නීතිපතිගේ පැමිනිල්ලක් හෝ නීතිපතිගෙන් කලින් ලද අවසරයක් මත කරනු ලබන පැමිනිල්ලක් නොමැති අවස්ථාවක සිදු කල නොහැකි බවත්‍ ය. ඒ අනුව දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ වරදක් සම්බන්ධව මෙම නඩුව ගෙන යා නොහැකි බැවින් මුල් අවස්ථාවේම තම සේවාදායක නිදහස් කල යුතුව පවතින බවට ඔහු සඳහන් කලේය.

විශේෂයෙන් නීතිඥ සරත් දසනායකගේ සැලකිරීමට පිලිතුරු ද වශයෙන් නීතිඥ විල්සන් සඳහන් කලේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වරදක් සංථාපිත වීම සඳහා ආගම් අතර වෛරය පැතිරවමින් අසමානතාවයට, එදිරිවාදිකම්වලට හා ප්‍රචන්ඩත්වයට මුල්වන කටයුත්තක් සිදුකර තිබිය යුතු බවත් සත්කුමාරගේ කෙටිකථාව හරහා එවන් ආකාරයේ අන්තර් ආගමික නොසන්සුන්තාවයක් ඇතිකරවන කිසිවක් සිදුවී නොමැතිබවත් එය පොලීසිය විසින් ඉදිරිපත්කර ඇති බී වාර්ථාවලින්ද තහවරු වන බැවින් එම වරද පිලිබඳ චෝදනාව අතිශයින් පදනම් විරහිත වන බවත්ය. ඒ අනුව එම චෝදනාව යටතේද නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් මුල් අවස්ථාවේම තම සේවාදායක සත්කුමාර මෙම නඩුවෙන් නිදහස් කර යුතු බව ඔහු ප්‍රකාශ කලේය.

දේශීය නීතියේ හිස් තැන් පවතින අවස්ථාවල ජාත්‍යන්තර නීතියේ ප්‍රමිතීන්ට අනුව දේශීය නීති අර්ථකථනය කලයුතු අතර  විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත එම ජාත්‍යන්තර සම්මුතියේ මූලධර්ම හරහා ගලා එන්නක් බැවින් ඒ යටතේ එන සියලු ජාත්‍යන්තර නිර්දේශයන් හා ප්‍රමිතීන් දේශීය නීතිය අර්ථකතනයේදීද යොදාගත යුතු යැයි නීතිඥ  විල්සන් තර්ක කලේය. යුනෙස්කෝ සංවිධානයේ 1980වේ කලාකරුවාගේ ස්ථිත්‍යය සම්බන්ද නිර්දේශයන්හි මාර්ගෝපදේශ මූලධර්ම 3 උපුටා දක්වමින් ඔහු සඳහන් කලේ යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකයන් වන සෑම රටක්ම සමස්ථ සමාජයේම හා පුද්ගලයන්ගේ සංවර්ධනයට අවශ්‍ය වන  කලාකරුවන්ගේ නිර්මාන නිදහස ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.

