Thursday, April 28, 2022

පැතුම් කර්නර් විකල්පයක් ද?

 පැතුම් කර්නර් විකල්පයක් ද? 


රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා යැයි කියමින් ජාතික හරිත පෙරමුනේ නායක #පැතුම්කර්නර් (පීකේ) විසින් පසුගියදා තම කම්කරු-පීඩිත පන්තික විරෝධී ව්‍යාජ වැඩපිලිවෙල එලිදක්වා තිබේ. දශක ගනනාවක් වර්ථමාන තාරුන්‍යයට 'දේශපාලන සාක්ෂරතාවය' අහිමි කල අධ්‍යාපන පද්ධතියක්තුල නිර්වින්දනය කරනු ලැබීමෙන් පසු, දීර්ඝකාලීන වාම දේශපාලන රික්තයට "විප්ලවවාදියෙකු" "අරගලකරුවෙකු" ලෙස පැන තරුන පීඩිත මහජනතාව වෙත ධනපති, මහජන විරෝධී, ප්‍රතිගාමී හා ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලක් අයිසින් තවරා ගිල්ලවීමට දරන කර්නර්ගේ උත්සාහය අපේ පන්තිය, එනම් කම්කරු, පීඩිත,තරුන ජනතාව හෙලාදැකිය යුතුය, ප්‍රතික්⁣ෂේප කල යුතුය. මෙම පුද්ගලයාගේ දේශපාලන උගුල සම්බන්ධව මා ලියා පල කල කෙටි සටහන් ගනනාවකට පසුව මොහු ඉදිරිපත් කරන ආර්ථික-දේශපාලන වැඩපිලිවෙලේ හරය සම්බන්ධව විවරනයක් කිරීම අප පන්තියේ දේශපාලන ස්වාධිනතාවයට අත්‍යවශ්‍ය යැයි හැඟී ගියෙන් මෙම  කෙටි ලිපිය ඔබ අතට පත් කරමි. සංවිධාන ශක්තිය, කථිකත්වය, කැපකිරීම්, ආටෝප හෝ වෙනත් කුමන ආකාරයක හෝ පුද්ගලික චරිත ලක්ෂන තුලින් දේශපාලන චරිත හෝ සිද්ධි වටහාගැනීමේ ආත්මීය (subjective) ප්‍රවේශයට එරෙහිව වෛශිකව (objectively) කරුනු විචාරය කිරීමේ අවශ්‍යතාවය ද "වැරදි පරපුර" ට මෙමගින් අවධාරනය කරමි.




පීකේ අටවන උගුලේ භයානකම කොටස නම් අප පන්තියේ පන්ති ස්වාධීනතාවය දියාරු කොට ධනපති ආර්ථිකය හා එම පන්තිය අපේ ආර්ථික අවශ්‍යතාවයන් හා ධනපති පන්තිය සමඟ පෑහීමය. එමගින් දේශපාලන උතුරු දකුන පැටලවූ තාරුන්‍යයක දේශපාලන මාලිමාව අහිමි කිරීම ය.  ඔහුගේ රට ගොඩනැගීමේ ඊනියා දක්ශිනානංශික වැඩපිලිවෙල කම්කරු පීඩිත පන්තියට ඔබ්බවන්නේ පවතින ධනපති සමාජයේ මෙම අති මූලික පන්ති විභේදනය තුනී කිරීමට උත්සාහ කිරීමෙනි. කම්කරු, ගොවි, පීඩිත මහජනතාව සියලු වාර්ගික භේදයන් පරයා ධනපති-විරෝධය (anti-capitalism) වෙත ගොනු කොට ස්වාධින කිරිමේ වාම වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට මෙම උගුල්  හරහට හිටී.


ධනපති වැඩපිලිවෙල


කර්නර්ගේ පක්ෂයට වසර කිහිපයක මැතිවරන ඉතිහායයක් පවතී. ධනපති පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ විවිධ උපායන් අතර දැන් පුපුරා එලියට පැමින ඇති  තරුන, කම්කරු ගොවි අරගලවලට සීරුවෙන් පිවිස අධිරාජ්‍යවාදී, වෙලඳපොල ගැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හා ලෝක බැංකුවේ (WB) මහජන විරෝධී, ධනපති වැඩපිලිවෙල සමාජගත කිරීම සඳහා ඔහු දේශපාලන අවස්ථාවාදියෙකු ලෙස කුමන්ත්‍රන කරමින් සිටී.


හරිත පෙරමුනේ (හපෙ) නිල වෙබ් අඩවිය (ngf.lk)  කර්නර්ගේ ධනපති ආර්ථික ස්ථායී වැඩපිලිවෙල සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයන් දක්වා තිබේ. එහි පැහැදිලිවම සඵතකොට ඇත්තේ හපෙ "විවෘත වෙලඳපොල ආර්ථිකය" ආරක්ෂා කරන බවයි. විවෘත වෙලඳපොල ආර්ථික ක්‍රමය යනු ලොවපුරා සෑම ජාතික රාජ්‍යයක්ම ගෝලීය නිෂ්පාදන ක්‍රමය හරහා එකට බැඳ ඇති දියුනු ධනපති රාජ්‍යයන්ගේ සිට ධනපති සංවර්ධනයේ පසුගාමීරටවල් දක්වා සෑම රටකම ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයයි. ධනපති පාලක පන්තියේ දූෂිත පාලන නියෝජිතයන් කවරක් උවද, වසර 74ක් මත්, විශේෂයෙන් 1978 සිටත් ලංකාවේ ආර්ථිකය පැවතුනු  ක්‍රමය එයයි. මේ පිලිබඳ වැඩිදුර සඳහන් කිරීම මෙම ලිපිය ප්‍රමානවත් නොවුනත්, මේ ආර්ථික ක්‍රමය තුල මිලියන ගනනින් කම්කරු පීඩිත මහජනතාවට උරුමකරදී ඇති අන්ත දරිද්‍රතාවය, කාලකන්නිකම, සංස්කෘතික පසුබෑම, අසමානතාවය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය ලංකාවට පමනක් නොව පසුගාමී ධනපති රාජ්‍යයන් සියල්ලටමත් 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසු දියුනු ධනපති රටවලටත් පොදු ගෝලීය සංසිද්ධියකි. 


මේ යථාර්ථය වසන් කරමින් පීකේ ඇතුලු හපෙ කන්ඩායම තම වෙබ් අඩවියේ පොරොන්දු දෙන්නේ තවත් වසර 30කින් දියුනු ධනපති ලංකාවක් ගොඩ නැගීමටයි. මෙය මුලා කිරීමකි. ලියොන් ට්‍රොට්ස්කි "නොනවතින විප්ලවය" තුල නිවැරදිව සූත්‍රගත කලේ ධනපති සංවර්ධනයේ පසුගාමී රටවල ධනපති පාලක පන්තියට කම්කරු පන්තියේ මූලික සමාජ අවශ්‍යතාවයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවරු කල නොහැකි බව යි. මූල්‍ය කථිපයාධිපත්‍යයේ ගෝලීය ආර්ථිකයක් තුල මෙම කරුන ශතවර්ෂයක ලෝක ඉතිහාසය පුරාම සත්‍යේක්ෂනය වී ඇත්තේ පීඩිත මහජනතාවට දැවැන්ත දරිද්‍රතාවය, කාලකන්නිකම, භීෂනය හා ලේවැකි සිවිල් යුද්ධ උරුම කර දෙමිනි. එබැවින් වසර 30කින් සමෘධිය පිලිබඳ ප්‍රලාපය ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියෙන්, තරුනයන්ගෙන් බරපතල කැපකිරීම් ඉල්ලාසිටීමක් හා ඒ වෙනුවෙන් කම්කරු මහජනතාව ශතවර්ෂයක පමන කාලයක් පුරා පන්ති අරගල හරහා ජයග්‍රහනය කල සීමිත කම්කරු අයිතීන් ඇතුලු සමාජ සහන, සුභසාධන හොදින් හෝ නරකින් ආපසු හැරවීමට කැඳවුම් කිරීමකි.


හපෙ වෙලඳාම සඳහා "සියලු බාධක" ඉවත් කිරීම ("alleviate all barriers for trade"), එනම් "වෙලඳපොල ගලවාගැනීම (liberate markets)" සඳහා සහ "කර්මාන්ත හා වෙලඳපොල හිතකාමීත්වය (industry and market friendly)" වෙනුවෙන් සිටගන්නා බව එහි වෙබ් අඩවිය දක්වයි. මහා සංගත, මූල්‍ය සමාගම් හා බැංකු වල ලාභ වශයෙන් අතිරික්ත ශ්‍රමය මංකොලලකෑම සඳහා නවලිබරල් විවෘත වෙලඳපොල ආර්ථිකයට අවශ්‍ය සියලු දොලපෙදේනි කම්කරු පන්තියේ කරමතින් ලබා දෙන බව මෙහි අර්ථයයි. සමාජ මාධ්‍ය වීඩියෝවක පීකේ මෙයම නැවත කියා සිටින්නේ  වෙලඳපොල කෙරෙහි  රාජය අවම මැදැහත්වීමක් කලයුතු බවයි. මෙය කීන්සියානු සුභසාධක රාජ්‍ය සංකල්පයට එරෙහිව  ෆෙඩ්‍රික් හයෙක් ඇතුලු නව-සම්භාව්‍ය අර්ථශාත්‍රඥවරුන් 1930 දශකයේ ඉදිරිපත් කර '70 දශකයේ ඉස්මත්තටගනු ලැබුනු   නිර්බාධී විවෘත ආර්ථිකයට පහසුකම් හා ආරක්ෂාව සපයන නවලිබරල් රාජ්‍යයක් පිලිබඳ සංකල්පයයි. ලංකාවේ මෙන්ම ලොව පුරා මිලියනගනනින් මහජනතාව කොවිඩ් වසංගතයට ගොදුරුකරමින් ඝාතනය කරනු ලැබුවේද, ලොවපුරා බිලියන ගනනින් ජනතාව අති දැවැන්ත ආර්ථික අසමානතාවයකින්  පෙලනු ලැබ ඇත්තේද, ලොවපුරා උධිරාජ්‍යවාදි ඝාතක යුද්ධ හා ලෝක යුද්ධ දෙකක් හරහා පසුගිය ශතවර්ෂයේමත්, දැන් තෙවන ලෝක යුද්ධයකට සූදානම් වෙමින් මෙම ශතවර්ශයේදීත් ලොවපුරා ධනපති ආන්ඩු මෙම ආර්ථික ප්‍රතිපත්ති හරහා සිදුකලේ පරපුටු  මූල්‍ය වෙලඳපොල අධිකාරිය දරන වෙලඳපොල ආර්ථිකය මෙසේ ආරක්ෂා කිරීමයි. පීකේගේ කම්කරු පන්තික විරෝධී වැඩපිලිවෙල පිලිබඳව මෙයට වඩා පැහැදිලිකිරීමක් අවශ්‍ය ද?


මෙම ධනපති ආර්ථික වැඩපිලිවෙල ඉදිරියට ගනිමින් ධනපති ආන්ඩු යටතේ "පාඩු ලබන (poor performing)" රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, වානිජකරනය හෝ වසාදැමීම හා යම් යම් සේවා හා නිෂ්පාධන ක්ශේෂ්ත්‍රවල  රාජ්‍ය අධිකාරය අවසන් කිරීම පීකේ පෙනීසිටින වැඩපිලිවෙලේ ප්‍රකාශිත අංගයන් ය. "කාර්යක්ෂම රාජ්‍ය පරිපාලන ක්‍රමයක්" වෙනුවෙන් "අතිරික්ත" රාජ්‍ය සේවකයන් දොට්ට දැමීම කල යුතු බවට ඔහු නිවේදනය කර ඇත.


"අර්බුදයට පිලියම"


මේ කරුනු යටතේ, වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරමින් හපෙ නායක ලෙස පීකේ අප්‍රේල් 20 දින තම ෆේස්බුක් ගිනුමේ පලකල වැඩපිලිවෙල ("අර්බුදයට පිලියම") ගැන කෙටියෙන් සඳහන් කිරීම ප්‍රමානවත්ය. පීකේ පුන පුනා කියා සිටින්නේ වංචා හා දූෂනයන්ගෙන් පිරි රාජපක්ෂ ගෙදර යා යුත්තේ රටේ ධනපති ව්‍යාපාරිකයන්ගේ, විදෙස් ආයෝජකයන්ගේ,  විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්වාසය පලුදු කර ඇති නිසා රටට ඩොලර් ගලා යාම වැලකී ඇති  බැවිනි. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, වර්ගවාදී වැඩකටයුතු ප්‍රතිකෂේප කිරීමක් එහි නැත. ඇත්තවශයෙන්ම නම්, 2019 නොවැම්බර් ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය හා ධනපති ව්‍යාපාරික කොටස් රාජපක්ෂ පත්කරගැනීමට හේතු වූ ආර්ථිකය ගොඩනගා ස්ථායී කිරීමේ වැඩකටයුත්ත සාක්ෂාත් කිරීම සඳහා ආඥාදායකත්වය, මර්දනය දිගේලිකිරීම පීකේ හා හපෙ ඉදිරිපත් කරන වැඩපිලිවෙල යථාර්ථයක් කිරීමේ ද අත්‍යවශ්‍ය කොන්දේසියයි.