කලාත්මක ප්‍රකාශනයේ සහ නිර්මානශීලීත්වයේ නිදහස සඳහා වන අයිතිය පිලිබඳ 2013 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ විශේෂ රැපෝර්ටර්ගේ නිර්දේශයට අධිකරනයේ අවධානය යොමුකල නීතිඥ  විල්සන් තවදුරටත් සැලකර සිටියේ එම නිර්දේශයට අනුව කලාත්මක නිදහස සීමාකිරීමේ අවස්ථාවන්ට යොමුවීමට පෙර විනිසුරුවරුන් ඇතුළුව සෑම තීරකවරයෙකුම කලාකෘතියක වටිනාකම හෝ එහි අන්තර්ගතය සම්බන්ධ කාරනා වලට මත්තෙන් එහි කලාත්මක නිර්මානශීලීත්වයේ ස්වභාවය සැලකිල්ලට ගතයුතු අතරම විරෝධි අදහස් දැක්වීමට කලාකරුවාට  ඇති අයිතිය, පවතින අධිපතිවාදී බලයන්ට එරෙහිව ප්‍රතිකතිකාවක් ඇතිකිරීම සඳහා අවශ්‍ය වන දේශපාලනික, ආගමික සහ ආර්ථික රෑපකයන් භාවිතා කිරීමේ කලාකරුවාට ඇති අයිතිය සැලකිල්ලට ගත යුතු බවයි . පරිකල්පන සහ ප්‍රභන්ධ කලාකෘතීන් තුල යොදා ගැනීම තේරුම් ගත යුත්තේ සහ එය සැලකිල්ලට ගතයුත්තේ නිර්මාණශීලී කර්තව්‍යන්ට අත්‍යවශ්‍ය නිදහසේ ප්‍රධානම සාධකයක් හැටියටය.

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මෙම නිර්දේශයන්ට පටහැනි බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල පහරක් බවද නීතිඥ  විල්සන් අවධාරනය කලේය.

අගතියට පත් පාර්ශවය නියෝජනය කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කල නීතිඥ සරත් දසනායක පසුගිය නඩුවාරයේදි මෙන්ම අද දිනයේත ශක්තික සත්කුමාරගේ “අර්ධ” කෙටිකතාවේ  එක් පරිඡ්ඡේදයක කොටසක් පමනක් උපුටා දක්වමින් බුද්ධ ධර්මයට හා බුද්ධ චරිතයට අපහාසයක් මෙම කෙටිකතාව තුලින් සිදුවන බවට අධිකරණයට ඒත්තු ගැන්වීමට උත්සහ කලේය. නමුත් කෙටි කතාවේ සම්පූර්න අන්තර්ගතය විකෘති කරමින් එක් පරිඡ්ඡේදයක කොටසක්  පමනක් උපුටා දක්වමින් උත්සාහ කරනු ලැබූයේ අධිකරණය නොමග යැවීමය.

එමෙන්ම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වමින් තවදුරටත් ප්‍රකාශ  කර සිටියේ මේ නඩුව කිසිසේත් සුළුකොට තැකිය හැක්කක් නොවන බවත්, මෙම කෙටිකතාව තුලින් ආගම් දෙකක් අතර ගැටුමක් ඇතිවීමේ විශාල සම්භාවිතාවක් ඇති බවත්ය. විශේෂයෙන් මෙම නඩුවේ චූදිත පාර්ශවය නිරාගමික කණ්ඩායමක් බවත් ඔවුන් සිතාමතාම  බුද්ධ චරිතය⁣ට අපහාස කිරීමේ අරමුනින් මෙම කෙටිකතාව රචනා කර ඇති බවත් මේ හෙතු⁣වෙන් නිරාගමික පිරිස් හා බෞද්ධයින් අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. එබැවින් ඉහත සදහන් කල හේතූන් මත ⁣සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද පනතේ 3(1) වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය. නීතිඥ විල්සන් විසින් එයට විරෝධීව කරුණු දැක්වුයේ ඉන් අනතුරුවය.

ඉන්පසුව චූදිත පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරැණු දැක්වූ නීතිඥ  එස්. කොටගොඩ හෙට්ටි මහතා චෝධිත වරද සංස්ථාපනය වූ ස්ථානය අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලයක් ඇත්ද යන කරැණ අධිකරණයේ අවධානයට යොමු කරනු ලැබීය. එමෙන්ම ශක්තික සත්කුමාරගේ මෙම “අර්ධ” නම් වූ කෙටිකතාව හුදෙක්ම සාහිත්‍ය නිර්මාණයක් පමනක් බවත්, මෙවැනි සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ අයිතිය ඕනෑම අයෙකු සතුවන බවත් එවැනි දේ සාහිත්‍ය ලෝකයේ සුලබ බවත් උදාහරන සහිතවම අධිකරණයට කරැණු දැක්වූ ඒ මහතා සාහිත්‍යමය ඇසකින් පමණක් මෙවැනි නිර්මාණ දෙස බැලිය යුතු බව ප්‍රකාශ කලේය.