"⁣දූෂනයෙකන් තොර", හොඳින් හෝ නරකින් IMF, WB ඇතුලු ඇප දෙන ආයතන ඉදිරිපත් කරන කොන්දේසි ඉටු කරන ඒම ආයතනවල විශ්වාසය දිනාගත් ආන්ඩුවක් පත්කරගත යුත්තේ ඒ නිසයි.  පීකේ තම වීඩියෝ පනිවඩ හරහා  පවසන්නේ මෙම නයදෙන ආයතන ඉදිරිපත් කරන අයවැය පරතරය පියවීම, ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම, ආන්ඩුවේ සුභසාධන වියදම් හා නිදහස් සේවාවන් කප්පාදුව, පුද්ගලීකරනය,  ආයෝජන සහන දීම හා (වක්‍ර) බදු ඉහල දැමීම් යන කොන්දේසි පිලිගෙන අදාල "ප්‍රතිසංස්කරන" සිදුකල යුතු බවයි. රාජ්‍යය කුඩා කිරීම, රුපියල පා කිරීම, ඉන්දන හා විදුලිය සඳහා මිල සූත්‍ර හදුන්වාදීමද  මීට ඇතුලත් වේ.  "අර්බුදයට පිලියම" එය යි. මෙය ප්‍රති-විප්ලවයේ න්‍යායපත්‍රයයි! පීකේ තම ව්‍යාජ ජනතාවාදී (populist) රැඟීම් හරහා කම්කරු තරුන මහජනතාවට මේ ගිල්ලවමින් සිටින්නේ ස්වයංඝාතක විෂ කෂායකි.


ජාත්‍යන්තර මූල්‍ය කථිපයාධිපත්‍යයේ ආරක්ෂකයන් වන IMF හෝ WB පිහිට පැතීම මගින්  කම්කරු, ගොවි, තරුන පීඩිත පොදු මහජනතාවගේ ජීවන කොන්දේසි වර්ධනය වී අසමානතාවය සැලකිය යුතු තරමකට හෝ සමනය වූ රටක් ලෝකයේ කොතැනකින් හෝ පෙන්වමින් සාක්ෂි සහිත තම "පිලියම" සනාථ කිරීමේ භාරය පීකේට පැවරේ. දශක ගනනවක් පල්ල ගිය මෙම පුස් විසඳුම්වල කිසිදු නව න්‍යයයක් හෝ ගැඹුරක් නැති බව ගෝලීය නවලිබරල් වෙලඳපොල ආර්ථිකය සම්බන්ධ ප්‍රමානවත් දැනුමක් ඇත්තවුන්ගේ සාමාන්‍ය දැනුමකි.


නව ලිබරල් විවෘත වෙලඳපොල ආර්ථිකයේ ජාත්‍යන්තර සාර්වආර්ථික ස්ථායීතාවය සුරක්ෂිත කිරීම සඳහා ආරක්ෂකයින් වෙමින් සහ ඒ සඳහා පිහිටුවා ඇති ආයතන වෙමින්  - කම්කරු පන්ති අරගල හරහා පුද්ගලික දේපල හා ජාතික රාජ්‍ය ක්‍රමයේ ලාභ පද්ධතියට තර්ජනයක් වන පැවැත්මේ අර්බුදයක් (existential crisis) මතු නොවීම තහවරු වන පරිදි - මෙම අධිරාජ්‍යවාදී ආයතන (මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයේ ආයතන) ලොව පුරා අසාර්ථක ධනේශ්වර පාලක පන්තීන්ට උදව් කරන්නේ, "අර්බුදයට පිලියම" තුල කියන පරිදි කම්කරු පන්තියේ සහ පීඩිතයන්ගේ ජීවිත නඟාසිටුවීම පිලිබඳ කිසිදු සැලකිල්ලක් නිසා නොව, ධනේශ්වර නිශ්පාදනයේ හා බෙදාහැරීමේ පද්ධතිය රැකගනිමින් එහි ලාභ හා පාලක පන්තියේ  අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා පමනි.


"අර්බුදයට පිලියම" පදනම් වන්නේ රටේ නය ගෙවීම සඳහා කම්කරු පීඩිත පන්තියේ කරමතින් උපක්‍රම සෙවීමටයි. නය නොගෙවා සිටීමට එයට කැඳවීම කල නොහැකිය. ලංකාවේ දැවැන්ත ආර්ථික අසමානතාවයට තුඩුදී ඇති ධම්මික පෙරේරාගේ සිට සුපිරි ධනපතියන්ගේ හා බැංකු වල ගොඩගසා ඇති අපෙන් සූරාකන ලද ධනස්කන්දය මත සියයට සියයක් බදු ගැසීම හා ඒවා රාජසන්තක කිරීම හා ජනසතු කිරීමේ වැඩපිලිවෙලක් එම "පිලියම" ට නැත. 


"සිස්ටම් චේන්ජ්"


"අර්බුදයට පිලියම" ඉදිරිපත් කරන "system change"යන්න අතිශය ව්‍යාජයකි. මේ ආකාරයෙන්ම පීකේ "අරගලය", හා "විප්ලවය" යන වචන නිර්ලජ්ජිත ලෙස විකෘති කරයි. පවතින ධනපති ක්‍රමය වඩා සුපිරිසිදු කර දූෂන චංචාවෙන් තොර අපාලිත වෙලඳපොලට, තරඟයට හා එහි අසීමිත නිදහස පිහිටුවන ආර්ථික ක්‍රමයක් හා පරිපාලන හා කලමනාකරන ව්‍යුහයක් කම්කරු මහජනතාවගේ ජීවිතයත් මරනයත් අතර ජීවන අරගලයට පිලියමක් වන්නේ කොසේ ද? එවන් ක්‍රමයක් සඳහා අනිවාර්ය අවශ්‍යතාවය ආසියානු ටයිගර් ආර්ථික හෝ චීනය මෙන් කම්කරු නීති පාගා දමමින් ආඥාදායකත්වයන් පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අතුගා දැමීම නොවේද? මේ කැඳවා සිටින "ක්‍රම වෙනස" හෙවත් "රටේ පාලන ක්‍රමය වෙනස් කර ගැනීම", "පවතින දේශපාලන ක්‍රමය අවසන් කිරීම" නම් ආඥාදායකත්වයන් මගින් සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම යි. යෝජනා කරන නව ව්‍යවස්ථාව තුල පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා නොකිරීම⁣ට තරම්  "අර්බුදයට පිලියම" සූක්ෂමව අඹරා ඇත්තේ එබැවිනි.


ආර්ථික අර්බුදයට හේතු


IMF හා WB  කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටි පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පැවති පලල් මහජන වික්ෂෝපය හා පාස්කු ප්‍රහාරය හරහා මුස්ලිම්වරුන්ට එරෙහි වර්ගවාදය හා රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ භීතිය ගසා කමින් බලයට පැමිනි රාජපක්ෂ ආර්ථිකය කෙලින් කිරීම සඳහා මහා ව්‍යාපාරිකයන්ට හා සංගතවලට දැවැන්ත බදු සහන දෙමින් වැඩ පටන් ගත්තේය. නැවත වරක් වහා ජාත්‍යන්තර මූල්‍යඅරමුදල සරන යෑම ඇතුලු තම ආර්ථික විශේෂඥයන්ගේ මහජන විරෝධී නිර්දේශ එක්වරම ක්‍රියාත්මක කිරීම පසුපසට දැමීමට රාජපක්ෂව දේශපාලනිකව තල්ලු කෙරුනේ තම ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල ඇතුලු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැග ආ කම්කරු-ගොවි-ශිෂ්‍ය අරගල මාලාවක් මගිනි. 


කොවිඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය විවෘතව තබා ගත්තේ අපනයන ප්‍රවර්ධන කලාපවල තරුන කම්කරුවන් ඒවායේ සිර කර වසංගතයේ තුරුලට දක්කමින් ධනපති නිෂ්පාදකයන්ට  ලාභ ගැරීමට අවශ්‍ය සියලු රැකවරනයන් සපයමිනි. වසංගතය මධ්‍යයේම බංකෙලොත්වීමේ අවධානමේ පැවති ධනපති සංගත, මහා ව්‍යාපාර ගලවා ගැනීම සඳහා මුදල් පොම්ප කෙරුනේ වසංගතයෙන් බැටකමින් සිටි මහජනතාවට පන්දාහේ කුනු දීමනාවවත් ගෙවාගත නොහැකිවය. වසංගතය හේතුවෙන් විදෙස් කම්කරුවන්ගෙන්, සංචාරක කර්මාන්තයෙන් හා අපනයන වෙලඳපොල අවස්ථා අහිමිවීම ආදියෙන් විදෙස් සංචිත බරපතල ලෙස  නොලැබීම නිසා සංචිත සිඳීමේ අර්බුදයට යෑමත් සමග රටතුලට වාහන ආනයනයෙන් පටන්ගෙන අත්‍යවශ්‍ය භාන්ඩ පවා ආනනයන සීමා කරමින් ජාතික  නිෂ්පාදන ආර්ථිකයක්  ගොඩනැගීමේ ව්‍යාජ වැඩපිලිවෙල ක්‍රියාවට දැමූ රාජපක්ෂ රසායනික පොහොර ගෙන්වීම නතර කරමින් දේශීය කෘෂි ආර්ථිකය නට්ටන් කලේය. සහල් පවා නැවත ආනයනය කිරීමට සිදුවිය. නිෂ්පාදනය ඇනහිටි ආර්ථිකයක මූර්ත වටිනාකම් සිඳීයාමත් සමග නිතිපතා බිලියන ගනනින් රුපියල් නෝට්ටු අච්චු ගසන විට උද්දමනය දරාගත නොහැකි මට්ටමට ඉහල ගියේ රුපියලේ සැබෑ අගය ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රව අවපාත වෙමිනි.  


තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයට ද, සුදු අලි සංවර්ධන ව්‍යාපෘතිවලටද, සංගතවලට බදු සහන ලබාදීම හා ඇප තැබීම නිසාද ඒ වනවිටත් දැවැන්ත නය අර්බුදයකට හිරවී සිටි ආන්ඩුව බරපතල ගෙවීම් ශේෂ අර්බුදයකින් (balance of payment crisis) ආර්ථික අර්බුදයේ පතුලටම ගිලී ගියේය. රාජපක්ෂලාගේ දූෂන කොතරම් පැවතියද, කිසිදු ආයතනයක කිසිදු ආර්ථික ගිනුම් වාර්ථාවක ඒවා ගිනුම් ගතව නොපැවතියදීම රටේ ආර්ථික අර්බුදයේ ගිනුම සකස්වී හමාරය. ජාත්‍යන්තර ⁣මූල්‍ය අරමුදලේ කොන්දේසි පිලිගනිම්න් නය ප්‍රතිවෘහගත කිරීම හා අයවැය පරතරය⁣ කුඩාකිරීමට දැවැන්ත කප්පාදු (austerity) පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා රාජපක්ෂ ප්‍රමාද වූයේ යැයි චෝදනා කරන පීකේගේ "අර්බුදයට විසදුම" හා ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් මේ කියා සිටින්නේ කම්කරු මහජනතාවට එරෙහි කප්පාදු වැඩපිලිවෙල වඩාත් කලින් ක්‍රියාවට දැමිය යුතුව තිබූ බවයි. දැන් ප්‍රමාදයකින් පසුව රාජපක්ෂ කරමින් සිටින්නේ කලහැකිව තිබූ එකම දෙයයි: එනම් මහජනයාගේ ගෙල සිරවෙනතෙක් පටි තද කිරිමයි, මහජන දේපල විකිනීමයි.  ඒ සියල්ල කරනුයේ නය ගෙවාගත නොහැකිව බංකොලොත් වීමෙන් පසු එම නය ගෙවීම සඳහා නයබර කම්කරු ගොවි මහජනයා මත පැටවීම සඳහා යි. 


එහෙත් මේ කිසිදු නයක් එම මහජනයාගේ සුභසාදනය සඳහා වැයකරන ලද්දක් නොවේ. ඒ අනුව මෙම විදෙස් නය මහජනතාවගේ නයක් නෙවේ. කම්කරු පීඩිත මහජනතාව එය ගෙවීම සඳහා ලේ මස් දිය කල යුතු නැත.  IMF පිහිට පැතීමේ ධනපති මර උගුල ප්‍රතික්ෂේප කරමින් අපි මෙම නය ගෙවීම ප්‍රතික්ෂේප කලයුතු වන්නේ එබැවිනි.


ආර්ථික අර්බුදයට හේතුවක් ලෙස අධිකලෙස  මුදල් අච්චු ගැසීම හා බදු සහන දීම නම් කරන මුත් මුදල් අච්චු ගැසුවේ කුමක් හිලව් කිරීමටද, බදු සහන දුන්නේ කාටද යන්න සඳහන් කිරීම "අර්බුදයට විසදුම" හිතාමතා මඟ හරී. ඒ සත්‍යය හෙලි වන නිසාය.


උද්ඝෝෂකයන් 



උග්‍ර උද්ධමනය නිසා කම්කරු පීඩිත මහජනතාවට  වියදම් කිරීමට සිදුවන සෑම අමතර රුපියලකම වැඩම කොටස රටේ ඉහලම ධනපති ව්‍යපාර හා මූල්‍ය ආයතනවලටද, විදෙස් ආයෝජකයන්ටද රාජපක්ෂ ආන්ඩුව දොලපෙදේනි දුන් බදු සහන හා ඇප බැඳීම් (bail-out) පියවීමට  මුද්‍රනය කරන ලද මුදල් සඳහා හිලවි වන බව ඒ සත්‍යයයි. මෙය ධනපති ව්‍යාපාර, විවෘත-වෙලඳපොල ආර්ථිකය හා මූල්‍ය වෙලඳපොල රැකීම සඳහා මහ දවල් කරන ලද මංකොල්ලයකි.  2020/21 කාලය තුල රුපියල් බිලියන 1200 ක බදු අහිමිකිරිීමක් සිදුකර තිබේ. එම කාලය තුලම රුපියල් බිලියන 500ක් වූ බදු අදායම වැඩිකොටසක් මහජනතාවගේ එදිනෙදා භාන්ඩ හා සේවාවන්ට ගැසූ වක්‍ර බදුය. රාජ්‍ය වියදම් පියවාගත්තේ මෙම හිඟ මුදල් රුපියල් ට්‍රිලියන එකයි තවත් බිලියන  හත්සියයක් පමන ප්‍රමානයක් මහබැංකුව හරහා මුදල් අච්චු ගැසීමෙනි. 



සමාජවාදී විකල්පයක්


ධනපතිය ජාතික රාජ්‍ය හා පුද්ගලික දේපොල පද්ධතිය ඇතුලත, එයට දරා සිටිය හැකි ප්‍රමානයට ගැලපෙන ලෙස කම්කරු පන්තිය පටි තද කරගත  යුතු නැත. කම්කරු පන්තිය සමාජ හා ආර්ථික අර්බුදයට තමන්ගේ ම පන්ති විසඳුම ඉදිරිපත් කල යුතු ය. වැඩකරන ජනතාවට තවත් ධනේශ්වර ආන්ඩුවකට බලයට ඒමට ඉඩදිය නොහැක. මොනම බලපෑම් දැමීමකින්, කේවල් කිරීමකින් හෝ ධනපති "සිස්ටම් චේනජ්" එකකින් තම ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාර නතර වන්නේ නැත. කම්කරුවන් තින්දු තීරන ගැනීමේ අයිතිය තමන්ගේ අතට ගෙන, නාගරික හා ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කල යුතු ය. ලොවපුරා මෙම වැඩපිලිවෙලට සටන් කරනුයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (#WSWS) හා සමාජවාදී සමානතා පක්ෂ (#SEP) පමනි. එය පහත සටන්පාඨ ඉදිරියට ගනිමින් අපේ පන්තියේ විසඳුම ඉදිරිපත් කර තිබේ: 


*ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! 

*විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! 

*කප්පාදුව හා කුසගින්න එපා! 

*මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

*බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

*ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය කැඳවමින් සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! *ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

*දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! *ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

*ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! 

*ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

*සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!


මගේ ආරාධනය මෙම එකම විකල්ප වැඩපිලිවෙල වෙත හැරෙන ලෙසයි.


සංජය විල්සන් ජයසේකර (නීතීඥ)


Tuesday, March 8, 2022

Sri Lankan government tables sham amendments to draconian anti-terrorism law

 

Early last month, the Sri Lankan Foreign Minister G. L. Peiris tabled an amendment bill in parliament to the notorious Prevention of Terrorism Act (PTA) with debate to begin on March 8. Two petitions filed in the Supreme Court challenging the unconstitutionality of the amendments are yet to be heard.

The amendments, which introduce various cosmetic changes while maintaining its extra-judicial procedures, are a tactical manoeuvre to try and deflect domestic and international criticism of the government’s grave and ongoing abuses of human rights.

The PTA was enacted in 1979 by the United National Party (UNP) government of President J. R. Jayawardene under the pretext of combating “terrorism”—i.e., militant Tamil groups.

Colombo systematically employed it in its anti-Tamil provocations that preceded the nearly 30-year brutal war, which erupted in 1983 against the Liberation Tigers of Tamil Eelam (LTTE). The conflict ended with the military defeat in May 2009 of the separatist organisation and the death of tens of thousands of Tamil civilians. The war was used as a communal weapon to divide the working class along Sinhala, Tamil, Muslim ethnic lines.

Gotabaya Rajapaksa (AP Photo/Eranga Jayawardena)

The hated PTA allows arrests without warrant for supposed “unlawful activities” and the detention of people for up to 18 months in places decided by the defence minister. Police have the power to use confessions by “suspects,” usually extracted under torture, as evidence in prosecutions against them.

It has been used by every successive government over the past 43 years for arbitrary arrests, detentions and torture. The UNP government also used it to suppress widespread rural unrest in 1988–1990 in the island’s south, in which tens of thousands of majority Sinhala youth were brutally murdered.

The Rajapakse government’s main amendments, which do not in any way change the repressive character of the PTA, include:

* Reducing the period of detention from 18 months to 12 months.

* Enabling magistrates to visit the place of detention, allowing detainees access to lawyers and relatives, allowing them to challenge their detention in higher courts, and enabling the appeals court or the high court to grant bail, pending trial. These measures are already legally available but rarely exercised.

* Removal of the clause prohibiting the publication of matters relating to offences under this law, or the incitement of violence or that which may cause violence, religious, racial or communal disharmony or ill-will. There are already other security laws that include these sweeping prohibitions.

Preisdent Gotabaya Rajapakse came to power in November 2019 on the basis of a reactionary “national security first” campaign following the Easter Sunday terrorist bombings of Catholic churches and big hotels by an ISIS-backed Islamic fundamentalist group in April that year. In the wake of the attacks, which killed 270 and injured more than 500 people, racist groups, encouraged by all the main parties, including the SLPP, launched violent attacks on Muslim communities.

In January 2020, the Rajapakse cabinet decided to abandon the Counter Terrorism Act (CTA) that had been drawn up by the previous Sirisena-Wickremesinghe government, and declared that it would continue with the PTA. Like the current amendments the proposed CTA supposedly protected democratic rights, but contained the central police-state provisions of the PTA.

Announcing the Rajapakse government’s decision to abandon the CTA, Cabinet member Bandula Gunawardena declared: “The PTA is back in the statute book, empowering the police and armed forces to face any threat posed to national security from any quarter.”

Along with its anti-Tamil propaganda, the Rajapakse government intensified its anti-Muslim provocations, arresting a series of Muslims on frame up charges under the PTA. These included the detention of human rights lawyer Hejaaz Hizbullah, poet and teacher Ahnaf Jazeem, Azath Sally, a former Western Province governor, and member of parliament Rishad Bathiudeen.

Jazeem, who was arrested on false allegations of advocating Muslim extremism, was detained for one year and then remanded for another seven months. He detailed in the court and to the media, including the World Socialist Web Site, how he was subjected to continuous physical and mental torture, forcing him to make self-incriminating admissions until he was released in December.

In March last year, the Rajapakse announced the Prevention of Terrorism (De-radicalization from holding violent extremist religious ideology) Regulations under the PTA. In the name of “rehabilitation” and “reintegration” of detainees into society, the measure prolonged the pre-trial detention for another two years.

Along with the PTA, Sri Lankan governments have also used the Public Security Ordinance and related emergency regulations, the Essential Public Services Act, International Covenant on Civil and Political Rights Act and Computer Crimes Act, among other legislation, to intimidate journalists, writers and political opponents. Hundreds of Muslims and Tamils have been arrested under the PTA and remain in jail while some so-called LTTE suspects have been imprisoned for years.

At the end of this month, the UN Human Rights Council (UNHRC) is scheduled to review a resolution passed last year on Sri Lanka. The US-backed resolution presented by a UNHRC Core Group, including Britain, Canada, Germany and France, called for an investigation into war crimes and human right violations under the PTA and other laws.

The US and other major powers sponsoring the resolution previously backed Colombo’s communalist war and are guilty of war crimes and the suppression of democratic rights elsewhere in the world.

The real purpose of the UNHRC resolution is to pressure the Sri Lankan government to end its relations with Beijing and unconditionally support Washington’s aggressive military preparations against China.

For its part, the EU has threatened to withdraw economic concessions under the Generalized Scheme of Preferences Plus (GSP+). Last June, an EU parliamentary resolution called for the repeal of the PTA and other laws violating human rights. It also called on the EU Commission to consider temporarily ending Sri Lanka’s GSP facility. This would be a major blow to the cash-strapped Sri Lankan government which is desperately trying to increase export incomes.

The US and EU are the largest export destinations for Sri Lanka. Colombo’s sham amendments to the PTA are a desperate and transparent attempt to deflect this international pressure.

Several civil rights organisations and a number of political parties, including Samagi Jana Balawegaya (SJB), the main parliamentary opposition party, have cynically demanded reform of the PTA or its replacement with a new “anti-terror law.”

The SJB is a breakaway party from the UNP, which originally enacted the PTA. SJB leaders, moreover, were members of previous regimes, including in the previous Sirisena-Wickremesinghe government, that suppressed basic democratic rights.

The pro-US Tamil National Alliance (TNA), the main parliamentary party of the Tamil elite, is currently involved in a public petition campaign for repeal of the PTA.

The campaign is utterly hypocritical. The TNA backed the Sirisena-Wickremasinghe government’s planned Counter Terrorism Act (CTA) and proposed amendments. Its leaders, including R. Sambandan from Tamil United Liberation Front (TULF), boycotted parliament in 1979, allowing passage of the PTA.

The TNA petition campaign has nothing to do with fighting for the democratic rights of Tamil masses but part of the organisation’s support for a US-led UNHRC rights campaign which it hopes will help secure a better deal for the Tamil elites in the north and east of the country.

The Socialist Equality Party (SEP) and its predecessor, the Revolutionary Communist League, have consistently demanded abolition of all repressive laws including the PTA and for the immediate release of all political prisoners. The struggle for basic democratic rights is bound up with the fight against the capitalist system and for a workers’ and peasants’ government based on socialist policies.


Thursday, July 22, 2021

අහ්නාෆ් ජසීම් නිදහස් කරගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ සංවිධානය කරමු!

අහ්නාෆ් ජසීම් නිදහස් කරගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ සංවිධානය කරමු!

හත පලවන්නේ අහනාෆ් ජසීම් කවියා නිදහස් කරගැනීම සදහා කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (ACDAE) ලෝක සමාජවාදී වෙබ් අඩවිය(ලෝසවෙඅ) සමඟ ගෙන යන අරගලයේ කොටසක් ලෙස පසුගිය ජුලි 18 දින Zoom හරහා පවත්වන ලද ඔන්ලයින් රැස්වීමේ දී ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් එහි සභාපති ද, සමාජවාදී සමානතා පක්ෂයේ නායකයෙක් ද, ලෝසවෙඅ ලේඛකයෙක් ද වන සංජය ජයසේකර විසින් පවත්වන ලද ආරම්භක කථාවයි: 

අහ්නාෆ් ජසීම් කවියා වහා නිදහස් කරනු! 


සහෝදරවරුනි, සහෝදරියනි.

 

කවිවර අහනාෆ් ජසීම් නිදහස් කර ගැනීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙල සාකඡ්චා කිරීම සඳහා  කලාවේ හා  ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංවිධානය කල මෙම රැස්වීමට  සහභාගීවන සියලුම සහෝදර සහෝදරියන් මම මේ මොහොතේ සහෝදරාත්මකව පිලිගන්නවා.  ඒ වගේම මෙම රැස්වීමට අපගේ ආරාධනාව මත විශේෂයෙන් සම්බන්ධවන එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් හා, ඇමරිකානු ජනාධිපතිවරුන් තුන්දෙනෙකුම යටතේ තවමත් අධිරාජ්‍යවාදී දඩයමට ලක්ව සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන අනවරත අරගලයේ ප්‍රධාන ලේඛකයෙක් හා නියමුවෙක් වන  තෝමස් සක්‍රිප්ස් සහෝදරයා ද  මම අප ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් සහෝදරාත්මකව පිලිගන්නවා. 