මෙම නඩුව කෙටි දිනයක එනම් සතියක කාලයක් ඇතුලත කැදවන මෙන් සත්කුමාර වෙනුවෙන් ඉල්ලාසිටියද  සියලු සැලකිරීම් අවසානයේ මහේස්ත්‍රාත්වරිය පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීමට ඉඩදෙමින් මෙම නඩුව මැයි මස 07 වන දින තෙක් කල්තැබූ අතර එතෙක් සත්කුමාර රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලාය.

ශක්තික සත්කුමාරට සහයෝගය දක්වමින් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ඇතුළු කලාකරුවන් පිරිසක් අද දින අධිකරණය තුළ රැදී සිටියෝය.

Sunday, March 24, 2019

පොත් එලිදැක්වීම සහ සම්මන්ත්‍රණය: නවලිබරල් ව්‍යවස්ථානුකූලවාදය, දෙවන ජනරජ ව්‍යවස්ථාව සහ අධිපතිවාදයේ නැගීම

Neoliberal Constitutionalism and the Austerity State: The Resurgence of Authoritarianism
in the service of Market

 

පොත ජනසතු කිරීම
සහ
විවෘත සම්මන්ත්‍රණය

සම්මන්ත්‍රණ මාතෘකාව: ‘නව ලිබරල් ව්‍යවස්ථානුකූලවාදය, දෙවන ජනරජ ව්‍යවස්ථාව සහ අධිපතිවාදයේ නැගීම’

සංවාද ප්‍රවේශය : කර්තෘ

නීතීඥ සංජය විල්සන් ජයසේකර


අප්‍රේල් 2 අඟහරුවාදා ප.ව.2.30 සිට


කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨය අසල

Organization of Professional Associations Sri Lanka (OPA) හිදී

සම්පූර්න කථාව අසන්න

Slide Presentation

      Neoliberal Constitutionalism and the Austerity State: The Resurgence of Authoritarianism in the Service of Market
   
 
 
 

Monday, February 18, 2019

නීතිය සහ මාක්ස්වාදය - සාමාන්‍ය න්‍යාය, ප්‍රවිෂ්ඨයක්

නීතිය සහ මාක්ස්වාදය - සාමාන්‍ය න්‍යාය
යෙව්ගෙනි බ්‍රොනිස්ලාවොවිච් පෂුකානිස්

පරිවර්තනය සංජය විල්සන් ජයසේකර විසිනි

ප්‍රවිෂ්ඨයක්

ශ්‍රේෂ්ඨ  සෝවියට් මාක්ස්වාදී නීති විශාරදයෙකු වූ යෙව්ගෙනි බ්‍රොනිස්ලාවොවිච් පෂුකානිස් ගේ අග්‍රගන්‍ය ප්‍රතිපදානය වන 1924 දී පලකල Law and Marxism - A General Theory නම් කෘතියේ සිංහල පරිවර්තනය නීතිය සහ මාක්ස්වාදය - සාමාන්‍ය න්‍යාය නමින් කොටස් වශයෙන් ලාංකීය කම්කරු පොදු මහ ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රගාඩ වැදගත්කම  බොහෝ කලක සිට දුටු මා මෙම පරිවර්තනයට මෙතැන් සිට මුල පුරන්නේ න්‍යායික හා දේශපාලනික වශයෙන් පිරි සන්තුස්ඨියකිනි.
පෂුකානිස්