රැස්වීම ආරම්භයේ සිහිපත් කෙරුනු ආකාරයටම, අහ්නාෆ් ජසීම් තරුන කවියා ගොඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින්  ප්‍රජාන්ත්‍ර විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන ඔහුගේ නිදහස අහිමි කර දැනට වසරකුත් මාස දෙකක් ඉක්මව ගොස් තිබෙනවා. 2017 දී ඔහු ලියා පලකල "නවරසම්" කාව්‍ය ග්‍රන්තයේ මුස්ලිම්  අන්තවාදී අදහස් අන්තර්ගත යැයි ද, දෙමල භාෂා හා සාහිත්‍ය ගුරුවරයෙක් වශයෙන් කටයුතු කල 2019 ජුලි මසින් පසු කාලයේදී තම ශිෂ්‍යයන්ට අන්තවාදී මත උගන්වීයැයි ද ඔහුට එරෙහිව බොරු චෝදනා එල්ල කර තිබෙනවා. කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින්ම, පොලීසිය අලුත්ම චෝදනාවක් නගමින් කියා ඇත්තේ කවියා "තව්හීඩ් ජමාත්" යන මුස්ලම් අන්තවාදී සංවිධානයකට සම්බන්ධ බව යි.  අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් විෂකුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව රදවා තැබුනු අතරම, ගිය මුලදී  හොර රහසේම ඔහුව අධිකරනයට ඉදරිපත් කර රිමාන්ඩ්  බන්ධනාගාර ගත කර තිබෙනවා. 


කවියාට එරෙහිව ඇති සාක්ෂි පිලිබඳ වාර්ථාවක් නිකුත් කරන ලෙස ත්‍රස්ත මර්ධන හා විමර්ෂන ඒකකය (ටීඅයිඩී)ට නියෝග කරන්න යැයි කවියා වෙනුවෙන් කරන ලද ඉල්ලීම අධිකරනය පසුගියදා ප්‍රතක්ෂේප කිරීමත් සමඟ තමන්ට එරෙහිව ඇති සාක්ෂි කුමක්ද යන්න දැනගැනීමේ  අයිතියත් ඔහුට අහිමි කරල තිබෙනවා. තමන්ට එරෙහි සාක්ෂි මොනවාද යන්න දැනගැනීම ඔනෑම සැකකරුවෙකුට තියෙන ප්‍රධාන අයිතියක්. කවියාට එරෙහිව තවමත් කිසිදු සාක්ෂියක් පොලීසිය ඉදිරිපත් කර නැහැ. මාස 14 කට පසුත් ඔහුට එරෙහිව කිසිදු අධිකරනයක අධිචෝදනා  ගොනුකර ඇත්තේත් නැහැ. 


කවියා වෙනුවෙන් අධිකරනයේ කරුනු ඉදිරිපත් කිරීම අහුරා ලමින් පොලීසිය කවියා අධිකරනයට ඉදිරිපත් කිරීමට ගන්නා ලද රහසිගත ක්‍රියාපටිපාටිය අනුමත කරමින් මහේස්ත්‍රාත් අධිකරනය පසුගියදා ප්‍රකාශ කලේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවියෙකු අධිකරනයට ඉදිරිපත් කිරීමේ දී ඔහුගේ ඥාතීන්ට හෝ නීතීඥවරුන්ට දැනුම් දීම සඳහා නෛතික ප්‍රතිපාදනයක් නැති බව යි.   කොවිඩ්-19 වසංගතය මත පනවා ඇති සෞඛ්‍ය තහංචි මත බන්ධනාගාරයට ගොස් කවියා හමුවීම පවුලේ අයට පමනක් නොවෙයි ඔහුගේ නීතීඥවරුන්ටත් අහිමි කරල තියෙනවා. ඒ අර්ථයෙන් මාස කිහිපයක් තිස්සේ කවියා දුටු අයෙක් අප අතර නැහැ. 


කවියා අනීතික ලෙස රඳවා තැබුනු කාලය තුල පොලීසියේ චෝදනා පිලිගැනීමේ ප්‍රකාශයක් ඔහුගෙන්  බලහත්කාරයෙන් ලබාගැනීම සඳහා පොලීසිය ඔහුට අමානුෂිකව සලකනු ලැබූ බවත් දීර්ඝ මානසික පීඩනයකට ලක්කල බවත් ඔබ කවුරුත් දන්නා කාරනයක්. 2019 අප්‍රේල් මසදී ISIS සංවිධානය පිටුබලය සහිතව ලංකාවේ ත්‍රස්ත කන්ඩායමක් එල්ල කල   ⁣පාස්කු ප්‍රහාරය ගසාකමින්, පැවති සිරිසේන-වික්‍රමසිංහ  ආන්ඩුවත්, රාජපක්ෂ ආන්ඩුවත් අත්අඩංගුවට ගනු ලැබ රදවා තබා ඇති  අහ්නාෆ් ඇතුලු සියගනනක් සම්බන්ධව බොරු සාක්ෂි ගෙතීම සඳහා පොලීසිය මෙලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ ආකාරයෙන්ම, අන්තවාදී දේශන පැවැත්වීම හරහා මුස්ලිම් අනතවාදයට ආධාර අනුබල දීම යන බොරු චෝදනා පටවම්න්  බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශ හරහා  පොලීසිය මානව හිමිකම් නීතීඥවරයෙක් වන හෙජාස් හිස්බුල්ලා අත් අඩංගවට ගෙන රඳවා තැබුනා. 


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වගේම ඒ ය⁣ටතේ පනවා ඇති ප්‍රජාත්ත්‍ර විරොධී රෙගුලාසි, මහජන ආරක්ෂක පනත හා හදිසි අවස්ථා රෙගුලාසි, දන්ඩ නීති සංග්‍රහය, සිවිල් හා දේශපාලන අයිතිවාදිකම් පිලිබඳ ප්‍රඥප්ති පනත, පරිඝනක අපරාධ පනත, අත්‍යවශ්‍ය සේවා පනත  වැනි මර්දක පනත් ගනනාවක් මේ ආකාරයෙන් තම දේශපාලන විරුද්ධවාදීන්, සමාජමාධ්‍ය ලිපිකරුවන්, ක්‍රියාකාරිකයින්, ලේඛකයින්, මාධ්‍යවේදීන් හා උද්ඝෝෂකයින් දඩුගැසීම සඳහා රාජපක්ෂ ආන්ඩුව දිගින්දිගටම යොදා ගනිමින් පවතිනවා. 26 අවුරුදු වර්ගවාදී යුද්ධය කාලය තුලත් එහි අවසාන අධියරේදීත් මෙම අන පනත් දරුනු ආකාරයෙන් රටේ උතුරේ  දෙමල තරුන තරුනයන්ට එරෙහිව වගේම දකුනේ සමාජ ක්‍රියාකාරිකයන්ටත්, කම්කරුවන්ට හා ශිෂ්‍ය⁣යන්ටත් එරෙහිව යොදා ගැනුනු බව අපි දන්නවා.  


සමාජවාදී සමානතා පක්ෂයේ මඟපෙන්වීම යටතේ දියත් කල අහනාෆ් ජසීමි නිදහස් කරගැනීමේ අරගලයේදී අප ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 16 නිකුත් කල ප්‍රකා⁣ශයෙන් අපි මෙසේ පැහැදිලි කලා:


"අන්තනෝමතික හා නීතිවිරෝධී ලෙස අහ්නාෆ් අත්අඩංගුවට ගැනීම වූ කලී කවියාගේ ප්‍රකාශනයේ හා කලාවේ නිදහස දරුනු ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය රටේ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල කෙරුනු සැලකිය යුතු ප්‍රහාරවලින් නවතම එකක් වෙයි. මෙම කවියා වූ කලී, මුස්ලිම් ජන සමාජය බිය ගැන්වීමේ හා කම්කරු පන්තිය වාර්ගික රේඛා අනුව බෙදීමේ අරමුනින් සැලසුම් කෙරුනු රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් මුස්ලිම් විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය යටතේ, මෙලෙස අත්අඩංගුවට ගත් හා රඳවා තැබීමට ලක් වූ සිය ගනනක් අතරින් එක් අයෙකු වෙයි."


වාර්ගික බේදබින්න කිරීම් වැපිරීම හරහා එක්සත් කම්කරු පන්තික අරගල පීලි පැන්නවීම, අඩපන කිරීම සඳහා සිංහල බෞද්ධ වර්ගවාදී නඩවල හා ධනපති මාධ්‍ය වලද සහාය ඇතිව,  ඊනියා නිදහසින් පසු ලංකාවේ සිංහල ස්වොත්තමවාදී ආන්ඩු දෙමල හා මුස්ලම් මහජනතාවට එරෙහිව දිගින් දිගටම ගෙන ගිය විෂකුරු දේශපාලන වැඩපිලිවෙල පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් මහජනතාවට එරෙහිව යොදා ගැනු ලැබුනා. දැවැන්ත විදෙස් නය කන්දරාවක් ගෙවමින් හා අය වැය පරතරය අඩුකිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් ක්‍රියාවට දමමින්, සමාජ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටි  සිරිසේන-වික්‍රමසිංහ  ආන්ඩුව එය ගිලී තිබූ  ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ එම  පාලනයට එරෙහිව නැගී එමින් පැවති කම්කරු අරගල මාලාවක් යටපත් කිරීම සඳහා "ජාතික ආරක්ෂා⁣වෙ" කඩතුරාව  යටතේ පාස්කු ප්‍රහරය යහමින් ගසා කෑමට  කටයුතු කලා. සමස්ථ මුස්ලිම් මහජනයාට හා සංස්කෘතියට එරෙහි මෙම ප්‍රහාරය නව වටයකින් ඉදිරියට ගෙනාවේ මෙන්න මේ සංධර්භය යටතේයි.


අහනාෆ් මෙන්ම හිස්බුල්ලාද, සියගනනක් එවැනි සිරකරුවන් ද ධනපති ප්‍රහාරය හා පන්ති පාලනය පිලිබඳ එම පුලුල් අර්ථයෙන් දේශපාලන සිරකරුවන්.   


මුස්ලිම් මහජනතාවට එරෙහි මෙම වාර්ගික ප්‍රහාරයන් දිගේලි කරන අතරම, දෙමල ජනතාවට එරෙහි උතුරේ ලේවැකි වාර්ගික යුද්ධයෙන් වසර දොලහකට පසුත් එල්ටීටීය නැවත උත්ඨානය වේයැයි යන බේගලය ඇදබාමින් ජාතික ආරක්ෂාවේ ව්‍යාජ කඩතුරාව හරහා දෙමල ජනතාවට එරෙහි වාර්ගික අඩංතේට්ටම් කිරීම් තවදුරටත් තීව්‍ර කර තිබෙනවා. යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් කෙරුනු සටන්කාමීන් මෙන්ම තම ඥාතීන් සිහිපත් කිරීමේ උත්සව අවස්ථාවන් අධිකරන නියෝග හරහා තහනම් කරමින් ඒවා සංවිධානය කල පිරිස් බුරුතු පිටින් අත්අඩංගුවට ගනු ලැබුනා. ආන්ඩුව, වාලච්චේන පොලීසිය හරහා, මඩකලපුවේ දමිල මාධ්‍යවේදී කෝකිලින් දාසන් අත්අඩංගුවට ගෙන මාස හතකට වඩා මේ වන විට අත්අඩංගුවේ රඳවා  තබාගෙන සිටින්නේ, ත්‍රස්තවාදය වැලැකවීමේ පනත යටතේම එන දරඳඩු රෙගුලාසි හරහායි. ඔහුට එරෙහි චෝදනා වන්නේ තමාගේ ෆේස්බුක් ගිනුමේ පලකල ජායාරූප හා සටහන් හරහා එල්ටීටීය ප්‍රවර්ධනය කිරීමයි. මේ චෝදනා සියල්ල අමූලික මුසාවන් ය. කෝකිලන් පලකර තිබුනේ දෙමල වැසියන් තම මියගිය ඥාතීන් අනුස්මරනය කිරීමේ ජායාරූප හා අනවරත වාර්ගික පීඩනය තුල පොදුවේ දෙමල මහජනයා තුල කැකෑරෙන අදහස්.  


රාජපක්ෂ මුහුනදී ඇත්තේ විදෙස් සංචිත සිඳ යාමෙන්, අපනයන අඩපන වීමෙන්, ආනයන සීමා කිරීමෙන් හා සංචාරක කර්මාන්තය බිඳවැටීමෙන් ආදී, වසංගතය මගින් නිර්මානය කෙරුනු නව තත්වයන් යටතේ උග්‍ර කෙරී ඇති, දරුනු ආර්ථික අර්බුදයක කොන්දේසි වලට යි. අයවැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් 11%-14%දක්වා පහතට වැටී ඇති බවට වාර්ථා වෙනවා. බලූම්බර්ග් වාර්ථාවක් පසුගියදා නිවෙිදනය කලේ  විදෙස් නය ගෙවීමට නොහැකිවීමේ බංකොලොත්කමට ඇද වැටීමේ අවදානමේ ඉහලින්ම සිටින ආසියානු-පැසිෆික් කලාපයේ රට  ශ්‍රී ලංකාව වන බව යි. මේ තත්ත්වය තුල ජනතාව මත මුදාහැරෙන දරුනු පටි තද කරගැනීමේ  පිලිවෙත්  ඉන්දන සපයා ඇත්තේ වඩ වඩාත් ගිනියම් වෙමින් ඇවිලී යන පන්ති අරගල මාලාවකට යි.  


මෙම තීව්‍ර වන කම්කරු ගොවි අරගල තලා දැමීම සඳහා ආරම්භයේ පටන්ම මිලටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් රාජපක්ෂ නිර්මානය කරමින් සිටියා.  මිලිටරිය උත්කර්ශයට නංවමින් හා ජාතික ආරක්ෂාව යන්න යොදා ගනිමින් රජයේ ඉහලම පුටුවලට විශ්‍රාමික හෝ නිලලත් මිලිටරි නායකයන් පත්කර ගනිමින් තමන්ට හිත පක්ෂපාත නඩයක් අතට බලය කේන්ද්‍රකරගැනීමට ඔහු කටයුතු කලා. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවමත් වෙනස් කරගනිමින් පුලුල් බලතල තමන් වෙත කේන්ද්‍ර   කර ගත්තා. එක් අතකින් මහා ව්‍යාපාරවල් ආරක්ෂා කිරීම සඳහා වසංගතය මධ්‍යයේමත් මුදල් පොම්ප  කරමින් ධනපති ආර්ථිකය විවෘතව තබා ගැනීම සඳහා කටයුතු කරන අතර, එන්නත් කිරිමේ වහංතරාව යටතේ වසංගතයේ අන්තරාය හා මරන මධ්‍යයේම කම්කරුවන් නැවත වැඩට දක්කමින් තිබෙනවා. පාසැල් විවෘත කිරිම සඳහා දැන් ආන්ඩුව කඩිනමින් සූදානම් වෙමින් සිටින්නේ ඒ සඳහායි.


ශ්‍රම සූරාකෑමේ කොන්දේසි පුලුල් කරන අතරම වරාය හා අධ්‍යාපනය වැනි මහජන සම්පත් පුද්ගලීකරනය කිරීම සදහා ආන්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ දැවැන්ත කම්කරු පන්තක හා ශිෂ්‍ය අරගල මලාවක් මධ්‍යයේ ය.  රැකියා හා වැටුප් කප්පාදු ඇතුලු රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව  සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, විදුලිබල හා ජල සම්පාදන කම්කරුවන්ගේ හා ගුරුවරුන්ගේ මෙන්ම වතු හා පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් නව මට්ටමකින් මතුවෙමින් තිබෙනවා. ගොවීන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරෝධතා ද නිතිපතා වැඩෙමින් තිබෙනවා.


මේ කම්කරු අරගල මැඩ යටපත් කරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනය දිගේලි කිරීමට අවශ්‍ය උසස්ම තාක්ෂනයෙන් පුහුනුකල සන්නද්ධ  හමුදාවන් සූදානම් කිරීම සදහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත ආන්ඩුව ඉදිරියට ගෙනවිත් තිබෙනවා. නිදහස් අධ්‍යාපනයට වැය කපාහරින ගමන් මෙම ආයතන හරහා අධ්‍යපනය මුදලට විකිනීමට ද ආන්ඩුව පියවර ගනිමින්  සිටිනවා.


වසංගතය මගින් උත්සන්න කෙරුනු අර්බුද මධ්‍යයේ මේ මහජන විරෝධී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වඩාත් කෲර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම එයට විරුද්ධව පැන නගින කම්කරු පන්තික අරගල හා එයට ප්‍රකාශනය හා තොරතුරු හා දැනුම සම්පාදනය කරන විකල්ප මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතුලු ප්‍රකාශන මාධ්‍යයන් අවහිර කිරීම හා සාපරාධනීකරනය කිරීමකින් තොරව සිදු කල නොහැකි බව ලොව අන් හැම රටකම ධනපති ආන්ඩු වගේම රාජපක්ෂ  ආන්ඩුවත් හොදින් දන්නවා. පසුගිය මාස කිහිපය තුලදීම සමාජ මාධ්‍ය තුලින් ආන්ඩුව විවේචනය කල තරුනයන්, පරිසරවේදීන්, වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් ඇතුලු ක්‍රියාකාරිකයන්  පොලිස් අත්අඩංගුවට ගෙන වසංගත පාලන නීති යටතේ නඩු පවරනු ලැබුවා. වසංගතය පාලනය සඳහා ආන්ඩුව දක්වන මාරාන්තික නොසැලකිල්ල පිලිබදව  සෞඛ්‍ය සේවයේ කම්කරුවන් සිදුකරන විවේචනය කිරීම් හා තෙරතුරු බෙදා ගැනීම් වාරනය කිරීම සඳහා, රජයේ සේවකයන්ට දාල වන ආයතන සංග්‍රහයේ වගන්ති යොදාගැනීමට තර්ජනය කර තිබෙනවා. ජුනි මස මුලදී පොලීසිය නිවේදනය කලේ "අසත්‍ය තොරතුරු" සමාජ මාධ්‍ය තුල පලකරන්නන් මර්දක පනත් ගනනාවක් යටතේ අධිකරන නියෝගයකින් තොරවම අත්අඩංගුවට ගන්නා බව යි.  වරාය කම්කරුවන්ට හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිවත් එවැනි තහනම් පනවා තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය පීරා ආන්ඩු විරෝධී විකල්ප මත පලකරන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් හා මිලිටරි ඒකක පිහිටුවා තිබෙනවා. ගම්මාන මට්ටමෙන් මහජනතාවට එරෙහිව ඔත්තු බැලීම සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමති සරත් වීරසේකර ආරක්ෂක කමිටු පිහිටුවා තිබෙනවා.


2008 ආර්ථික අර්බුදය යටතේ නට්ටං වුනු ඒක්සත් ජලපද⁣ය ප්‍රමුඛ ලෝකයේ ප්‍රධාන ධනපති ආර්ථිකයන්ගේ සිට අර්ථික සංවර්ධනයේ පසුගාමී රටවල් දක්වා හැම රටක්ම, එයින් වසර ⁣12 කට පසු, වලක්වාගත හැකිව තිබූ වසංගතයේ ඛේදවාචකයෙන් පෙර නෙවූ විරූ ලෙස උග්‍ර කෙරුනු ආර්ථික හා දේශපාල අර්බුදවල කරවටක් ගිලී ගොස් තිබෙනවා. සමාජමාධ්‍ය වාරනය ඇතුලු ප්‍රජාතන්තවාදී අයිතීන් මැඩීම, පොලිස්-මිලිටරි රාජ්‍යයන් හා ආඥාදායකත්වයන් කරා ගමන් කිරීම, වාර්ගික බේදකිරීම් ඇවිලවීම හා අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සහ යුද්ධය යන මේවා ධනපති ආර්ථිකයේ හැම මහාද්වීපයකටම පොදු ජාත්‍යන්තර ප්‍රපංචයන් බවට පත්ව තිබෙනවා. හැම රටකම පාහේ කම්කරු පන්තිය දස දහස් ගනනින් දෛනික ව අරගල මාලාවන්ට පිවිසෙමින් තිබෙන්නේ ලංකාවේ කම්කරු පන්තිය අත්විඳන මෙම ජීවන කොන්දේසි වලම අඩු වැඩි තත්වයන්ට විරුද්ධව.


අහ්නාෆ්, හිස්බුල්ලා, කෝකිලන් වැනි, මෙසේ ධනපති පාලක පන්තියේ දේශපාලන අවශ්‍යතා මත, පොලීසිය, මිලිටරිය, අධිකරනය, බන්ධනාගාර ආදියෙන් සමන්විත සමස්ථ මර්දන යාන්ත්‍රනය ක්‍රියාවට දමමින්, ආන්ඩුව සිරගත කර තිබෙන සියගනනින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමටත්,  මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන්ට විරුද්ධව ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමටත් අවශ්‍ය සත්‍ය වැඩපිලිවෙල කුමක්ද යන්න සොයා බැලීම හා එම වැඩපිලිවෙල සමඟ බද්ධ වීම එම අයිතීන් අගයන හැම කෙනෙකුගේම වගකීමක් වෙනවා. 


එහිදී ඒ හැම දෙනාටම අභිමුඛ වන ප්‍රධානම අභියෝගය බවට පත්වන්නේ තමන් හැරි ගත යුතු දේශපාලන දිශානතිය කවරක් ද යන්න යි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකීම සඳහා යැයි කියමින් මහජනතාවට බොරු වලවල් කපමින් සිටින, විශේෂයෙන් ඊනියා වාම සංවිධානවල දේශපාලන යථාර්ථය තේරුම් කර ගැනීම මෙම දේශපාලන හැරීගැනිමේ පලමු හා වැදගත්ම පියවර යි.  


ප්‍රජාතන්ත්‍ර අයිතීන් සදහා වන මෙම අරගලයේ එකිනෙකට හරියටම ප්‍රතිවිරුද්ධ දශානති දෙකක් හදුනාගත හැකියි. එහි පලමු වැන්න, "දූෂිත" ආන්ඩු පත්කර ගැනීම සම්බන්ධව මහජනතාවට දොස් තබමින්ද, සිංහල වර්ගවාදය තුල කිදාබැස ඇතැයි  මහජනතාවට දෙස් දෙමින් ද, කම්කරු පන්තිය දෙසට හැරීම වෙනුවට පීඩක ධනපති පාලක ආන්ඩුවලට හුදු විරෝධතා පෑම හරහා බලපෑම් දැමීමෙන් හා ඇවිටිලි කිරීමෙන් මෙම මහා පන්ති යුද්ධය නැවතිය හැකියැයි ද, පාලක   ආන්ඩුවල සීග්‍ර දකුනට රූටා යාම නැවතිය හැකියැයිද  ⁣පෙන්වා කම්කරු පන්ති අරගල පීලි පැන්නවීමේ හා ධනපති ක්‍රමයට අත්‍යවශ්‍ය මුක්කුව සැපයීමේ ප්‍රතිගාමී ව්‍යාජ වාම වැඩපිලිවෙල යි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන හා ලේඛක සංවිධාන රොත්තක්ම මේ ගොඩට අයත් ය. 


ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්ථනය වී ඇති ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලනයෙන් ඓන්ද්‍රීයව වෙන්වී නැති  පෙසප, ජවිපෙ සමග ලැග සිටි කාලයේ එහි  පුබුදු ජයගොඩ ප්‍රමුඛ නායකයෝ පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දමිල ජනතාවට එරෙහිව වර්ගවාදී යුද්ධයට සියලු ආකාරයෙන් දරදිය අදිමින්, එහි වර්ගවාදී උද්ඝෝෂනයට ඉන්දන සැපයුවා. වර්තමානයේදීද සිංහල වර්ගවාදී නඩ සමඟ ඔවුන් එක පෙලට සිට ගන්නවා. කම්කරුවන්ගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කප්පාදුව පිලිබඳ මේ සංවිධාන ආන්ඩුවට නිහඬ අනුමැතිය දෙමින් සිටිනවා.


අහනාෆ් හා හිස්බුල්ලා නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංගනය නොකරන ලෙසත් හිස් ආයාචනා කිරීම සඳහා පසුගියදා විශ්ව විද්‍යාල ආචාර්යවරු සියයකට ආසන්න ප්‍රමානයක් ආන්ඩුවට විවෘත ලිපියැක් යැව්වා.  


මෙම ව්‍යාජ ව්‍යාපාරයන්ට විරුද්ධව, අප ක්‍රියාකාරී කමිටුවත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියත්, ජාත්‍යන්තර කමිටුවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වගේම ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාව සඳහා ඉදිරිපත් කරන්නේ, දේශීයවත්, ලොව පුරාත් කම්කරු පන්තියේ අරගලයන්  ඒකාබද්ධ කර සංවිධානය කරන පුලුල් දේශපාලන සටනක්.  ධනපති ප්‍රහාරයේ මූලය වන ධනපති පන්ති පාලන ක්‍රමයම හා එය රඳා සිටින ආර්ථික ක්‍රමයමත් මුලිනුපුටා දමා කම්කරු පන්තිය වෙත දේශපාලන බලය උදුරාගෙන පිහිටුවනු ලබන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රමයක් පිලිබඳ ඉදිරි දර්ශනය යටතේ එම සටන්  සන්නද්ධ කල යුතුව පවතිනවා.   කලාකරුවන්ට,  මාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හෝ  බුද්ධිමතුන්ට,  කලාව, ප්‍රකාශනයේ නිදහස හෝ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාව සඳහා, කම්කරු පන්තිය, තම ජීවන කොන්දේසි කපා දමන ධනපති සමාජ ප්‍රතිවිප්ලවයට, අසමානතාවයට, අධිරාජ්‍යවාදී යුද්ධයට, මිලිටරීකරනයට, පුද්ගලීකරනයට හා ආඥාදායකත්වයට එරෙහිව, ක්‍රියාවට දමනු ලබන සමාජවාදී ජාත්‍යන්තරවාදී සටන සමඟ බද්ධවිම හැර වෙනත් දිශානතියක්, මාවතක් නැත.