නීතිය, නීතිවිද්‍යාව හා ජාත්‍යන්තර නීතිය යන විශයයෙහි මාක්ස්වාදී එනම් පන්ති ප්‍රවේශය ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාලවල මෙන්ම ලංකාවේද නීති විද්‍යාල හා විශ්වවිද්‍යාලවල පීඨ වල යට ගසනු ලැබූ  විශය ක්ශේස්ත්‍රයක්ව පවතී. ධනපති ක්‍රමයට අවශ්‍ය වෙලඳපොල චින්තනය ගිල්වීම සඳහා විචක්ෂන බුද්ධිය හා ධනපතික්‍රම විරෝදී විකල්ප චින්තන යටගැසීමේ ව්‍යාජ හා පොදු මහජන උන්නතියට හතුරු දුශ්ප්‍රවාද ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ධනපති පන්තියේ අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීම පිනිස බැදුනු මෙම අධ්‍යාපනික ආයතනවල මෙකී යකඩ දම්වැල් කඩා බිඳ උදාකලහැකි බුද්ධි පුනරුදය සඳහාත් සමාජය සමාජවාදී ලෙස පදනමේ සිට වෙනස් කිරීම සඳහාත් අවශ්‍ය විකල්ප මාක්ස්වාදී ජාත්‍යන්තරවාදී දැනුම් පද්ධති පෝශනය කිරීමේ ක්‍රියාවලියක කොටසක් ලෙසත්  නීති ක්ශේස්ත්‍රයේ මෙම විකල්ප ඥානය වර්ධනය කිරීමේ අරමුනින් මෙම මාහැඟි කෘතිය සිංහල පාඨකත්වයට මෙසේ පිලිගන්වා සිටිමි.

පෂුකානිස්ගේ මෙම කෘතියට ප්‍රවේශයක් ලෙස ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය මයිකල් හෙඩ්  විසින් රචිත Evgeny Pashukanis - A Critical Reappraisal (යෙව්ගෙනි පෂුකානිස් - විවේචනාත්මක පුනාර්විචාරයක්) යන කෘතියේ පලමු පරිච්චේදය ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වන්නේය.
පෂුකානිස්ගේ කෘතියේ පරිච්චේද කොටස් වශයෙන් පලකිරීමට පෙර හෙඩ් ගේ මෙම කෘතිය පාඨකයා වෙත සමීප කරන්නේ පෂුකානිස්ගේ ප්‍රතිපදානය පිලිබඳ ලියවී ඇති වැදගත්ම කෘතිය එය බැවිනි.

ප්‍රවිෂ්ඨයක් ලෙස ඉහත කී  ‘යෙව්ගෙනි පෂුකානිස් - විවේචනාත්මක පුනාර්විචාරයක්’ යන කෘතියේ පලමු පරිච්චේදයේ ආරම්භක ඡේද කිහිපයක පරිවර්තනයක් පහත පල කරමි:    

පෂුකානිස් අදට අදාල වන්නේ ඇයි?

ශතවර්ශයකට ආසන්න කාලයක් මත්තෙන්, මුල් කාලීන සෝවියට් රුසියාවේ වඩාත් ප්‍රචලිත නීතිශාස්ත්‍රඥයා වන යෙව්ගිනි පෂුකානිස් (1891-1937) පිලිබඳ උනන්දුව සැලකිය යුතු මට්ටමක පවතින්නේ ඇයි? ඔහුගේ අගුන ප්‍රකාශකයින් මෙන්ම ගුන අගයන්නන් ද එකඟ වන කරුනක් වන්නේ නීතිය හා රාජ්‍යය පිලිඹද මාක්ස්වාදී න්‍යාය සම්බන්දයෙන් හා සෝවියට් රුසියාව තුල එම මූලධර්මයන් යොදාගැනීම සඳහා කල ප්‍රයත්නයන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිලිඹඳ  ඔහුගේ රචනා අගනා මූලාශ්‍රයන් වන බවයි.