අහ්නාෆ්ගේ නිදහස සදහා වන දේශපාලන තීන්දුව ධනපති පාලකයන්ගේ බෝඩ් රූම් තුල ගනු ලැබෙනු ඇත්තේ මහජනතාව විසින් පාලකයන් මත මුදාහරින එවන් දැවැන්ත පීඩනයක් තුල පමනකි. 


මෙම වැඩපිලිවෙලට දේශපාලන නායකත්වය, ඉදිරි දර්ශනය,  හා ප්‍රකාශනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂ සම්පාදනය කරනවා. 

මෙම අරගලය සඳහා, ඇමරිකානු අධරාජ්‍යවාදී ආක්‍රමනික හමුදාවල යුධ අපරාද හෙලිදඑරව් කිරීම නිසා වසර 175 ක සිර දඩුවමක අන්තරායට මුහුන දී සිටින ජුලියන් අසානජ් ආරක්ෂා කිරීම සඳහා ලොවපුරා සමාජවාදී සමානතා පක්ෂ කැඳවනු ලැබූ ගෝලීය ආරක්ෂන කමිටුව ඇතුලු දේශපාලන වැඩසටහන දැවැන්ත තාත්ත්වික ආදර්ශක් සපයයි. අද ඔබ අමතන  සක්‍රිප්ස් සහෝදරයා මේ ලිපිබඳ සඳහන් කරනු ඇති. 


කෙසේ නමුත්, ධනපති ක්‍රමයට හා අධිරාජ්‍යවාදී පද්ධතියට ඓන්ද්‍රියව බද්ධව සිටින කම්කරු පන්තියේ සාම්ප්‍රදායික සංවි්ධාන වන වෘත්තිය සමිති හෝ ව්‍යාජ වාම සංවිධානවලට මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය හෝ සමාජ අයිතීන්  කිසිවක් දිනා දීමේ හැකියාවක් නැහැ. නිශ්පාදනයේ භූගෝලියකරනය තුල ජාතිකවාදී ප්‍රතිසංස්කරනවාදය මත පදනම්වන මෙම වාම කොටස්වල මෙම නොහැකියාව වෛශයික සත්‍යයක්.  කම්කරු පන්තිය මත පදනම්වූ හා එයින් සැදුම් ලත්, තමන් වනුවෙන් තමන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරන ගනු ලැබෙන ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ දැවෙන අවශ්‍යතාවය මතුව ඇත්තේ එබැවිනි. 


ජාත්‍යන්තර කමිටුව ඉදිරියට ගෙන ඇති, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක කොටසක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින, අප කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සටන් කරමින් සිටින්නේ එම දේශපාලන වැඩපිලිවෙල හා ඉදිරි දර්ශනය මතයි. ලංකාවේ  අධ්‍යපන, සෞඛ්‍ය හා වතු කම්කරු ක්ශේෂ්ත්‍රවල  ක්‍රියාකාරී කමිටු සමග අපගේ එම අරගලය අපි ඒකාග්‍ර කර තිබෙනවා. මේ රැස්වීමමත් එම අරගලයේ ප්‍රධාන ඉදිරි පිම්මක්. එම කමිටු නියෝජිතයින් අද මෙම රැස්වීමේ දී ඔබ ඇමතනු ඇති.

මෙම විප්ලවවාදී සැබෑ මහජන වැඩපිලිවෙල සමග අත්වැල් බැදගන්නා ලෙස මම ඔබට ඇරයුම් කරනවා.


ස්තූතියි!


ආශ්‍රිත ලිපි:








  • For a worldwide campaign to prevent Julian Assange’s rendition to the US!

For the formation of a Global Defense Committee to secure his freedom! https://www.wsws.org/en/articles/2019/06/20/pers-j20.html


Wednesday, July 7, 2021

"අසත්‍ය තොරතුරු" වාරන නීති

 "අසත්‍ය තොරතුරු" වාරන නීති සම්බන්ධව X නම් ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් මගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් හා මාගේ පිලිතුරු මෙසේ පල කරමි: 


ප්‍රශ්නය: අසත්‍ය තොරතුරු පලකිරීම, ප්‍රචාරය කිරීම ආකාරයේ වරදක් ලංකාවේ ප්‍රකාශිත නිතියක් වශයෙන් තිබේද යන ප්‍රශ්නය හා ජනතාවගේ භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය පිලිබඳ මාතෘකාව සලකා බැලීම වැදගත්. පොලිස් මූලස්ථානය විසින් මෑතක දී නිකුත් කල නිවේදනයෙන් "අසත්‍ය තොරතුරු" ප්‍රචාරය කිරීම, බෙදා හැරීම මගින් පුද්ගලයන් නීති පනත් ගනනාවක් යටතේ වරදකරුවන් කල හැකි බවට දක්වා තිබෙනවා. නීතීඥ සංගමය ඇතුලු සංවිධාන ගනනාවක් මෙම නිවේදනය ප්‍රශ්නගත කරල තියෙනවා. අසත්‍ය ප්‍රවෘත්ති හෝ වෙනත් ආකාරවලින් මහජනතාවගේ භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය අවහිර කිරීමට ඉඩ තිබෙන නීති පිලිබඳ මේ ආකාරයෙන් ආන්ඩු නිරන්තර අවධාරනය කිරීමක් කරන්නේ ඇයි? 





පිලිතුර: පාලක ආන්ඩුවලට සැමවිටම අවශ්‍ය වන්නේ "සත්‍ය තොරතුරු" වල එකම නිල ප්‍රභවය රජයේ මාධ්‍ය ආයතන බව ජනතාව මූලික උපකල්පනයක් වශයෙන් විශ්වාස කිරීම.  එම නිසා, ආන්ඩුව විසින් නිල වශයෙන් අනුමත කර නිකුත් කරන තොරතුරු හැරෙන්නට ජනතාව වෙනත් ප්‍රභවයන් පිළිබඳව යම් අවිශ්වාසයක් ඇති කර ගැනීම රජයන්ට අවශ්‍ය කරනවා.  ආන්ඩු ඒත්තු ගන්වන්න හදන්නේ  "සත්‍යයේ" අවසාන තීරකයා තමන් බවයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනතාවට තමන්ට ලැබෙන සීමිත තොරතුරු මත ආන්ඩුවේ මතය හෝ එය ඉදිරිපත් කරන ප්‍රවෘත්ති, වාර්ථා, කරුනු ප්‍රශ්න ගත කිරීමට හැකියාව තිබිය යුතු යි. ප්‍රකාශනයේ නිදහස කියන්නෙ ආන්ඩුව පිලිගන්න, එය නිවැරදි යි කියන තොරතුරු මත පදනම්ව අදහස් පල කිරීම නොවෙ යි. තොරතුරු වැරදි විය හැකි උවත් ඒවා මත පදනම්ව 


සාධාරන සැකයන් මතු කිරීම හා විකල්ප අදහස් පල කිරීම තමයි ජනතාව සතු ප්‍රකාශනයේ අයිතියේ මූලික අර්ථය. ආන්ඩුව කැමති දේ කියන්න ප්‍රකාශනයේ අයිතිය කියල එකක් අවශ්‍ය නැහැ. ඔය නීතීඥ සංගමය නිකුත් කරල තියෙන ප්‍රකාශයේ සඳහන් කරන නඩු තීන්දු ඇතුලු ලංකාවෙ අධිකරනයත් වරින් වර දීපු නඩු තීන්දු ගනනාවකින්ම ආන්ඩු හා පාලක පක්ෂ විවේචනය කිරීමේ ජනතා අයිතිය පිලි අරගෙන තියෙනවා. ලඟදි ඉංදියාවෙ ශ්‍රේෂ්ඨාධිකරනයටත් අවසානයේ සිදු වුනා වසංගතය පිලිබඳ තොරතුරු බෙදාගෙන ආන්ඩුව විවේචනය කිරීමේ අයිතිය මහජනයාට තියෙනවා කියල පිලිගන්න. මොකද අධිකරනය හොඳටම දන්නවා  ලිබරල් ප්‍රජාතන්තුවාදී අයිතීන් හැටියට මේවා පිලි නොගත්තොත් සමස්ථ ක්‍රමයම අභියෝගයට ලක්වෙන්න නියමිත බව.


ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලන සංකල්පයෙ තියෙන මූලික දෙයක් තමයි සැමවිටම ජනතාවට පාලක ආන්ඩු ගැන සැකයෙන්  බලන්න තියෙන අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආන්ඩු පවසන හා කරන දේ පිළිබඳව නිතරම විමසිල්ලෙන් සිටින ලෙසත්, සෑම විටම අවිශ්වාසයෙන් අන්ඩු පවසන දේ ප්‍රශ්න කරන ලෙසත්.  ආන්ඩුවක් කෙරෙහි මහජනතාව සැමවිටම අවිශ්වාසයෙන් කටයුතු කිරීම  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ජනතාවට ඇති අහිමි කල නොහැකි අයිතියක්.  සැබවින්ම, ආන්ඩුව විශ්වාස කිරීමේ සමාජ ගිවිසුමක් (social contract) කියල එකක් ඇත්තෙ නැහැ. කොහෙත්ම, ධනපති ආන්ඩු සමඟ කම්කරු මහජනතාවට කිසිම සමාජ ගිවිසුමක් නැහැ. එහෙම ගිවිසුම් තියෙන්නෙ ආන්ඩුව හා පාලක පන්තියෙ සෙසු කොටස් අතර.  බොහෝ විට වැරදියට උපුටා දක්වන සංකල්පයක් වන "මහජන විශ්වාසය (public trust)" මත නොවෙයි, ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රිය සමාජයක් ක්‍රියාත්මක වෙන්නෙ.  ප්‍රජාතන්ත්‍රිය සමාජයක් ක්‍රියාත්මක වෙන්නෙ පාලක ආන්ඩු කෙරෙහි තියෙන "මහජන අවිශ්වාසය( public distrust)" මත. ඒ කියන්නෙ ප්‍රජාතන්තුවාදී අයිතියක් වශයෙන්  මහජනතාවගේ  ප්‍රකාශනයේ නිදහසේ මූලික අර්ථයක් තමයි ආන්ඩුවට එරෙහිව "චෝදනා කිරීමේ අයිතිය (right to allege)".   ඒ චෝදනා වලට පදනම් වන තොරතුරු ආන්ඩුවේ නිල මාධ්‍ය හරහා ලැබෙන්න අවශ්‍ය නැහැ, හැකියාවකුත් නැහැ. මොකද ඒ නිල මාධ්‍ය හා ආන්ඩු හිතවාදී මාධ්‍ය කියන්නෙම ආන්ඩුවේ ප්‍රචාරක මාධ්‍ය නිසා. විකල්ප මාධ්‍ය, සමාජ මාධ්‍ය කරන්නෙ මෙන්න මේ නිල මාධ්‍ය රෙජීමයට එරෙහිව වෙනත් තොරතුරු හා මත ඉදිරිපත් කිරීම. ජනතාවට ආන්ඩු ප්‍රශ්නගත කරන්න පුලුවන් වෙන්නෙ, ආන්ඩුවලට චෝදනා කරන්න පුලුවන්  වෙන්නෙ මෙන්න මේ විකල්ප මාධ්‍ය නිදහස තිබුනොත් විතර යි. හැබැයි නිතරම ආන්ඩුවලට ඒ නිදහස තර්ජනයක්. දරදඬු නීති, අධිකරන නියෝග, මැර ප්‍රහාර, අතුරුදහන් කිරීම් ඉඳල එලිපිට ඝාතනය කිරීම් දක්වා විකල්ප මාධ්‍ය මර්ධනය හා වාරනය එන්නෙ අන්න එතැනින්.  අර්බුද කාල පරිච්ඡේදවල මෙම මර්ධනය, වාරනය උත්සන්න කෙරෙනවා. 


ප්‍රශ්නය: ආන්ඩුවේ මේ නව නිවේදනය නිකුත් කරන්නෙ ඇයි කියලද ඔබ කියන්නෙ?


පිලිතුර: දැන් ආන්ඩුව ⁣මේ පොලිස් නිවේදනය ගේන්නෙ මම මේ කියන ආකාරයේ  දැඩි අර්බුද ගනනාවක ආන්ඩුව හිරවෙලා ඉන්න පසුබිමක. එක පැත්තකින් ආන්ඩුව බරපතල ආර්ථික අර්බුදයක ගිලිල ඉන්නෙ. විදෙස් නය ඩොලර් බිලියන ගනනින් ගෙවන්න තියෙනවා. මේ අර්බුදය කොරෝන වසංගතයෙන් උග්‍ර කෙරිල තියෙනවා. ලෝකෙ හැම ධනපති ආන්ඩුවක් වාගේම ලංකාවෙ රාජපක්ෂ ආන්ඩුවටත්  ඕන වසංගතය මධ්‍යයේ  ආර්ථිකය විවෘතව තබාගෙන, කම්කරු ජනතාවගෙ මරන මතින් ධනපති සංගතවල ලාබ සූරාකෑමේ ක්‍රමය ඉදිරියට ගෙන යන්න. නමුත් ජනතාව හා විද්‍යව කියන්නෙ සම්පූර්න වසා දැමීම් හා ජනතාවට අවශ්‍ය සහනයන් ලබා දීම. මේව කරන්න මේ වගේ රටවල ආන්ඩුවට මුදල් නෑ. ඇමරිකාව වගේ රටවල ගත්තොත් ඒ ආන්ඩු වසංගත පාලනය සඳහා මහජන සුභසාදනයට පිච්චියක් වියදම් කරන කොට දැවැන්ත මූල්‍ය සමාගම්, බැංකු හා සංගත ගලවා ගැනීම සඳහා ඩොලර් බිලියන ගනනින් පොම්ප කරනව. වසංගතය මධ්‍යයේම එකපැත්තකින් අතලොස්සක් බලගතු සංගතවල ලාභ කිහිප ගුනයකින් ඉහල යෑමත් අනිත් පසින් මිලියන ගනනින් රැකියා අහිමි වීම හා සමාජ අසමානතාවය තවතවත් ගැඹුරු වීමත් සිදුවෙනවා.  ලංකාව ගත්තොත් වසංගතය මධ්‍යයේ බඩු මිල ඉහල යාමත් එක්ක ආන්ඩුව අතහැර දමා ඇති එදිනෙදා ආදායම් අහිමිවෙලා අසරන වුනු ගොවි පීඩිත ජනතාව වගේම, අවධානම් සේවයේ නිරත සෞඛ්‍ය සේවයේ ඇතුලු කම්කරු මහජනතාවක් ආන්ඩුවේ වසංගතය පාලනයට නිසි කලට අගුලු ලෑම ඇතුලු නිසි පියවර නොගැනීම, එය ගෙනයන ඇල් මැරුනු ක්‍රියා පටිපාටිය, වසංගතයේ සැබෑ  තොරතුරු වසං කිරීම, අත්‍යවශ්‍ය සෙවා පනත් යටතේ කම්කරු උද්ඝෝෂන, strike තහනම් කිරීම ආදය පිලිබඳ දැඩි ප්‍රකෝපයකින්, අප්‍රසාදයකින් ඉන්නෙ.  ඊයෙ වෙනකොට මට දැනගන්න ලැබුනු කරුනක් තමයි බන්ධනාගාර ඇතුලෙ වසංගතය බරපතල ලෙස ව්‍යාප්තවෙලා තියෙනවාය කියන එක. මගේ සේවාදායකයෙක් මුනගැහෙන්න බන්ධනාගාරයට යන්න ඉල්ලුවම මට දැනුම් දුන්නෙ බන්ධනාගාර ඇතුලෙ දහ දෙනෙක් ගත්තොත් හතක් අ⁣ටක් කොරෝනා ආසාදිත යි කියල. දහස් ගනනින් පරීක්ෂන කරල මේ බෝවීම පාලනය නොකලොත් මේව death camps (මරනයේ කඳවුරු) බවට පත්වෙන්න වැඩිකලක් ගතවෙන්නෙ නෑ. දැන් මේ ත්තවයන් හෝ සිදුවන මරන පිලිබඳ ආන්ඩුව නිවැදි කරුනු වාර්ථා කරන්නෙ නෑ කියල මහජනතාව අත්දැකීමෙන් දන්නවා. මේ සියලු කාරනා නිසා මහජන විරෝධය විශේෂයෙන්  පොදු මහජනයාගෙ  මාධ්‍ය තුල, ඒ කියන්නෙ සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත්කෙරෙනවා. මේ මහජන අප්‍රසාදය උඩුදුවල, ආන්ඩුවට පාලනය කරගන්න බැරි තරමට මහජන අරගල පැන නැගිල ආන්ඩුවේ පාලනයට අභයෝගයක් එල්ලවෙයි කියන එක දන්න නිසා තමයි ආන්ඩුව මේ මාධ්‍ය වාරන නීති විවිධ ව්‍යාජ සටන් පාඨ යටතෙ ගේන්නෙ. ඔය සටන්පාඨ අතරට ප්‍රමුඛම වෙන්නෙ ආන්ඩුක්‍රම වෘවස්ථාවෙත් දාල තියෙන ජාතික ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය වගේම ජාතික ආර්ථිකය වගේ පදනම්. 


මේ අලුත්ම පොලිස් නිවේදනයට කලින් සෞඛ්‍ය සේවයේ නියුතු කම්කරුවො වසංගත පාලන තත්වයන් පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීමට ආයතන සංග්‍රය යටතේ එන නීතියක් උපුටල දැම්ම.  පසුගිය ආන්ඩු කාලෙත් මේ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති වාරනයට නීති ගේන්න හැදුව. සාපරාධී අපරාධ නීතිය ගේන්නත් දැන් සාකච්ඡා කෙරෙනව. දැන් ආන්ඩුවෙ මේ අලුත්ම නිවේදනයෙ අවධාරනය කරන නීති ගත්තම ඒවා "අසත්‍ය තොරතුරු" කියන එකක් ඒ ආකාරයෙන්ම නීතිමය වශයෙන් අනීතික කරන ඒවා නොවෙයි. නමුත් මේ නීති ආන්ඩුවට, පොලීසියට අවශ්‍ය ආකාරයෙන් අර්ථකතනය කරල අත්අඩංගුවට ගැනීම්, දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම් කරල, මහජනතාව භිය ගන්වල, මහජන අදහස් හා තොරතුරු ප්‍රචාරය කිරීමට ඇබ ගහන්න තමයි ⁣ආන්ඩුව මේ කටයුතු කරන්නෙ. මේ හැම වාරන නීතියක්ම ධනපති ආන්ඩුවල මර්ධක අඬු. මේව අතිශයින්ම මහජන විරෝධීයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී යි. 


ආන්ඩුව මේ අසත්‍ය තොරතුරු මඩින්න  යන්නෙ "මහජන සාමය බිඳ වැටීම, විවිධ ජාතීන් හා ආගම් අතර බේද ඇතිවීම" ආදිය වලක්වන්න කියල නිවේදනයෙ දක්වල තියෙන්නෙ හරියට මේවට වගකියන්න ඕන මහජනතාව වගෙ. සිංහල ජනතාව හා මුස්ලිම් හා දෙමල ජනතාව අතර වාර්ගික බේද අවුස්සල, පාස්කු ප්‍රහාරය ගසාකාල හරි LTTE ත්‍රස්තවාදය නැවත පැනනගියි කියල  මුසාවාද හරි කියල, ඒ ජනතාවට වාර්ගිකව අසමාන විදියට පහර දීල, සිංහල වර්ගවාදී නඩ යොදාගෙන කම්කරු මහජනතාව වාර්ගිකව භේදබින්න කරන්නෙ ආන්ඩුව නෙමෙයි ද?


කොහොම නමුත් තේරුම් ගතයුතුයි මේ කිසිවක් ජාතික ප්‍රශ්න නෙවෙයි. අසත්‍ය තොරතුරුවලට එරෙහි උද්ඝෝෂනය දැන් ලෝකෙ හැම රටකම වගේ ඉදිරියට ගෙනල්ල තියෙන වැඩපිලිවෙලක්.  ඇමරිකාව, කැනඩාව, චිලිය,  අයර්ලන්තය, එංගලන්තය, ප්‍රංශය, මැලේසියාව,  සිංගප්පූරුව, ඉංදියාව ඇතුලු රටවල් ගනනාවක් මෑතකදිමත් මේ වගේ නීති ක්‍රියාත්මක කරමින්, නැත්නම් අලුතින් පනවමින් තියෙනවා. Facebook, twitter, google වගේ සමාජ මාධ්‍ය හසුරුවන ලෝක සංගත ආන්ඩුවලට මේවට ⁣අවශ්‍ය සහාය දෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තරව හැම රටකම කම්කරු පන්තිය අද මුහුනදීල ඉන්නෙ - රටින් රටට එහි ප්‍රමානාත්මක ප්‍රහාරය වෙනස් උවත් - එකම ස්වරූපයේ ධනපති මර්දනයකට.  


ප්‍රශ්නය: එසේ නම් ජනතාවට තියෙන විකල්ප වැඩපිලිවෙල කුමක්ද සත්‍යය හා ප්‍රකාශනයේ  නිදහස ආරක්ෂාව වෙනුවෙන්?


පිලිතුර: සත්‍යවශයෙන්ම "සත්‍ය" අවශ්‍ය මහජනතාවට, කම්කරු පන්තියට, පාලක පන්තිය ට ⁣නොවෙයි. පාලක පන්ති හැම රටකම ඉතිහාසය පුරාම මූලිකවම පදනම් වෙන්නෙ බොරුව මත. අද වගේ ආර්ථික හා දේශපාලන අර්බුද කාලවලදි ආඥාදායක්තවය, මිලිටරිවාදය, ඉස්සරහට දමමින් ජන අරගල පාගා දමන්න මිලිටරි පොලිස් යාන්ත්‍රනය යොදවනව වගේම ව්‍යාජ තොරතුරු, මිත්‍යාව, සාවද්‍ය මත, වැරදි සංඛ්‍යාලේකන, ඉතිහාසය විකෘති කිරීම ආදිය ඉදිරිපත් කරන ගමන් තමයි ආන්ඩු පාලනය ගෙනි යන්නෙ.  මේව වි්ධිමත්ව කරන්න ධනපති බුද්ධිමත්තු, විශේෂඥයො, විශ්වවිද්‍යාල න්‍යායාචාර්යවරු ආදීන් ඕනෑතරම් ආන්ඩුවලට සහායට ඉන්නව. මේ සියල්ලම පැහැදිලි කරන්නෙ ආන්ඩුවෙ ප්‍රහාරය දේශපාලනික යි කියන එක. ඒක නිකම් නීති ප්‍රශ්නයක් නොවෙ යි. ඒ නිසා ජනතාව උත්තර දෙන්න ඕන දේශපාලනිකව.  ඒ නිසා මහජනතාව ⁣නිරන්තරයෙන් ආන්ඩු ප්‍රශ්නගත කරමින්, මේ මර්දන වැඩසටහන් වලට එරෙහිව කිසිදු සහනයක් නොදී සටන් කල යුතුයි. 


හැබැයි මේ සටන් සාම්පුදායික කම්කරු සංවිධාන විදියට තියෙන ආන්ඩු වලට විවිධ අවස්ථා වලදි පන්ති සහයෝගය දෙන දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති හරහා කරන්න බෑ. මෑත ඉතිහාසය පුරාමත් ජාත්‍යන්තරවත් කම්කරු මහජනතාවගේ සැබෑ අත්දැකීම තමයි මේ පක්ෂ හා වෘත්තීය සමිති කම්කරු සටන් පාවා දෙමින් ආන්ඩුවල පාලනයට සහාය දීම. කම්කරු ජනතාව තමන්ගේ අරගල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්,  සියලු වාර්ගික බේදකිරීම් පරාජය කරමින් සෙසු  කම්කරු පීඩිත ජනතාව සමග එක්සත් අරගලවලට පිවිසිය යුතුයි. කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, ගුරු ක්‍රියාකාරී කමිටුව වගේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවා ඇති කමිටු ගනනාවක් ධනපති ආන්ඩුවේ මේ වැඩපිලිවෙලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් යටතේ සටන් කරනවා. මහජනතාවගේ ජීවිත මිලියන ගනනින් බිලි නොකර  වසංගතය අවසන් කිරීමේ විසඳුම තියෙන්නෙ ජාත්‍යන්තර තලයෙ වගේම, ඒක කරන්න පුලුවන් වෙන්නෙත්, ඒත් එක්කම හැම රටකම මහජනතාව අත් විඳින මේ ධනපති මර්දනය අවසන් කරන්න පුලුවන් වෙන්නෙත් එවැනි සැබෑ, සංවිධිත කම්කරු පන්තික වැඩ පිලිවෙලකට විතර යි. මහජනතාවගෙන් මම ඉල්ලන්නෙ මේ වැඩපිලිවෙලත් එක්ක වහාම එක්වෙන්න කියල. 