අපට දැකිය හැකිවන පරිදි ඔහුගේ රචනා සම්බන්ද විවාද අදට ප්‍රගාඩ අදාලත්වයක් දරයි. වඩා පලල් වශයෙන්, මාක්ස්වාදයේ ස්ටැලින්වාදී අවභාවිතාව මගින් ඇතිකල පරාජයන්, බලාපොරොත්තු කඩකිරීම් සහ පාවාදීම් තිබියදීම, අනෙක් බොහෝ විශයයන්හිදී මෙන්ම නීති ශේස්ත්‍රය තුලද මාක්ස්ගේ විශ්ලේශනයන්හි උරුමය චිරස්ථායී වන බව ඔප්පුවී තිබේ.

පෂුකානිස් පිලිබඳ දීර්ඝ උනන්දුවට හේතුවන එක් කරුනක් වන්නේ, වැඩිකල් නොපැවති, ප්‍රාදේශික වූ 1871 පැරිස් කොමියූනය හැරෙන්නට, 1917රුසියානු විප්ලවය යනු, ආර්ථික, සමාජ හා නෛතික ජීවිතය ධනපතික්‍රම විරෝදී ලෙස, මහජන සහභාගීත්වය සහිතව හා සමානාත්මතාවාදී පදනමකින් අති මූලික ලෙස ප්‍රතිසංවිධානය  කිරීම සඳහා ගනු ලැබූ පලමු ජාත්‍යන්තර ප්‍රයත්නය වීමයි. බොහෝ දෙනෙක් රුසියානු විප්ලවයේ අපේක්ශාවන් බලාපොරොත්තු රහිත ලෙස සහ භයානක ලෙසත් යුතෝපියානු වූ බවට වන සාක්ෂි ලෙසට ඉදිරිපත් කරන 1923 න් පසුව ස්ටැලින්ගේ නිලධාරීවාදීන් යටතේ සෝවියට් සමූහාන්ඩුව පරිහානියට පත් වීම එසේ වූ නමුදු ඉහත කී වාර්තාව නොසැලී පවතී.

බටහිර නීති ශාස්ත්‍රඥයන්ට අනුව එකී නොමඟ යවනු ලැබීයැයි පැවසෙන මාක්ස්වාදී යුතෝපියානුවාදයේ ඛේදාන්ත ප්‍රකාශනයක් වන්නේ පෂුකානිස්ගේ පරිහානිත්වයයි.  1924 දී පෂුකානිස් මාක්ස්වාදය හා නීතිය සම්බන්ඳ සාමාන්‍ය න්‍යායක් නිර්මානය කිරීම සඳහා ගත් පලමු ප්‍රයත්නය ප්‍රකාශයට පත්කලේය(මෙහි ඉංග්‍රීසි ප්‍රකාශනය 1978 දී නිකුත් විය). නීතියේ නෛසර්ගික ස්වභාවය පිලිබඳව ඔහුගේ සමකාලිකයන්ට වඩා ගැඹුරට කිඳාබැසගත් ඔහු තර්ක කලේ නීතිය යනු සෑබෑ කොමියුනිස්ට්වාදය තුලදී ක්‍රමයෙන් අවසන් වී යෑමට නියමිත, ධනවාදය තුලදී එහි උච්චතම අවස්ථාවට එලඹ තිබෙන සුවිශේෂී  ආකාරයක සමාජ නියාමනයක් බවයි. පශුකානිස් සීග්‍රයෙන් වඩාත් ප්‍රසිද්ධ මුල්කාලීන සොවියට් නීතිවේදියා බවට පත් වූ අතර විශ්ව විද්‍යාල විශය නිර්දේශයන්හි ඔහුගේ ලේඛන කියවීම සඳහා නිර්දේශ කෙරුනි. කෙසේ නමුත් දශකයක් තුලදී, 1920 දශකයේ දෙවන භාගය වන විට ක්‍රෙම්ලිනයේ ජනප්‍රියම නීති න්‍යායාචාර්‍යවරයෙක් වූ ඔහු, ‘ප්‍රති විප්ලවවාදී’ හා ‘ෆැසිස්ට් නියෝජිතයෙකු’ ලෙස නිල වශයෙන් ගරහනු ලැබීමට පාත්‍ර කෙරුනි.

මතු සබැඳේ


Saturday, February 16, 2019

ආන්ඩුව වතු සමාගම් ගලවා ගැනීමට සැරසේ

Sri Lanka Government to bail out plantation companies

වතු සමාගම් හා ද්‍රෝහී වතු වෘත්තීය සමිති අතර එලඹ ඇති නව සාමූහික ගිවිසුම යටතේ ස්ථිර වතු කම්කරුවෙකුට දීමට එකඟව ඇති රුපියල් 750 ට අමතරව රුපියල් 50ක් රජය විසින් වසරක කාලයකට ගෙවීමට තීරනය කර  ඇති බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක ප්‍රකාශකර සිටී.

වර්ධනය වන කම්කරු පන්තික සටන් හමුවේ  තම ලාභ පොදි රැක ගැනීමේ අර්බුදයට මුහුන දී සිටින වතු සමාගම් ගලවාගැනීමේ මෙහෙයුමක් ලෙස  වතු සමාගම්වල කම්කරු වැටුප් පිලිබඳ බර පොදු මහ ජනතාවගේ කර මත පැටවීම සඳහා ආන්ඩුව  සූදානම් බවය  නවීන් දිසානායක කියා සිටින්නේ.

ඒ ආකාරයෙන් ධනපති පන්තිය හා වෙලඳපොල ආර්ථික ක්‍රමය ආරක්ෂා කිරීමේ නව ලිබරල් රාජකාරිය ලංකාවේ ධනපති ආන්ඩුව පොදු මහත් කම්කරු මහ ජනතාවගේ දෑස් ඉදිරිපිටම සිදු කරමින් සිටින්නේ පොදු මහ ජනතාවගේ  බදු මුදලින් වතු සමාගම් ගලවා ගැනීමට ඉදිරිපත් වීමෙනි. මෙය පොදු මහත් කම්කරු පන්තියටම එරෙහිව සිදු කරන මංකොල්ලයකි.

2008 ආර්ථික හා මූල්‍ය අර්බුධය හමුවේ වෝල් වීදියේ බැංකු ගලවා ගැනීම සඳහා බුෂ් හා ඔබාමා පරිපාලනය විසින් ඩොලර් බිලියන ගනනින් මහජන මුදල් පොම්ප කිරීම් හා ලංකාවේ ආන්ඩුව වතු සමාගම් වල බර පොදු මහත් කම්කරු ජනතාව මත පැටවීමේ සූදානම එකම වැඩපිලිවෙලකි.

වතු කම්කරුවන්ට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වැටුපක් ලබාගැනීම සඳහා වන අරගලයට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවමද සෑම ක්ශේස්ත්‍රයකම කම්කරු  ජනතාව සහාය පලකල යුතුවාක් මෙන්ම    පොදු මහත් කම්කරු ජනතාව මෙම  වතු සමාගම් ගලවා ගැනීමේ ආන්ඩුවේ නවලිබරල් ධනපති වැඩපිලිවෙලට එරෙහි විය යුතුය.

රුපියල් 1000 වැටුප වතු සමාගම් වලින් අය කර දීම සඳහා ආන්ඩුව කටයුතු නොකරන්නේ ඇයි? අඩු තරමින් රුපියල් බිලියන 1.2 ක මුදල ආන්ඩුව වතු සමාගම් වලින් අයකර නොගන්නේ ඇයි? වතු කම්කරුවන්ගේ පැත්තේ සිට නොගනිමින් නවීන් ඇතුලු ධනපති ආන්ඩුව වතු සමාගම් පැත්තේ සිටගන්නේ ඇයි? එසේම ධනපති වතු සමගම් අර්බුදයට යන විට ඒවා ගලවා ගැනීමට ඉදිරිපත් වන ආන්ඩු එම වතු සමගම්ම  අධිකතර ලාභ ලබන විට එම ලාභයෙන් කොටසක් වතු කම්කරුවන්ට ලබා දීමට ඉදිරිපත් නොවන්නේ ඇටි?  මෙම ආන්ඩු ඉටු කිරිමට බැඳි සිටින්නේ  වතු හිමියන් ඇතුලු ධනපති පන්තියේ අවශ්‍යතාවයන් බැවිනි.