Tuesday, June 8, 2021

The Fight for the Release of Poet Ahnaf is primarily a Political Act of the Working Class

Below is the text of the speech made by Sanjaya Wilson Jayasekera, the Attorney-at-Law of the detained poet Ahnaf Jazeem at the public Zoom meeting held on 06 June 2021. Jayasekera spoke representing the the Action Committee for the Defence of Freedom of Art and Expression (ACDAE), as the President thereof and also as a Political Committee member of the Socialist Equality Party (SEP) of Sri Lanka.

The meeting was titled "Ahnaf Jazeem: 365 days & counting". Jayasekera spoke on the topic "Prevention of Terrorism Act & Unlawful Detention of Ahnaf Jazeem". The online Meeting was organized by "Minority Report".

***

Good Evening!

Almost four years before, when poet Ahnaf Jazeem launched his first anthology of poetry, Navarasam, at a grand a ceremony held in his village school, attended to by many 'distinguished' guests and poetry lovers, our poet could never have had even a fancy of a dream that he would have to perish the prime years of his youth in a prison cell, just because of the same well-received work of art. Having written poetry advocating social harmony, peace, empathy and in praise of 'God', as a young aspiring poet of a poor rural family of a day labourer, it would have been his most innocent wish that he would be receiving much recognition and his literary work would be much appreciated by the society. At the time when Ahnaf was arrested by Sri Lanka Police on 16 May 2020 at his home, upon an allegation of propogating Muslim extremism, which he could never have thought of, handcuffed and put in a police jeep along with all remaining copies of his poetry book and other books from his shelf, and carried to Colombo in a dark evening, he should have deeply felt that all these hopes were evaporating. 

Jayasekera addressing the meeting

By now it is well known, and I am sure that everyone who attends this meeting is well aware of the circumstances of Ahnaf's arrest, continued detention and the steps we have been taking in his defence, legally and, most importantly, politically.


When Ahnaf was unlawfully arrested, Sri Lanka police Conter-Terrorism and Investigation Division (well known as TID), initially alleged that he was suspected of having "published books on and taught his students ‘extremism’ and 'racism". He was unlawfully detained and is continuously put under TID custody, based upon purported detention orders, the validity of which we have challenged in Courts. One month after his arrest, the Criminal Investigation Department (CID) reported facts against the Poet to Fort Magistrate Court on the same allegations. After having obtained a damning scientific report from psychiatrists upon this literary work, since 03 March this year, the CID has expressly concluded its proceedings against the poet in that case.

The TID initiated its case against Ahnaf on 11 December last year, in the Chief  Magistrate Court of Colombo. TID cites several provisions of two infamous legislations - the Prevention of Terrorism Act (PTA) No.48 of 1979 and International Covenant on Civil and Political Rights (ICCPR) Act No.56 of 2007 - in reporting facts against Ahnaf and alleging that Ahnaf, 'the suspect', has been involved in activities such as directing individuals to Muslim extremist terrorist activities, aiding and abetting them, and concealing such information from the security forces, obstructing reconciliation in Sri Lanka and engaging in activities that endanger public peace, and thereby commiting offenses under Sections 3 (a), (b), 5 (a), (b) of the PTA and under Section 3 (1) (2) of the ICCPR Act. Both these acts, the PTA and ICCPR Act, have been used throughout the past to silence and suppress dissent, writers and political opponents by succeeding governments.

This case was last called on the 2nd March, 2021, and the Court refused to hear the Defence on the basis that the TID has filed the case only for the limited purpose of facilitating the detainee to make a statement to the Court under Section 127 of the Criminal Procedure Code, which provides that "any magistrate may record any statement made to him at any time before the commencement of any inquiry or trial". Though we disagree with this legal position, the case is currently laid-by indefinitely, permitting the TID to make an application to Court by way of motion  "when suitable circumstances are ready to produce the person to the Court". 

Friends, we know that what the TID is now doing is preparing these "suitable circumstances" by ill-treating and imposing duress upon Ahnaf, treating him inhumanely and degradingly in various ways, to intimidate and force him to give the most self-incriminating statement admitting to a fact, which the TID already knows, as per the B-Report filed in the Magistrate Court. As per the B-report itself, it manifests that the TID wants the poet to admit that during his period of education at Jamia Nalimia Institute, a well-known prestigious Muslim academic institution,  he was exposed to Muslim extremist ideologies, got interested in activities of ISIS terrorist organization and consequently resorted to extremist ideologies, which Ahnaf has continuously denied as false and reufused to admit. We also know that he is forced to admit that while working as a teacher, he taught students extremism, which too Ahnaf has denied as false.  


We also know that the allegation that the poetry book Navarasam contains ideas promoting Muslim extremism or violence is flatly rejected as false by experts on Tamil language and literature. 

These are all facts available before you all, which I have reasons to believe you all know well. 

Like Public Security Ordinance and Emergency Regulations, the PTA is such a draconian piece of legislation always resorted to by Sri Lanka government to detain suspects, most viciously during and after the 26-year racist war against Tamil people, and significantly after the 2019 Easter Sunday terrorist attacks against the Muslim community of the country.  According to Section 16 of the Act confessions made while in detention and during the investigation would be admissible during trial as evidence against a suspect, unless it is proved that the same was given under duress, which high burden falls upon the suspect. The PTA contains no express provision for Bail and once produced to Court under its Section 7, a detainee has to be sentenced till the conclusion of the trial against him. Ahnaf is not yet produced to Court under this Section. If Ahnaf is indicted upon these alleged offences under PTA and the ICCPR Act, and the same is proved against him, he faces the risk of being sentenced to a period between 5 to 20 years of imprisonment.

The Fundamental Rights (FR) application filed on behalf of Ahnaf is to be supported in the Supreme Court, when the conditions permit us so soon. 

Friends, it is now very clear for us that the poet's arrest and continued detention are arbitrary and unlawful, because all allegations against him are unfounded, and there was no reasonable or probable cause for his arrest. We have pointed out in our Fundamental Rights (FR) Petition and in the Public Petition launched by the Action Committee for the Defence of Freedom of Art and Expression (ACDAE) that the poet's arrest and detention is an anti-democratic act, which infringes, among other rights, the poet's right to freedom of expression and art. The FR Petition specifically states that "the arrest of Poet Ahnaf Jazeem was motivated purely by extraneous political reasons and compulsions in order to capitalize on the Easter Sunday Attacks and to feed a vicious racist campaign against the citizens of the Mohammedan faith and thereby to divide and rule the people of the country".

Now the question before us is, how is Ahnaf's release ensured? Let me say that this question is adequately responded only if the causes and circumstances under which Ahnaf was arrested are properly analysed and understood. This analysis was presented only by the World Socialist Web Site (wsws.org), the official international publication of the International Committee of the Fourth International (ICFI).

In an article published on 20 December 2020 in  WSWS, unreservedly opposing Ahnaf's detention, the Socialist Equality Party (SEP), the Sri Lankan section of the ICFI,  explained as follows:

"The Rajapakse government is deliberately promoting divisive communalism and anti-democratic attacks on writers as it confronts rising working-class struggles against its big business policies, its grossly inadequate response to the COVID-19 pandemic and moves towards a military-based presidential dictatorship."

The purpose of this hysterical anti-Muslim campaign endorsed by 'opposition' parties, the article explained, is " to divide and weaken the working class".


" Ahnaf, ...is the latest victim of the government’s anti-Muslim witchhunt," it explained.


In its statement published in the WSWS on 16 February (2021), calling the working people to rally around it to defend Ahnaf, ACDAE explained the circumstances under which this continued anti-Muslim witch-hunt is being waged: 


"Faced with an unprecedented economic and political crisis, president [Gotabhaya] Rajapaksa, from the very inception, serving the interests of capitalist big business, was consolidating a  presidential dictatorship, broadly based on the military. His government openly declared an economic war against the working class. The situation aggravated when in March last year the COVID-19 pandemic hit the island...

"In this backdrop, Rajapaksa government's witch-hunt against writers, journalists, social-media activists is, in a heightened form, a continuation of the  policies  of Sirisena-Wickremasinghe government, which re-initiated a deadly racist campaign against Muslims after the [Easter Sunday] terrorist attacks, supported by ultra-right Sinhala-Buddhist factions."

In the same manner, Rajapaksha government is continuing its racist witch-hunt against the Tamil community, strengthening its military occupation in the areas of North & East since the end of war, arresting youth and terrorizing local media and journalists, often quoting alleged national security threats.  Last November, the Valachchenai Police arrested a journalist name Kokilan Thasan, also known as Gokulan, under regulations issued in 2011 under the PTA to proscribe the Liberation Tigers of Tamil Ealam (LTTE), on bogus allegations of promoting the LTTE and its slain leader. He is yet in remand for more than six months, without any formal charges being filed in Court. 


Historically, racism has been an effective tool of capitalist class rule to divide and derail the working people from their united class struggles against capitalist rule, its austerity measures, and its anti-democratic and counter-revolutionary onslaught against the working people and the poor.  Raising a national security threat issue allegedly posed by an ethnic community is the most vicious form of this racist campaign.  It is this very tool that the Sirisena-Wickremasinghe government and now the Rajapaksha government have been utilizing against the Mulslim ethnic minority, attempting to cultivate Sinhala chauvinism against them. 


Discrimination on the basis of race, religion, language or any other identity is the essential manifestation  of government sponsered racist campaigns intended to divide the working class on ethnic and other identity lines to suppress united class struggles, especially at times of economic and political crises. Ethnic discrimination is therefore essentially  a product of Capitalism and its class system. 

This phenomena is not unique to the  capitalist rule of  Sri Lanka during the 73 year period since the formal transfer of power to local bourgeoisie by the British imperialism, which is celebrated by the ruling class every year as so called "independence". This is an international phenomenon. From the United States, Brazil, United Kingdom, Germany, France to India and in many other developing countries around world, what is daily observed is the militant working class struggles rising against governments' austerity measures, criminal and reckless responses to the global pandemic causing millions of deaths, against militarism and preparations for imperialist wars. On the other hand, governments around the world are consolidating  authoritarianism and dictatorship to counter these class struggles.

These manifest the essential principle that democratic rights therefore are essentially incompatible with the parasitic capitalist profit system,  its class system and unprecedented global inequality. Leon Trotsky, the co-leader of the great Russian Revolution, and the founder of the Fourth International, in his "Theory of Permanent Revolution" brilliantly explained this fact. He wrote, "[w]ith regard to countries with a belated bourgeois development"   like those in South Asia, "the theory of the permanent revolution signifies that the complete and genuine solution of their tasks of achieving democracy and national emancipation is conceivable only through the dictatorship of the proletariat as the leader of the subjugated nation".

The fight against racism, ethnic discrimination, inequality, dictatorship and for democratic rights is therefore essentially bound up with the abolition of this parasitic profit system and oppressive class system by revolutionary struggles of the oppressed masses led by the working class. 

Based on the above fundamental political understanding, it is only the Action Committee for the Defence of Freedom of Art and Expression (ACDAE), the Socialist Equality Party (SEP),  and the World Socialist Web Site (wsws.org) that have unequivocally declared that Ahnaf is a political prisoner and his arrest and detention is fundamentally a political act, necessitating a political fight to defend him and democratic rights. ACDAE is  waging a broad political campaign to defend Ahnaf and secure his release  based on the political programme that Ahnaf's  release is ensured only by a broad and united political fight against these arrests and assault on democratic rights by the working class of the island and internationally, cutting across all ethnic or racial divisions, rallying youth, artists, intellectuals and all those who value democratic rights around them, based on the programme of international socialism. 

The Online Public Petition launched by ACDAE to mobilize the masses around that political perspective and demand Ahnaf's immediate release, dropping of all criminal proceedings against him and full compensation for the suffering caused to him, has gained much public support within advanced sections of the urban working  class and the intelligentia and this campaign needs to reach a broader sections of the masses.  

ACDAE was established in August 2019 as part of ICFI's international perspective and  SEP's principled fight to defend freedom of expression of the working class, freedom of journalism and other democratic rights, to rally broad mass support for the  demand of the freedom of writer Shakthika Sathkumara, who was anti-democratically arrested for posting a short story in his Facebook account and remanded for four months to satisfy the racist Sinhala-Buddhist factions. His release was secured in the backdrop of international public campaign initiated and propagated by the Action Committee. 

Even one year after his unlawful arrest and detention, the TID has not concluded their so-called investigation and no indictectment has been filed against him. They use methods of intimidation, as usual, in an attempt to extract forced confessions from him, to prove their concocted case against the poet. The ACDAE demands the immediate release of Ahnaf and all other political prisoners including journalists and social media activists such as Gokulan, and immediate cessation of all unlawful criminal proceedings against them.  

Friends, while thanking all those who have supported the Public Petition and its perspective and urging you all to encourage your contacts to do the same and issue protest statements, I call upon all those attending this meeting to join the Action Committee, build its branches at your localities, and wage our fight forward for the Defence of democratic rights. I also urge, most importantly, the necessity to be politically educated  and therefore request from you all to study the programme and the perspective of the International Committee of the Fourth International, daily read the World Socialist Web Site and join the fight for international socialism.

Thank you!