ධනපති ක්‍රමය යටතේ ලාභය පුද්ගලික වන විට පාඩුව ජනසතු වන බව නවීන් සනාථ කර සිටී.
#swjreviews

Monday, December 31, 2018

Cloaked in the euphoria of victory for democracy, Sri Lanka's ruling establishment slides further to the right


With the 50-day political crisis of Sri Lanka reaching to a temporary pause as Ranil Wickremasinghe was sworn in as prime minister on 16 Sunday, following a landmark judgement of the country's apex court, the ruling class in Colombo along with the media, the upper middle class milieu and academics have hoisted an euphoria of victory for democracy in the island nation.
Wickremasinghe takes oaths as prime minister 

Contrary to this assertion, the scenario that preceded Wickremasinghe's reappointment has shown that the whole ruling establishment - comprising of the executive, legislative and judicial branches of the government - is in rags and has shifted further to the right.

After assuming duties as the prime minister, Wickremsinghe tweeted, "today marks a victory not for myself or for the UNP", referring to his United National Party. "It is a victory for Sri Lanka’s democratic institutions and the sovereignty of our citizens. I thank everyone who stood firm in defending the constitution and ensuring the triumph of democracy.”

Deep divisions within the ruling establishment led to Sri Lanka president Maithripala Sirisena's anti-democratic sacking of Wickremsinghe as Prime Minister on 26 October, that triggered the immediate crisis. Wickremasinghe's swearing in followed two decisions by the Supreme Court - one challenging Sirisena's unconstitutional dissolution of the Parliament in the event Rajapakshe was unable to secure a majority, and the other on an appeal lodged by Rajapakshe against an interim order issued by the appeals court preventing him and his cabinet from functioning till the hearing of the case, which effectively left the country without a functioning government for nearly two weeks.

In both decisions the Supreme Court ruled against Sirisena-Rajapakshe faction, holding that the dissolution was unconstitutional and refusing to stay the appeals court decision. The next day Rajapakshe resigned as prime minister, leading to Wickremasinghe's reinstatement.

Just after the verdict was pronounced, Wickremasinghe declared, "the judgement given by the Supreme Court is a result of the steps taken by the ‘Yahapalana’ government to make the Judiciary independent" and that it "confirms the Judiciary as being an independent institution”.

A jubilant writer to The Island praised the judiciary by calling people to "honour the thinking of Hulftsdorp [where the country's apex court complex is situated] that gave new meaning to democracy, fundamental rights, and the sovereignty of the people". A dailymirror columnist wrote, the "unanimous verdict of the seven-member supreme court bench"  "upheld democracy and constitutional governance".

Prominent among these writers is Jayadeva Uyangoda, a university professor and a political analyst highly hailed by the upper middle class milieu,  who wrote to The Island on 15 December, boosting the bourgeois illusion with the judiciary: "The judges have also assured Sri Lankan citizens that in their fight to defend Sri Lanka’s endangered democracy, the judiciary is now a reliable arbiter". In another article in srilankabrief, Uyangoda praised the country's apex court, which he says has re-emerged with a "clear sense of institutional autonomy and independence", for its "role in restoring constitutional governance for Sri Lanka’s democracy".

The intervention of Sri Lanka's apex court in settling the political crisis within Colombo's ruling class does not show anything more about  its 'independence' than the fact that it was rather concerned with the increasing public disillusionment with the so-called 'democratic institutions' including the parliament and the entire ruling establishment. It was an expression of fears in ruling circles that the flagrant breach of constitutional norms would further fuel growing working class struggles against the capitalist rule.

The political crisis erupted in the context of growing geo-political tensions engulfing the island and the South Asian region where United States, its European allies and India are engaged in countering what they refer to as "creeping Chinese influence". Throughout the period of the present crisis, US sent warning signals to Colombo and urged immediate resolution of the political crisis, delaying of which could compound "uncertainty in Sri Lanka" and undermine its "international reputation".

The stance of the Supreme Court is also a clear response to this unavoidable geo-political pressure largely by US imperialism, though its eighty-eight paged judgement interpreting the provisions of the country's constitution has no mention of anything of that sort. However, Court has expressly admitted that, "practical considerations rather than formal logic must govern the interpretation of those parts of the Constitution which are obscure", and that it should "take into account social, economic and cultural developments which have taken place since the framing of the Constitution".

The portrayal of the judges and courts as defenders of democracy is a dangerous trap fixed against the working class.

Evgeny Pashukanis, the renowned Soviet jurist and early Bolshevik wrote, "without the work of legislators, judges, police and prison guards (in a word, of the whole apparatus of the class state), law would become a fiction".

Wickremasinghe and the other commentators wilfully conceal one basic fact which Pashukanis emphasizes:  the capitalist state is class-based and the judges and courts are part of that class rule.

The constitution as the fundamental law of the class rule is not just the words in the text adopted by capitalist parliament. Its  basic structure is formulated by neoliberal dictates and imperialist demands, in line of which every judicial branch of a country of belated capitalist development is compelled  to frame its 'thinking'.

The 'triumph of democracy' has nothing to do with the rights of the working class and the oppressed masses, except for a temporary settlement of capitalist class rule.
In State and Revolution Lenin explains:

 "A democratic republic is the best possible political shell for capitalism, and, therefore, once capital has gained possession of this very best shell… it establishes its power so securely, so firmly, that no change of persons, institutions or parties in the bourgeois-democratic republic can shake it.”

The 'whole apparatus of the class state', including courts, are assigned this task of unshakably securing the 'political shell for capitalism', which is bourgeois democracy.

During the seventy years of 'independence' from colonial rule, the two major ruling parties, Sri Lanka Freedom Party(SLFP), now headed by Sirisena, and Wickremasingh's UNP, bestowed upon the working class of the country only poverty, inequality and massacres of youth in the North and the South and brutal suppression of working class struggles, in the name of 'democracy'. All factions of the Sri Lankan ruling elite are determined  to crush working class opposition to the attacks on living and social conditions demanded by national and global big business.

The Supreme Court nor the appeals court had any hesitation in resting all powers of the cabinet of ministers with Sirisena when its decision was to effectively leave the country without a functioning government. Sirisena immediately stepped into strengthen the autocratic and repressive powers of the executive presidency. Apart from his position as defence minister, which he holds under the constitution, Sirisena obtained the law and order ministry, under which is the police, and the media ministry.

These are all warnings that the ruling class is rehearsing authoritarian measures to build up police state conditions in preparation for responding to  deepening class tensions.

After swearing in as a minister of Wickremasinshe's new cabinet, UNP deputy leader, Sajith Premadasa  called everyone to be ready to work overnight to complete ten years work during ten months. This is an indication of the ruling class's unequivocal readiness to impose the burden of their crisis upon the working class.

The working class cannot place any faith in any of the institutions of the class rule, which  are placed at the disposal of the ruling class to suppress the growing opposition and protests, using whatever means necessary including the military and police. To win true democracy, what is necessary is the independent mobilisation of workers, youth and the poor on the basis of an international socialist program to fight for a workers’ and peasants’ government. In Sri Lanka and internationally, it is only the Socialist Equality Party that advances this revolutionary perspective.

Image credit: newsfirst.lk